අපි මේ ලෝකේ හැමදේම කරන්නේ මුදල් වෙනුවෙන්ද ?
සමහරවිට මේ ප්‍රශ්නෙට උත්තරය ඔව් වෙන්නත් පුලුවන් හැබැයි නැහැ වෙන්නත් පුලුවන්.
මිනිසුන්ගේ ජීවිතේට එන ප්‍රශ්නවලට බොහෝ වෙලාවට මුල් වෙන්නේ මුදල්.
මුදල් නිසාම අපි අපේ ජීවිතේ ගන්න තීරණ නිසා මුලු ජීවිතයක්ම වෙනස් වෙන්න පුළුවන්.
රාධිකා කියන්නෙත් අන්න ඒ වගේ ජීවිතයේ ආව මුදල් ප්‍රශ්න නිසාම තමන්ගේ ජීවිතේ කවදාවත් නොහිතපු පැත්තකට ගිය කාන්තාවක්.
ජීවිතේට නන්නාඳුනන පිරිමින්ගේ ඇඟ මිරිකන්න වෙන එක එක්තරා විදිහකට පාපයක්.
සමහර වෙලාවට මගේ තාත්තගේ වයසේ පිරිමින්ගේ හෙළුව අතපත ගාන්න වෙනවා කියන්නේ මොන තරම් අපුලක්ද ? හැබැයි පස්සෙ ලැබෙන මුදල තමයි හැමදේම නිවන්නේ. "
එහෙම කියන්නේ රාධිකා.. රාධිකා ස්පා පිරුණ තලවතුගොඩටට එන්නේ ජීවිතේ ආව ලොකූ ප්‍රශ්නයක් නිසා.
" මම හදිසියේම ප්‍රෙග්නන්ට් වුණා.
ඒ මගේ බෝයි ෆ්‍රෙන්ඩ් අතින්.
පස්සේ එයා මාව මගහැරියා.
මට දරුවා නැති කරන්න හිත දුන්නේ නෑ.
තාත්තෙක් නැති පුංචි මල් කැකුළක් තවමත් මගේ අම්මා ලඟ හැදෙනවා.
ඉතින් ඒ දරුවා හදාගන්න මට සල්ලි ඕනි....
ඉතින් ලේසිම රස්සාව මේක..අපුල වුණත් මට මේ රස්සාව කරන්න වෙනවා.හැබැයි ඒ ඔක්කොම අමාරුකම් මගේ දරුවගේ හිනාව මතක් වෙද්දි නැති වෙනවා."
තලවතුගොඩ ස්පාපුරය කියන්නේම විවිධාකාර ශෝකාලාපයන් මූලික කරගත් ප්‍රදේශයක්.
" මෙතනට විවිධාකාර මිනිස්සු එනවා කියන එක අමුතු දෙයක් නෙවෙයිනේ.
එන සමහරු ගාව සත්ව ගති වගේම මහත්මා ගතිත් උපරීමේට තියෙනවා.
බීලා එන මිනිස්සු කන්ට්ර්රොල් කරන්න ගියාම තමයි පුදුම විදිහට වද විඳින්න වෙන්නේ. සමහරු එනවා අපේ පපුව අතින් අල්ලන එකයි , ඉඹින එකයි තමයි එයාලගේ සතුට "
" මම මෙතනින් යන්න ඕනි..හැබැයි ඒ යන්න කලින් පොත්පත්වල සල්ලි ඉතුරු කරගෙන යන්න ඕනි.
මොකද මට ඉන්නවා දරුවෙක්..
එයා වෙනුවෙන් මම ජීවත් වෙන්න ඕනි.
මේ තමයි රාධිකාගේ කතාව...තවත් කතා ගොන්නක් තියෙනවා...එකින් එක අපි දිගහරින්නම්.ඔයාලා මිනිසුන් වෙනුවෙන් කියවන්න