කුමාර් සංගක්කාර කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ තවත් එක පරිච්ඡේදයක් ලියූ පුරාවෘත්තයක් බඳු ක්‍රීඩකයෙක්.
ඔහු මේ දිනවල ඉන්දීය ප්‍රිමිය ලීගයේ රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ පුහුණු උපදේශකයකු ලෙස කටයුතු කරනවා.
මේ අතරම රාජස්ථාන් කණ්ඩායමේ නායක සංජු සැම්සන් ගැන ඔහු අදහස් දක්වා තිබුණා.
එහි දී සංගක්කාර ඔහු ගැන ප්‍රකාශ කර තිබුණේ මෙවන් අදහසක්.
"ඔහු විශේෂ ක්‍රීඩකයෙක්, ඔහු නැවුම් සහ අවධානයෙන් සිටින විට ඔහුට කළ නොහැකි දෙයක් නැහැ,ඔහු නිහතමානී, පුද්ගලයෙකි... සමාජ මාධ්‍ය එතරම් භාවිතයක් නැති කෙනෙක්.
ඔහු පෞද්ගලිකත්වයට කැමති, කණ්ඩායමේ සෙසු අය ගැන සැලකිලිමත් වෙන කෙනෙක්.
ඒවා දක්ෂතාවයට අමතරව තිබිය යුතු විශිෂ්ට ගුණාංග.
මම හිතන්නේ ඔහු ලෝක කුසලානයට යන කණ්ඩායම තුළ සුවිශේෂී වේවි "
සංජු සැම්සන් මෙවර 20-20 ලෝක කුසලානයේ ඉන්දියානු සංචිතය සඳහා නම් කර සිටිනවා.