LSG කණ්ඩායම් හිමිකරු සන්ජිව් ගොයෙන්කා පසුගියදා සිය කන්ඩායම සහභාගී වූ තරගයක් අවසානයේදී එම කණ්ඩායමේ නායක කේ.එල් රාහුල් ආවේගශීලීව යමක් පවසන ආකාරය ජාත්‍යන්තර මාධ්‍යයන්හී අවධානය දිනාගන්නට සමත් වුණා.
එම සිදුවීම නැරඹූ බොහෝ දෙනක් කණ්ඩායම් හිමිකරුගේ හැසිරීම විවේචනයට ලක් කළ අතර එය සිදු නොවිය යුත්තක් ලෙසයි සැලකුවේ.මේ අතරම ඉන්දීය ජාතික කණ්ඩායමේ මොහොමඩ් ශාමි මේ සම්බන්ධව දැඩි ප්‍රකාශයක් කර තිබෙනවා.ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ ගෞරවාන්විත මිනිසෙකු ලෙස හැසිරිය යුතුව තිබුණ බවට ඔහු සඳහන් කර තිබෙනවා.
මේ මොහොමඩ් ශාමි දක්වා තිබුණ අදහස.
"ක්‍රීඩකයන්ට ගෞරවයක් තියෙනවා, ඔබත් ගෞරවාන්විත පුද්ගලයෙක්, බොහෝ දෙනෙක් ඔබ දෙස බලාගෙන ඔබෙන් ඉගෙන ගන්නවා. කැමරා ඉදිරියේ මේ දේවල් වෙනවා නම්... ඒක ලැජ්ජාවට කාරණයක්. ,"
"ඔයාලට එහෙම කරන්න වෙනවා නම් විවිධ ක්‍රම තියෙනවා. ඔයාට ඩ්‍රෙසින් රූම් එකේදිත් හොටෙල් එකේදිත් ඒ දේම කරන්න තිබුණා. පිටියේදී ඒක කරන්න අවශ්‍ය නැහැ.
" ඒක කණ්ඩායම් ක්‍රීඩාවක්, ඒ දවසේ සැලැස්ම සාර්ථක නැත්නම්, ඒක ලොකු දෙයක් නෙවෙයි. ක්‍රීඩාවේ ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. මට තේරෙනවා හොඳ හෝ නරක දවස් තියෙන්න පුළුවන්. නමුත් සෑම ක්‍රීඩකයෙකුටම ගෞරවයක් තිබෙනවා, මෙය ඉතා වැරදි පණිවිඩයක් දෙන්නේ," ෂාමි ලෙස ශාමි පවසා තිබෙනවා.
c