වගකීම කියන දේ අපිට පුංචි කාලයේ ඉඳලම දැනෙන්න ඕනි.
ලැබෙන වගකීම් හරියාකාරව ඉටු කිරීම තමයි අපේ වගකීම.
ඉතින් ඒ දේවල් කුඩා කාලයේම උගන්වන්නේ අපේ දෙමාපියෝ.
එක්කෝ අපේ ගුරුවරු.
මේ කියන්න යන කතාව අපිට එක්තරා අවස්ථාවක දේශනයකදි අහන්න ලැබුණ කතාවක්.
වගකීම් දරන්නේ කොහොමද කියන එක මට මුලින්ම දැනුනේ පාසල් කාලයේදී.
මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ අපේ ගමේ ඉස්කෝලේ.
අපේ පාසලට වතුර ලයින් එකක් තිබුණේ නැහැ.
තිබුණේ ලිඳක්.පායන කාලයකදි ඒ ලිඳෙත් වතුර අඩුයි...
ඒ වෙලාවට අල්ලපු වත්තේ තියෙන ගෙදරට ගිහින් ඒ ටැප් එකෙන් තමයි වතුර ගෙනාවේ.
දවසක් අපේ විදුහල්පතිතුමා මට කතා කරලා ජෝගුවක් දීලා කිවුවා ඒ ගෙදරට ගිහින් වතුර එකක් ගේන්න කියලා.
මම වතුර එකක් ගේන්න ගියා..
මම ඒ වෙද්දි පංති නායකයෙක්..
ඒ ගෙදර වතුර තිබුණෙත් නෑ..
ඒ ටැප් එකේ.
මම එහෙම්මම ඉස්කෝලෙට ඇවිත් ජෝගුව තවත් ළමයෙක් අතේ ඔෆිස් එකට යැව්වා.
ඒ යවලා විනාඩියක් ගියේ නැහැ.
විදුහල්පතිතුමාගෙන් පණිවීඩයක්.
මම ඔෆිස් එකට දුවලා ගියා.
යනකොට ගමේ සමෘද්ධි නිලදාරීතුමත් හිටියා...
ගිය ගමන් කනෙන් අල්ලගත්තා "
මෙහෙමද යකෝ වගකීමක් ඉෂ්ට කරන්නේ.
දෙයක් කරන්න දුන්නම ඒ වැඩේ ඉවර වෙනකන් මග අරින්න බෑ.
කාගෙවත් අතේ ජෝගුව එවල වතුර නෑ කියලා පණිවිඩ එව්වාම හරිද ? කියලා මගේ කනෙන් ඇල්ලූවා..
කනෙන් ඇල්ලුවාට වඩා ලැජ්ජයි සමෘද්ධි මහත්තයා දැකපු නිසා."
කොහොමෙන් කොහොම හරි මම වතුර එකක් ගෙනහල්ලා දුන්නා හැබැයි වගකීම කියන දේ ඉගෙන ගත්තේ ලොකු සර් නිසා...
ඇත්තටම එදා ඒ කන මිරිකපු එක මට හොඳටම දැනුනා.
ඊටත් වඩා වගකීම් ලැබුණාම ඉෂ්ඨ කරන්න ඕනි කියන දේ ඊට වඩා දැනුනනා.ඒ පුරුද්ද දැන් මට අතහැරගන්නම බෑ "