මේ එහි ගොස් පසුව ඔහුගේ සමාජ ජාලා ගිනුමේ තබා තිබූ සටහන.
සඳ කැලුම් ගලන පාර කොනේ
සීත දුරුත්තේ…
මුළු ලොවට හොරෙන්
ඔබයි ඇයයි රෝස කරත්තේ…
මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරි යන නාමය කන වැකුණු විගසින්ම සිහියට එන්නේ ඇයගේ රමණීය හඬයි. ඇය අන් කවරෙකුවත් නොව සනත් නන්දසිරි මහතාගේ ජීවන ගමන් මගෙහි සහකාරිය වූ ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද මල්කාන්ති නන්දසිරි මහත්මියයි.
ඇය ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ළමා මණ්ඩපයේ ආධුනික පැය වැඩසටහනෙහි ගායිකාවක ලෙස සිය පළමු ගීතය ගායනා කරමින් මෙරට සංගීත ක්ෂේත්‍රයේ සරල ගී ශිල්පිනියක ලෙස තම දක්ෂතාවය මනා ලෙස ඉදිරිපත් කරමින් රසික හදවත් සියුම් ලෙස ආමන්ත්‍රණය කළා .
මල්කාන්ති නන්දසිරි මහත්මිය ගායනයට පමණක් නොව රංගනයට ද එක ලෙස උපන් හපන් දස්කම් පෑ අතර මෙරට ප්‍රවීණ නාට්‍යකරුවෙකු වූ සුගතපාල ද සිල්වා මහතාගේ ' නිල් කටරොළු මල් ' වේදිකා නාට්‍යයේ ඈ පෑ රංග ප්‍රතිභාව මේ සඳහා හොඳම නිදසුනකි.
ජීවන මගෙහි සහකාරිය මෙන්ම සංගීත දිවියේ ද සහකාරිය ලෙස මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා සමඟ එක්ව 'සීත රෑ වසන්තේ, බඹරු නොදුටු මලක් පිපිලා, හිච්චි නගේ' ආදී ගීත ගණනාවක්ම ශ්‍රී ලාංකේය රසික හදවත් තුළට සමීප කරවීමට ඇයට හැකි වූවා .
මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා මෙන්ම ශ්‍රී ලාංකේය ගී කේත අස්වැද්දීමට මහඟු සේවයක් සිදු කළ විශාරද මල්කාන්ති නන්දසිරි මහත්මියට අපි නිදුක් නීරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරන්නෙමු.