2024 විස්සයි 20 ලෝක කුසලානය වෙනුවෙන් එයට සහභාගී වෙන රටවල් තම රට නියෝජනය කරන ක්‍රීඩකයින් නම් කර හමාරයි.
මේ අතරම නවසීලන්ත කණ්ඩායම නම් කිරීමත් සමගම නවසීලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කල තවත් එක්තරා ක්‍රිකට් ක්‍රීඩකයකු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කලා.
ඒ කොලින් මුන්රෝ.
2020 වසරේ සිට ඔහුට කිසිදු ජාත්‍යන්තර 20-20 තරගයකට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වුණේ නැහැ.
37 හැවිරිදි ඔහු ජාත්‍යන්තර පිටියෙන් ඉවත් වුණද ෆ්‍රැන්චයිස් ක්‍රිකට් පිටියේ රැඳී සිටින බවටයි සඳහන් කර තිබෙන්නේ.