ලොව පුරා ඉමහත් ආන්දෝලනයකට තුඩුදුන් Fifty shades of Grey සිනමා පටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන Dakota Johnson ඉතාම ජනප්‍රිය සිනමා තාරකාවක්. ලෝ වටා සිනමා රසිකයන්ගේ පැසසුම් මෙන්ම අනේකවිධ ගැරහුම්ද ලබමින් රංගනයේ නියැළෙන ඇය සමග එලී කොම් වෙබ් අඩවිය කළ සංවාදයක අනුවාදය පහත දැක්වේ.
ටෙක්සාස් හි නිරූපිකාවක්ව සිට, හොලිවුඩයට ආ මුල් කාලය ගැන ඔබ මොකද හිතන්නේ?
කිසිම විශේෂ හැඟීමක් නෑ. ඒක හරිම සරලයි. කිසිම කෙනෙක් මාව මුහුණෙන් හඳුනා ගත්තේ නෑ. අලූත් පුරයක්. මට තිබුණ හැඟීම එච්චරයි.
ආන්දෝලනාත්මක Fifty shades of Grey කෘතිය සිනමාවට නගද්දී ප්‍රධාන නිළිය හැටියට ඔබට ආරාධනා ලැබුණම මොනවද හිතුණේ?
මොනවද මට නොහිතුණේ? මට විවිධ දේවල් හිතුණා. මිනිස්සු මේ චරිතය හරහා මාව කාමුක නිළියක හැටියට ලේබල් කරාවි කියලා බයක් මට දැනුණා. මොකද මම තවම සිනමා ගමන පටන් ගත්තා විතරයි. මගේ වයස තාම අවුරුදු 27 යි. ඉතින් මුල වරද්දගන්න බැහැ.
එහෙමනම් ඇයි ඔබ ඒ චරිතය භාර ගත්තේ?
ඇත්තටම මට ඒක කරලා බලන්න ආසාවක් ආවා. ඒක හරිම වෙනස් චරිතයක්. ඒ වගේම ආන්දෝලනාත්මක චරිතයක්. වීරවරියක් වගේ මම ඒ චරිතය නොබියව භාර ගත්තා.
සිනමා තිරපිටපත භාර ගන්න පෙර ඔබ එහි නවකතාව කියෙව්වද?
ඔව්. මම ඒ පොත ඉතාම උනන්දුවෙන් කියෙව්වා. ඒ කෘතිය පුරා ලිංගික දර්ශන ඉතාම සවිස්තරව විස්තර කිරීමක් තමයි සිද්ධ වෙලා තිබුණේ. නමුත් මම ඒ දර්ශන ගැන හිතන්න යන්නේ නැතිව ඒ කෘතියේ යුවළ අතර ඇති මානසික තත්ත්වය කවර ආකාරද කියන එක ගැනම කල්පනා කළා. ඒ කල්පනා කිරීම හරහා මට මනෝ විද්‍යාත්මක ප්‍රවේශයක් ලබාගන්න පුළුවන් වුණා.
එහි ඔබ නිරූපණය කරන චරිතය සහ ඔබේ සැබෑ ජීවිතය අතර සමානතාවක් ඔබ දකිනවද?
ඔව්. මම කියන්නේ ලිංගික දර්ශන සම්බන්ධ නෙමෙයි. මනෝ විද්‍යාත්මකව මම ආදරය අපේක්ෂා කරන කෙනෙක්. ඇතැම් විට මම හිතන්නේ ඒ චරිතය වගේම හැඟුම්බර ආකාරයටයි. මම හිතන්නේ ලෝකයේ බොහෝ ගැහැණු හිතන්නේ ඒ විදියට තමයි.
චිත්‍රපටයේ අප දකින ලිංගික දර්ශන රඟගපාද්දී ඔබට අපහසුතාවක් දැනුණේ නැද්ද?
මම විවෘත වීමට ලැජ්ජා නැති නිර්භීත කාන්තාවක්. ඕනෑම කෙනෙක් ඉදිරිපිට ඕනෑම දෙයක් කිරීමේ ශක්තිය මා තුළ තියෙනවා. එහි රහස මා තුළ ලැජ්ජාව නොමැතිකමයි.
දර්ශන රූගත කරන අවස්ථාවත් ඉතාම රොමෑන්ටික් අත්දැකීමක් වුණාද?
කොහෙත්ම නෑ. ඔබ සියලූම දෙනා දකින්නේ කැමරාව ඉදිරිපිට ඇති දේ විතරයි. නමුත් දර්ශන තලයක වැඩිහරිය තිබෙන්නේ කැමරාවට පිටුපසිනුයි. ඒක කොහොත්ම රොමෑන්ටික් පරිසරයක් නෙවෙයි. අලෝකය, හා පටිගත කිරීම, අධ්‍යක්ෂණය, කලා අධ්‍යක්ෂණය, වේෂ නිරූපණය ආදී බොහෝ දේ වෙනුවෙන් රැස්වුණු විශාල කණ්ඩායමක් අපි දෙන්නා දිහා බලාගෙන ඉන්නවා. ඒ විතරක් නෙවෙයි, දර්ශන රූපගත කෙරෙන්නේ සීතල අයිස් කාමර තුළ නෙවෙයි. විදුලි ආලෝකයේ රස්නයට කාමර තුළදී දහදිය වැගිරෙනවා. හරිම උණුසුම් මෙන්ම එය හරි අපහසුයි. නමුත් පැනලා දුවන්න බැහැ. ඒ අපහසුතා දරාගෙන බොහෝම රමණිය විදිහට රංගනයේ නියැළෙන්න සිද්ධ වෙනවා.
ඔබේ මව මෙලනි ග්‍රිෆිත් මෙන්ම පියා ඩොන් ජොන්සන් ජනප්‍රිය හොලිවුඩ් තරු දෙකක්. එවැනි පවුලක උපත ලැබිම වාසනාවක්ද?
සඳමාලි වර්ණසූරිය