Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
Nov
17
අශාන්ගේ ආදරය හෂිනි පිළිගනීවිද? කණිෂ්කගේත්, හෂිනිගේත් විවාහයට කුමක් වෙයිද? පුංචි තිරය මත ලියැවුණු 'බටහිර අහස' - Video & Photos

- අශාන්ගේ ආදරය හෂිනි පිළිගනීවිද? කණිෂ්කගේත්, හෂිනිගේත් විවාහයට කුමක් වෙයිද? පුංචි තිරය මත ලියැවුණු 'බටහිර අහස' - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5 Views
හෂිනිට, කණිෂ්කට බලපාන අපලය....
ගමින් කොළඹට එන හෂිනිගේ ජීවිතය කෙසේ වෙනස් වෙයිද?
සතියේ දින පහේ ම රාත්‍රී 8.00ට හිරු ටීවී තුළින්...

චාමර ජනරාජ් පීරිස්ගේ නවතම ටෙලි වෘත්තාන්තයක් වන බටහිර අහස මේ දිනවල හිරු ටෙලි තිරයේ සතියේ දින පහේ ම රාත්‍රි 8.00ට විකාශය වනවා.

ශලනි තාරකා,සාරංග දිසාසේකර, එරංග ජීවන්ත, සුදර්ශන බණ්ඩාර, බුද්ධික සේමසිංහ, සුලක්ඛනා හේරත්, මොරින් චාරුනී, ජනක කුඹුකගේ, මනෝහාරි විමලතුංග, මැණික් විජේවර්ධන, ෂෙහානි කහඳවල, රංගි රාජපක්ෂ, තාර්යා කෙනඩි, අකිල දිසානායක, ෆා ක්‍රවුඩා, ටානියා ශෙනල්, සකුරා විමලසේන, රනිල් ප්‍රසාද්, නිෂාන් අබේසිංහ, අනුත්තරා දසනායක මෙම ටෙලි වෘත්තාන්තයේ රංගනයෙන් දායක වී තිබෙනවා.

මෙම ටෙලි වෘත්තාන්තය ගැන සති අන්ත පුවත්පතක මෙලෙස සටහනක් සඳහන් වුණා. එම සටහන පහතින්

පාරම්පරික වලව්වක ඉපදී හැඳී වැඩෙන හෂිනි සාම්ප්‍රදායිකව සිය ජීවිතය ගෙවන්නියකි. ඈ කණිෂ්කව දැන හඳුනා ගෙන සිටියේ පාසල් වියේ සිටම ය. කාලයාගේ ඇවෑමෙන් කණිෂ්ක හා හෂිනිගේ හදවත්වල ආදරය ලියලා වැඩෙන්නේ සොඳුරු ආදර කතාවකට පිටුවක් පෙරළමිනි.

එහෙත් ඒ ආදර විජිතයේ වැඩි කාලයක් සැරිසරන්නට ඔවුන් දෙදෙනාට ඉඩහසර වෙන්නොම වෙයි. ඒ ඔවුන්ගේ ආදර කතාව පිළිබඳ නිවැසියන්ට දැන ගැනීමට ලැබීමත් සමඟ ය.

මේ නිසා හෂිනිගේ සිතේ ඉපදෙන්නේ දුකකි. ඈ කණිෂ්කට ආදරය කළේ සැබෑවටම ය. තම මව්පියන්ගේ නොකැමැත්තත් සිය කැමැත්තත් අතර අතරමං වූ හෂිනිගේ සොඳුරු පැතුමන් සඵල වන්නේ නොසිතූවිරූ අයුරෙනි. ඒ කලක් ගිය පසුව ඇගේ මව්පියන්ගේ ආශිර්වාදය ඇටත්, කණිෂ්කටත් හිමිවෙමිනි.

හෂිනිගේත්, කණිෂ්කගේත් ආදර අන්දරය එලෙස ඒ ගම්පියසේ ගලාගෙන යද්දී මව්පියන් ඔවුන්ට රැගෙන එන ලද්දේ වෙනස් ම යෝජනාවකි. ඒ ඔවුන් දෙදෙනා විවාහ විය යුතු බව ය.

හෂිනිගේත්, කණිෂ්කගේත් ආදරය ලියාපදිංචි වන්නේ එලෙසිනි. එහෙත් ඔවුන් දෙදෙනාට එක්වන්නට බාධාවන යමක් වෙයි. ඒ ඔවුන් දෙදෙනාට බලපාන අපලයක් පිළිබඳ හෙළිවීම නිසාවෙනි.

ඒ අපල කාලය ගෙවෙනතුරු වෙන්වී සිටිය යුතු බව දන්වන ග්‍රාමයේ පන්සලේ ලොකු හාමුදුරුවෝ නිසා හෂිනිත්, කණිෂ්කත් ජීවත් වන්නේ සිය නිවෙසේවලම ය. මේ කුමන තත්ත්වයක් උද්ගත වුවද හෂිනිගේ මව්පියන් පවසන්නේ විවාහ මංගල උත්සවයක් නොපවත්වා සිය දියණිය කැන්දාගෙන යන්නට නොදෙනා බව ය.

මේ අතර කණිෂ්ක හෂිනිට උපදෙස් දෙන්නේ නිවෙසට වී නිකං කාලය ගත නොකරන ලෙසකි. ඈට පශ්චාත් උපාධිය සඳහා ලියාපදිංචි වන්නැයි පවසන නිසා ම එහි කටයුතු සඳහා කොළොම්පුරවරයට පිවිසීමට හෂිනිට සිදුවෙයි.

මෙතෙක් දුටුව විශ්වවිද්‍යාලවල පාඨමාලා අතරින් වෙනස්ම හැඩයක් ගන්නා පශ්චාත් උපාධි පාඨමාලාව ගැන ඇය මවිතයට පත්වෙයි. එවැනි වෙනසක් එහි ඇති වන්නේ ඒ පාඨමාලාවට සහභාගි වන අනෙක් ළමයින් නිසා ය. ඒ එහි ඉගෙනුම ලැබීමට පැමිණෙන්නේ අපේ රටේ ළමයින් පමණක් නොවේ.

විදෙස් රටවල විශ්වවිද්‍යාලවල ළමයිද මෙහි අධ්‍යාපනය ලබති. මෙවැනි ළමයින් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන පශ්චාත් උපාධි පාඨමාලාව නිසා හෂිනිට ඇසුරු කිරීමට ලැබෙන්නේ වෙනස් ම අදහස්වලින් සපිරි පිරිසකි.

මෙතෙක් ගම්පියසේ ගෙවුණු ජීවිතය හා බැඳී සිතුම් - පැතුම්වලින් සපිරුණු හෂිනිගේ සිතට නව සිතුම් - පැතුම් නිසා ඇති වන්නේ පෙරළියකි. සිය ග්‍රාමීය පරිසරයත්, නාගරික පරිසරයත් අතර දෝලනය වන ඇගේ සිතුම් - පැතුම් අතරට පිවිසෙන්නේ අශාන් නමැති තරුණයෙකි.

අශාන්ගේ ආදරය හෂිනි පිළිගනීවිද? කණිෂ්කගේත්, හෂිනිගේත් විවාහයට කුමක් වේද? ඒ ගැන දැන ගැනීමට නම් ඔබ මේ දිනවල හිරු රූපවාහිනියේ සතියේ දින පහේ ම රාත්‍රි 8.00ට විකාශය වන චාමර ජනරාජ් පීරිස්ගේ ‘බටහිර අහස‘ නැරැඹිය යුතු ය.

නිෂ්පාදනය - කපිල නවරත්න පික්ස් ඇන්ඩ් වෙනුවෙන් , රූපවාහිනි රචනය - බුද්දික සේමසිංහ , අධ්‍යක්ෂණය - චාමර ජනරාජ් පීරිස් , සහය අධ්‍යක්ෂණය - කුලුම් උඩුවාවල , කැමරා අධ්‍යක්ෂණය - රුවන් චමින්ද කුමානායක , කලා අධ්‍යක්ෂණය - කෝසල කරුණාරත්න , වේශ නිරූපණය - ක්‍රිෂාන්ත ජයබාහු , නිෂ්පාදන කළමනාකරණය - අජිත් සමන්ත, ටෙරන්ස් ද සිල්වා , සංස්කරණය - ජගත් වීරතුංග , සංගීත අධ්‍යක්ෂණය - විශ්ව සංකල්ප , තේමා ගීත රචනය - තුෂානි බුළුමුල්ල , ගායනය - ලක්මිණි උඩවත්ත.

ඡායාරූ පහතින් බලන්න




සියළු කොටස් මෙතනින් බලන්න
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top