Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
29
නිරුවත සමඟ හොඳ ගණුදෙනුවකට සිනමාවේදියෙකු හට අනෝමා ජනාදරීගෙන් ආරාධනාවක් - Photos

- නිරුවත සමඟ හොඳ ගණුදෙනුවකට සිනමාවේදියෙකු හට අනෝමා ජනාදරීගෙන් ආරාධනාවක් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views

‘‘මම මාකට් කළේ පූර්ණ නිරුවත“
‘‘මිනිස්සු හැම ගෑනු ඇඟක් දිහාම බලන්නේ ආසාවෙන්..“
‘‘මම රඟපාන්න ඕනේ හොඳ ලිංගික චිත්‍රපටයකයි..“

අනෝමා ජනාදරිගේ නම ඇසුණු ගමන්ම කාගේත් මතකයට එන්නේ ඇය කරන විලාසිතා ගැනයි. බොහෝ අය නම් කියන්නේ වයසට ගැළපෙන විලාසිතා ඇය කරන්නේ නැහැ කියලයි. කොහොම නමුත් ඇය සිනමාව හා පුංචි තිරය තුළ ප්‍රබල රංගනයක යෙදෙන රංගන ශිල්පිණියක්. මේ ඇය සමග පුවත්පතක් කළ කතා බහයි.


දැන් ගෙවන ජීවිතය ගැන  හිතට එකඟව සතුටුද?
මේ වෙනකොට මගේ වෘත්තීය ජීවිතයත් අරගලයක්. මට චරිතයක් ලැබුණම ඒ චරිතයේ සමාජ දේශපාලන අන්තර්ගතය වටහාගෙන මෙය රඟපෑම පළවෙනි අරගලයයි.

ඒ කියන්නේ ඔබේ ජීවිතයේ තියෙන්නේ ඉවරයක් නැති අරගල විතරයි?
ඔව්. ලංකාවේ ටෙලි හා සිනමා කර්මාන්තයේ මගේ රංගනයට අදාළව වෘත්තීය හිමිකම ලබාගැනීමත් මගේ ජීවිතේ අරගලයක්. මම මුලින් කිව්ව පළවෙනි අරගලයට අවශ්‍ය මම වගාකරගත්තු දැනුම, ගුරුහරුකම්, පර්යේෂණ කරන අරගලය තවමත් මට මූණදෙන්න පුළුවන් අරගලයක්. ඒත් වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීම කියන අරගලය බහුපාර්ශ්විකයි. එයට මාධ්‍යයේත් සදාචාරයේත් උදවු ඕන වෙනවා.

තනි තටුවෙන් පියාඹන්න චිත්‍රපටයත් ඔබට අරගලයක් වුණාද?
තනි තටුවට ගෙවන්න තිබුණ වෘත්තීය ප්‍රශ්නේදි මේ රටේ නළු නිළි සංගම්වත් ජනමාධ්‍යවත් මට උදවු කළේ නෑ. ඒ මම ගැහැනියක් හින්දා. ඒත් මම සටන තනියම ගෙනියනවා.

මේ දවස්වල වැඩිය පේන්නෙ නැත්තෙ කලකිරිලද?
ගාමිණී ෆොන්සේකා මුණගැහුණ වෙලාවක ඔහු මට කිව්වා කවමදාකවත් නළු නිළි කියන ජාතිය වැඩිය පේන්න හැමතැනම ගැවසෙන්න ඕනෙ නැහැ කියලා. ඔහු ඇහුවේ තමුසේ දන්නවද ෆිල්ම් ස්ටාර්ස්ලා ලංකාවේ බිහිවුණේ ක්‍රිකට් ස්ටාර්ස්ලාට කලින් විත්තිය කියලා. හැබැයි ෆිල්ම් ස්ටාර්ස්ලා ක්‍රිකට් ස්ටාර්ස්ලාට දෙවැනි වුණේ කුසලතාවෙන් වගේම හැමතැනම හැමවෙලාවෙම පේන්න ගිහින් නෝණ්ඩි වුණ නිසා කියලා. නිතරම නොපෙනී ඉන්නේ ඒ නිසා මිසක් කලකිරීමෙන් නෙමේ.

අනෝමා වැඩියෙන්ම තෘප්තිමත් වෙන්නේ මොනවායින්ද?
මම වැඩියෙන්ම තෘප්තිමත් වෙන්නේ රඟපෑමෙන්. නිළියක් හැටියට මම වැඩියෙන්ම තෘප්තිමත් වෙන්නේ පරස්පර චරිත රඟපෑමෙන්. ඒ චරිතවලට තියෙන අගය මුදලින් ලැබුණම පූර්ණ තෘප්තියක් වෙන ඕනෑම කෙනෙක්ට වගේ මටත් ලැබෙනවා. එහෙම නැතිවුණාම මගේ රඟපෑමේ ශ්‍රමය සූරාකෑමට ලක්වෙනවා.

ඔබ  රඟපෑ චරිතවලට ඔබට තෘප්තිමත් අගයක් ලැබුණද?
නෑ. මගේ ශ්‍රමය සූරාකෑමට ලක්වෙද්දී මම දුකට පත්වෙද්දී එය සූරාකෑ අධ්‍යක්ෂකවරයා හා නිෂ්පාදකයා මේ ධනපති ක්‍රමය ඇතුලේ පොහොසත්වෙලා තෘප්තියක් ලබනවා. ඉතින් මම වැඩියෙන්ම තෘප්තිය ලබන වෘත්තිය මගෙන් පරාරෝපණයවෙලා මම ඒකෙ ජීවිතයක් බවට පත්වෙනවා.

ඔබ රඟපෑ බොහෝ නිර්මාණ අධ්‍යක්ෂණය කළේ අශෝක හඳගම. ඒ කියන්නේ ඔබ සූරාකෑමට ලක්වුණේ අශෝක  හඳගමගෙන් කියලද කියන්නේ?
අධ්‍යක්ෂක කියන අය කියනවා මගේ චිත්‍රපටයේ ඔයාට චරිතයක් තියෙනවා. ඒ හින්දා ඔයා මගේ චිත්‍රපටයේ ශ්‍රම වහලෙක්, ලිංගික වහලෙක් බවට පත්වෙන්න කියලා. මේකට හොඳම නිදර්ශනය තමයි අශෝක හඳගම. ඔහු හදපු වේදිකා, ටෙලි, සිනමා නිර්මාණවල ප්‍රස්තුතය වුණේ ධනපති පන්තියේ කූට ශ්‍රම, ලිංගික, වහල් භාවයයි. ඒ නිර්මාණ හරහා අද වෙනකොට ඔහු ඔප්පු කරලා තියෙනවා වෛයිවාහක නීතිමය ලියවිල්ලක් මගින් මාව ලිංගික වහලියක් බවට පත්කරගෙන මගේ රඟපෑම නැමැති කුසලතා පූර්ණ ක්‍රමය අනවරත ලෙස සූරාකනවා කියන එක.

ඉතින්... එහෙම සූරාකෑමකට ලක්වෙද්දී ඔබට රඟපෑමෙන් තෘප්තිමත් වෙන්න පුළුවන්ද?
බෑ. ඒක ඇත්ත. ඔහු සමාජයට අඟවනවා ඔහු සමාජවාදියෙක් කියලා. ඒත් අද වෙනකොට ඔහු නිර්මාණ හරහාම ඔප්පු කරලා තියෙනවා ඔහු ධනපති පන්තියේ එල්ලිලා ඉන්න කුරුමිණියෙක් බව. ඔබට තේරෙනවද ගැහැනුන්ගේ තෘප්තිය උරාබොමින් ලේ මාපිලුන් වගේ පිරිමි ගැවසෙන හැටි..?

ඇයි අනෝමා අඩනිරුවත මාකට් කරන්නේ?
මම කවමදාකවත් අඩනිරුවත මාකට් කළේ නෑ. මම මාකට් කළේ පූර්ණ නිරුවත. ඒත් මගේ වුවමනාවට නෙමෙයි, අශෝක හඳගමගේ වුවමනාවට. උගත් විචාරකයකු වූ ඔස්කා මෙන්ඩිස් ලියූ ශ්‍රී ලාංකික සිනමාවේ මෙතෙක් ප්‍රතිරූපණය වුණ පූර්ණ නිරුවත නමින් ලියූ විචාරය කියවිය යුතුයි.

ඔබ කාලෙන් කාලෙට අමුතු අමුතු ෆොටෝ අරගෙන සමාජ වෙබ්ජාලවලට මුදාහරිනවා. මොකක්ද මේකෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන්නෙ? එහෙම පෙන්නන්න තරම් සුන්දර සිරුරක් ඔබට තියෙනවා  කියලා ඔබ හිතනවද?
ඔබ අහලා  තියෙනවද නළු කලාවේ රස නමය ගැන. එයින් ප්‍රමුඛතම රසයක් තමයි ශෘංගාර රසය. එය ලිංගිකත්වය පදනම් කරගත්තු රසයක්. ශෘංගාරය රසයක් කියලා නළු කලාවේ උගන්වද්දී එහි පදනම වන ලිංගිකත්වය ඉගෙන ගත නොයුතු වසන් කරගත යුතු කුණුහරුපයක් බව ඇතැමුන් උගන්වනවා. ඉතින් මේ ප්‍රතිවිරෝධය ඇතුළේ තනි තටුවේ  මගේ පූර්ව නිරුවත සදාචාරවාදී කුහකයන්ට කුණුහරුපයක් වෙනවා. ඒ ප්‍රතිවිරෝධය ඇතුළේ තව ප්‍රතිවිරෝධයක් වුණා. ඒ තමයි ඒ දර්ශනය කියාපාන්න මේ චිත්‍රපටය නිර්මාණය කරපු හඳගම මම ඉදිරියේ කුහක සදාචාරවාදියෙක් වීමයි. එතකොට මගේ නිරුවත ඒ නිර්මාණය ඇතුළේ ලඝුවෙන්නේ ඇන්ටි හිරොයින් හෙවත් ප්‍රතිශෘංගාරාත්මක චරිතයකිනුයි. මිනිස්සු නිරුවත් හෝ අඩනිරුවත් හැම ගෑනු ඇඟක් දිහාම බලන්නේ ආසාවෙන්. ඒක තමා ඇත්ත.

ඔබ ආසාවෙන් ඉන්න චරිතයක් තියෙනවද?
දැන් මම මතයක ඉන්නවා. මම රඟපාන්න ඕනේ හොඳ ලිංගික චිත්‍රපටයකයි. ගෘංගාර රසය හොඳින් ප්‍රේක්ෂකයා තුළ දනවන චරිතයක් ඇති චිත්‍රපටයකයි. බ්‍රජට් බාලෝ, සමන්ත ෆොක්ස් වැනි බටහිර සිනමාවේ කාමධේනුවන් ලෙස හඳුන්වපු නිළියන් රඟපෑ චිත්‍රපට වගේ. ලාංකික සිනමාවේ ස්ත්‍රී ප්‍රචණ්ඩත්වය සම්බන්ධ චිත්‍රපට හදවපු සිනමාවේදීන්ගේ මාකට්ස් සීක්‍රට් එක පුපුරවා හැරීමත් සැබෑ ස්ත්‍රීවාදී සිනමාවෙන් සිද්ධවිය යුත්තේ පුරුෂ මූලික සමාජය ලිංගික ප්‍රහස්ථයට පත්කිරීමත් කියන කාරණය උඩයි. ඉතින් මම ආරාධනා කරනවා හෙට දවසේ එවැනි සිනමාවේදියකුට මගේ නිරුවත සමඟ හොඳ ගනුදෙනුවකට.

ඒ පණිවිඩය කියාගන්න විදිහක් නැතුවද මෙච්චර කල් FB එකේ අර වගේ ෆොටෝ පාවිච්චි කළේ?
ඔව්.. ඒ පණිවිඩය කියන්න තමයි මම මගේ මුහුණපොතේ ශෘංගාරාත්මක ඡායාරූප පළකරන්නේ.

ඔබේ නිරුවත් ඡායාරූපයක් චිත්‍රයට නගන්නට සිත්තරුවෙක් කැමති වුණොත් ඔබ කැමති වෙනවද?
බර්ට් ගුණසේකර නම් ප්‍රවීණ ඡායාරූප ශිල්පියා මගේ ඡායාරූපයක් ඔහුගේ ඡායාරූප ප්‍රදර්ශනයට තිබ්බා. ඒකට මම හුඟාක් කැමතියි. ඒ වගේම චිත්‍ර ශිල්පීන් දහදෙනෙක් විතර දැනටමත් මගෙන් ඉල්ලීම් කරලා තියෙනවා මගේ නිරුවත් චිත්‍ර ප්‍රදර්ශනයක් කරන්න කැමතියි කියලා. මට මගේ මිල ගණන්වලින් ඉහළම ගාණ ගෙවන්න පුළුවන් දක්ෂතම චිත්‍ර ශිල්පියාට මගේ කැමැත්ත  දෙනවා.

මේ දවස්වල මොකද කරන්නේ?
පහුගිය දිනවල මම ටෙලිනාට්‍ය තුනක රඟපෑවා. 2015 අවුරුද්දේ මම චිත්‍රපටයකත් රඟපෑවා. ලොකුම ප්‍රශ්නය තමයි මේ වැඩකරපු නිෂ්පාදනවලින් මට හිමි මුදල ඉල්ලා ගැනීමයි. මේ දවස්වල ඒ අයගේ දුක් අඳෝනාවලට මම සවන් දෙනවා. ඒ අතරේ අලුත් චිත්‍රපටයක තිර පිටපතකුත් කියවනවා.

ජීවිතේ බලාපොරොත්තුව මොකක්ද?
මගේ එකම බලාපොරොත්තුව මගේ ආදරණීය පුතයි. එයාව හොඳින් හදාවඩා ගැනීමයි මගේ එකම බලාපොරොත්තුව. එයාට දැන් වයස අවුරුදු එකොළහයි. හැබැයි එයා ඉඳලා හිටලා මට ටිකක් කරදර කරනවා. ඒකට හේතුව කම්පියුටරයට වැටුණම එයාව පාඩම් වැඩවලට ගන්න ටිකක් අමාරුයි. ඒ වෙලාවටනම් අපි දෙන්නා සෑහෙන්න රණ්ඩුවක් කරනවා. ඒත් එයා හරි හොඳයි. මගේ එකම බලාපොරොත්තුව එයයි.

ජීවිතේ මුණගැහුණ සුන්දරම පිරිමියා කවුද?
මගේ ජීවිතේ මට මුණගැහුණ සුන්දරම පිරිමියා සුමිත් ජයලාල් අශෝක හඳගම.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top