දකුණ, නැගෙනහිර සහ ඌව පළාත්වලත් යාපනය, මුලතිව්, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව අද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා..
ඒ නිවේදනයට අනුව වවුනියාව, කිලිනොච්චි, මන්නාරමසහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති වීමට හැකියාව පවතිනවා..
සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි..
දකුණ, ඌව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවට සඳහන්..
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි වාර්තා වන්නේ..