ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ මාස 48ක විස්තීරණ අරමුදල් පහසුකම යටතේ වූ පළමු සමාලෝචනය සම්පූර්ණ කරන ලද අතර, එහි ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණය සඳහා සහාය වීමට ඇමරිකන් ඩොලර් මිලියන 337ක පමණ මුදලක් දෙවැනි වාරිකය ලෙස ලබා දීම සඳහා අනුමත කළ බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කරන්නේ...
එහිදී පළමු වාරිකය යටතේ ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය සතුටුදායක වූ අතර, එක් කාර්ය සාධන නිර්ණායකයක් හැර අනෙකුත් සියලුම දර්ශක ඉලක්ක ජූනි මස අවසානයේ සපුරා ගන්නා ලද බවත් ඔවුන් නිකුත්කළ නිවේදනයේ සඳහන්...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ එළැඹ ඇති මාස 48ක විස්තීර්ණ ණය පහසුකමේ පළමු සමාලෝචනය ඊයේ (12) සිදුකෙරුණු අතර, එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් දෙවැනි වාරිකය සඳහා වන අනුමැතිය ලබා දී තිබෙනවා...
එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා පවසා ඇත්තේ ලංකාව පෙන්නුම් කර ඇති ආර්ථික ප්‍රගතිය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑහීමට පත්වන බවයි..
මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට අනුමත කර ඇති ණය ප්‍රමාණය ඩොලර් මිලියන 670ක්..