ගැස්ට්‍රයිටීස් නැතිනම් අම්ලපිත්ත රෝගය කියන්නේ තරුණ වැඩිහිටි හුඟදෙනෙක් වේදනා විඳින රෝගී තත්ත්වයක්....
වෙලාවට ආහාර නොගැනීම, මානසික ආතතිය, තෙල් සහිත කෑම බීම සහ විවිධ හේතු නිසා ඇතිවෙන්න පුළුවන්..
සිරුර සිසිල් කර මේ තත්ත්වය ඉක්මනින්ම පාලනය කළ හැකි ස්වාභාවිකව ගුණදායක ආහාරයක් ගැන තමයි මේ ඔබට කියන්න යන්නේ...
මේ කියන්නේ කෝමාරිකා ව්‍යාංජනය ගැන... හැමෝම දන්නා රසවත් කෝමාරිකා මේ විදිහට සකස් කරගෙන ආහාරයට ගත්තොත් ඔබටත් පුළුවන් ඉක්මනින මෙම රෝගී තත්වය මඟහරවා ගන්න..
මෙන්න බලන්නකෝ මේ රසවත් කෝමාරිකා ව්‍යංජනය සකසන්නේ කොහොමද කියලා... කෝමාරිකා පිත්තේ ගසට සම්බන්ධ වන කොටස කපා කහ පැහැති ද්‍රාවණය ඉවත් වනතෙක් තබන්න...
මුවහත් පිහියකින් කෝමාරිකා පිත්තේ කොළ පැහැ පොත්ත ඉවත් කරගන්න (මදය ඉවත් නොවන සේ කෝමාරිකා තරමක කැබැලිවලට කපාගන්න...
මඳක් සෝදාගෙන භාජනයකට දමාගන්න... මැටි බඳුනක් ලිපේ තබා තෙල් එකතු කරන්න. එයට කරපිංචා, රම්පේ, කුරුඳු සහ සූදුරු දමන්න...
විනාඩියක් පමණ බැදගෙන එයට කපාගත් රතු ලූනු, සුදු ලූනු, මඳක් තළාගත් සේර සහ තක්කාලි එක්කරගන්න... විනාඩි 2ක් පමණ බැදගෙන එයට කපාගත් කෝමාරිකා එකතු කරන්න... ඉන්පසු මිරිස් කුඩු, තුනපහ කුඩු, කහ කුඩු, ලූණු එක්කරගෙන විනාඩි 3 ක් පමණ තෙම්පරාදු කරගන්න... ඉන්පසු පොල්කිරි දමා උතුරුවාගෙන ලිපෙන් බාගන්න...
කෝමාරිකා ඇඟට සිසිලස දෙන ආහාරයක් වුවත් එය ආහාරයට ගැනීම දිනපතා නොකළ යුතුය.
දිනපතා ආහාරයට ගැනීම වකුගඩුවල නිරෝගීතාවට බාධාවක් විය හැකි බැවින් සිසිල් ආහාර අතරට මසකට එක් වතාවක් පමණ කෝමාරිකා වෑංජනය ආහාරයට ගන්න...