මේ බබා...
ඇයි ?
අද නම් ඔන්න හොඳ දවසක් නේද?
අද බැහ්...මම ලෙඩ වෙලා...
ඔන්න කතාව කියන්න හදද්දිම මේ කියන්න යන්නේ මොකක්ද කියලා ඔයාට තේරෙන්න ඇති.
මාසික ඔසප් වීම කෙල්ලො නම් ඒක දන්නවා.
ඒ දවස්වලට තියෙන අමාරුව.
ඒ අස්සේ ඔයාගේ සහකාරයාගෙන් සෙක්ස් කරන්නත් ආරාධනාවක් ආවොත්...
අම්මෝ මට නම් බෑ කියනවට වඩා,ඔයත් කැමති නම් ඒ දවස්වලටත් සෙක්ස් කරන්න හැකියාවක් ඔයාලා දෙන්නට තියෙනවා.
මේ කියන්න යන්නෙ ඔසප් සමයෙදි ලිංගිකව එක්වෙන්න සුදුසු සහ පහසු ඉරියව් ගැන.ඊට කලින් මේ ටික දැන ගන්න.
හැමදාම වගේ මුලින්ම අපි කියන්නේ මොන දේ කරන්න ගියත් අවංකව දෙන්නට දෙන්නා කතා කල යුතුමයි.
මොකද තේරුම් ගැනීම මතයි හැමදේම රඳාපවතින්නේ.
(මතක ඇතුව මේ දිනවල සෙක්ස් කරනවා නම් තද පැහැ ඇඳ ඇතිරිලි භාවිතා කරන්න පුරුදු වෙන්න)
මෙහෙමයි...ගොඩාක් අය හිතනවා ඒ කාලයට සෙක්ස් කරන්න කෙල්ලන්ට ආශාවක් ඇති වෙන්නෙ නැහැ කියලා.
හැබැයි එහෙම වෙන කොටසක් ඉන්නවා.
මොකද දැනෙන වේදනාවත් එක්ක සෙක්ස් කරන්නත් හිත හදාගන්න බැරි නිසා.
හැබැයි කෙල්ලනේ ඔයාලා දන්නවද ඔසප් සමයේදී වඩ වඩාත් සෙක්ස් කරන්න,ඒ කියන්නේ හැඟීම් දැනෙන කාන්තාවනුත් සිටින බව සමීක්ෂණයකින් හෙලිකරගෙන තියෙනවා.
ඔසප් සමයෙදි ලිංගිකව එක්වීම හරහා වාසි සහ අවාසි කිහිපයක් ලැබෙනවා.මුලින් වාසි ගැන කතා කරමුකො.
ඔසප් වේදනාව අඩු වෙනවා.
මොකද ලිංගික ක්‍රියාකාරකම් නිසා රුධිර ගලනයට පහසුවක් ඇති වෙනවා.
ඒ වගේම තමයි රුධිර ගලනයට පහසුවක් ඇතිවන නිසා අභ්‍යන්තර වේදනාව සමනය වෙනවා.
තවත් කාරනාවක් තියෙනවා මානසික සුවය වගේම සුරාන්තය නිසාවෙන් හෝමෝන නිකුත් වීම හරහා ඔසප් කාලයේ කෙටි වීමක් දකින්න පුළුවන්.
වාසි එක්කම අවාසි ගැන කතා කරමු.
මේක අවාසියක්ම නෙවෙයි ගැටළුවක්.
මොකද ඔසප් සමයේදි හදිසියේ එක්වීමකට යන්න එපා.
මොකද අපිරිසිදු බව නිසා ඒවටත් සූදානම් පිට,සුදුසු තැනක තමයි වැඩේ පටන් ගන්න ඕනි.
හරි...අපි යමු ඔසප් කාලයෙදි ලිංගිකව එක්වෙන්න පුළුවන් ඉරියව් ගැන කතා කරන්න.
ඊට කලින් තව දෙයක් ඔයා ඔසප් කාල සීමාවෙදි tampons භාවිතා කරනවා නම් ලිංගික එක්වීමකට පෙර ඒවා ඉවත් කරන්න ඕනි.
නැත්නම් දන්නවනේ වෙන වැඩේ.
කෙල්ලනේ ඔයාලගේ ඔසප් සමය වේදනා සහිත නම් මේ ඉරියව්ව උත්සහ කර බලන්න පුළුවන්. ඔයා උඩුකුරුව වැතිරී දෙපා කෙළින් හෝ නිදහසේ වාතලයේ තබා ගන්න. එය ඔබට වඩා සුවපහසුවක් දැනෙනවා වගේම පහසුවකුත් දැනේවි.
නාන ගමන් සෙක්ස් කරන්න කවුද අකමැති.ඔයාට නාන ගමන් අත්හදා බලන්න පුළුවන්
ඔයා උඩුකුරුව, කලවා සහ දෙපා තද කරගෙන සිටින අතර ඔබේ සහකරු දණහිස් දෙකට බර වී උඩු කය සෘජුව තබා ගැනීම මේ ඉරියව්වයි. මෙහි දී ඔබේ ශ්‍රාවයන් පිටවීම සාපේක්ෂව අඩුවීමක් දැක ගන්න පුළුවන් වේවි.
එයාගේ ඇඟේ රුධිරය ගෑවෙන එක දකින එක ඔයාට අව්ල් නම් ඔයා මේ ඉරියව්ව අත්හදා බලන්න, . තුවායකින් ආවරණය කරන ලද කොට්ටයක් මත උදරයෙන් වැතිරී දණගසාගෙන සිටීම මේ ඉරියව්වයි.
ඔන්න ඔයාලට තවත් පාඩමක් ගෙනාවා.ඔසප් සමයේ හැඟීම් හිරකරගෙන ඉන්න අවශ්‍ය නැහැ.මේ ලිපිය කියවලා ඔයා එයා එක්කත් විවෘතව කතා කරලා මේ දේවල් අත්හදා බලන්න.අනික කොන්ඩම් භාවිතා කරන්න අමතක කරන්න එපා.