මේ සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය 5ක් අවශ්‍ය වෙනවා.... ඒත් එක්කම මේක සකසා ගන්නත් කිසියම් ක්‍රමවේදයක් තියනවා...
අපි බලමු ඒ කොහොම ද කියලා... මුලින්ම තල තෙල් ප්‍රධාන මාධ්‍ය කරගෙන කළුදුරු, නෙල්ලි, දෙහි, වැල්මී කුඩු මේ සඳහා අවශ්‍ය වෙනවා...
ආයුර්වේද ඖෂධ වලදී ප්‍රබලවම භාවිතා කරන තල තෙල් සමට ඉතා ගුණදායක වනවා සේම කේශමූල ශක්තිමත් කරන්නත් එය උපකාරී වෙනවා...
ඒ වගේම දෙහි සහ නෙල්ලිවල පවතින පෝෂක කොටස්වලින් සමට අවශ්‍ය සියලු පෝශක නොඅඩුව ලැබෙනවා.... කොහොම වුණත් කළුදුරු කියන්නේ ඉපැරණි ආයුර්වේදයේ එන අත්බෙහෙතක්...
ඒකනේ තෙල් ටිකක් හින්දාමත් අතීතයේදී කළුදුරු එකතු කලේ..... ඒත් එක්කම වැල්මී කියන්නේ අයුර්වේදයේ එන රෝග ගණනකට සුව දෙන වටිනා ඖශධයක්...
කොහොම වුණත් මෙය පිලියෙල කරගන්නේ මේ ආකාරයටයි.... තල තෙල් අඬු කෝප්ප කාලකට කළුදුරු ස්වල්පයක් වැල්මී කුඩු තේ හැන්දක් වගේම දෙහි ගෙඩි බාගයක යුශ එකතු කරන්න...
ඊට පස්සේ නෙල්ලි ගෙඩි දෙකක් තුනක් හොඳින් තලලා ඒකත් මේ තෙල් එකටම එකතු කරන්න... ඊට පස්සේ මේ සියල්ල හොඳින් මිශ්‍ර කරලා තෙල්වල පැහැය වෙනස් වෙනතුරු ටික වෙලාවක් මදගින්නේ තබා රත් කරන්න පසුව මෙය නිවිණු පසු හිසෙහි ගල්වා සම්භාහනය කර සෝදා දැමිය හැකියි...
සතියට කීප වතාවක් මේ වගේ මෙම සත්කාරය කලොත් ඔබට සිහින මවන නීරෝගීමත් කෙස්කළඹක් හිමි කරගන්නට පුළුවන්...