තවත් පිරිසක්,
"ලිංගික සංක්‍රාන්තිකයෙක්" බවත් කියනවා.
කෙනෙක්ට ඒ විදිහට හඳුන්වා දෙන්න පුළුවන් වුණත්, ඇය ව දැන් හඳුන්වන්න පුළුවන් එකම නම "යාරා ඇලන්."
ඒ කියන්නෙ ඇය දැන් ගැහැනියක්.
සුන්දරතම රූ සපුවකට හිමිකම් කියන ගැහැනියක්.
යාරා සමාජයට බය නැතුව ආපු ගමන තුළ, ඇය අද වන විට බොහෝ දෙනෙක් දැන අඳුනන "බ්‍රෑන්ඩ්" එකක් බවට පත්වෙලා.
එදා සමාජය කොයි තරම් කුරිරුකම් කළා වුණත් අද ඇය ඒ සමාජයට දැනමුතුකම් කියන්න තරම් ශක්තිමත්.
මේ කතා කරන්නෙ යාරා කියන ගැහැනිය.
ඒ ගැහැනියගේ කතාව යි මේ..
"ස්කූල් යනකොට රූල්ස් තියෙනවා. මෙතනට ආවම ෆ්‍රීඩම් එකක් තියෙනවා. අපි සෝශල්... අපේ දෙමව්පියෝ කිව්වෙත්, ගර්ල්ස්ලා එක්ක ඉන්නවා ෆොටෝ දානවා. මට අපේ අක්කි වගේම අම්මිත් මට සපෝටින්. එයාලට දුක ඇති. නමුත් මගේ පැත්තේ හිටියා. ඒගොල්ලෝ ට්‍රයි කළා, මට එපා කිව්වා. නමුත් අන්තිමට එයාලා කිව්වා, මම කැමති දේ කරන්න, හැබැයි ඒවයෙන් වෙන ප්‍රශ්නවලත් ඔයා මූණ දෙන්න, රෙඩි වෙලා ඉන්න. අඬාගෙන අපි ගාවට එන්න එපා කියලා අම්මා කිව්වා."
"ට්‍රාන්ස් ගැන දැනගන්න බැරිවුණත් මිනිස්සුන්ගේ ෆීලින් ගැන දැනගෙන ගරු කරන්න. දැන් සමාජය ටිකක් වෙනස් වෙලා තියෙනවා. කවුරුත් මෙච්චර ඕපන්ලී ඒ දවස්වල හිටියේ නෑ. මගේ ස්ටෝරි එකෙන් පස්සෙ ගොඩක් අය එළියට ආවා, වෙනස් වුණා..."
"මම ඒක ඕපන් කිව්වට පස්සෙ මට ලේබල් එකක් වදිනවා. ආ මෙයා.. මෙයා.. කියලා. මම කාටවත් ලේබල් වදිනවට කැමති නෑ. කවුරු මොනා කිව්වත් මම මගේ විදිහට ඉන්නවා. භූමි හැබැයි ඒකට ෆයිට් කරනවා. එයාට තරම් මට ගඩ්ස් නෑ."