Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
15
රතු වරකා නොහොත් ගිනි වරකා ගැන නොදන්න ඔබටයි මේ කතාව

- රතු වරකා නොහොත් ගිනි වරකා ගැන නොදන්න ඔබටයි මේ කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

192 Views
රතුවරකා අම්මලාට ඉතා වටිනා කෑමක්.
 
බොහෝ දෙනා නොදන්නා නමුත් ගිනිවරකා යනු සුව කිරීමට නොහැකි රෝගී තත්ත්වයන් කිහිපයක්ම සමනය කිරීමට හැකියාවක් ඇති පලතුරකි. බොහෝ දෙනා හරිහැටි නොහඳුනන ගිනි වරකාවල ගුණාත්මක භාවය මෙන්ම එහි ඇති ඖෂධීය වැදගත්කම පිළිබඳ සැකසෙන මෙම ලිපිය ආයුර්වේද වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා සමග කළ සාකච්ඡාවක් ඇසුරෙනි.
 
ඈත අතීතයේ සිටම කොස් ශ්රී ලාංකික ජන සමාජය තුළ පොදුවේ සියලු දෙනාම ප්රිය කළ ආහාරයකි.
 
මෙය ඈත අතීතයේ සිටම බත් සඳහා විකල්පයක් ලෙස භාවිත කළ බැවින් "බත් ගස" ලෙසින් ලාංකේය සමාජයේ ගෞරවයට පාත්ර වූ ආහාරයකි.
 
ව්යංජනයක් ලෙස මෙන්ම තම්බා ආහාරයට ගත හැකි කොස් ඉඳුන පසු රසවත් පලතුරකි.
 

ඉඳුණු කොස් ගෙඩියේ මෘදු මදුලු සහිත වර්ගය වැල වශයෙන්ද මදක් ඝනකමින් වැඩි මදුලු සහිත ප්රභේදය වරකා වශයෙන් අප හඳුන්වයි.
 
එමෙන්ම වැල යනු කොස්ගසෙහි ස්ත්රී ශාකයේ ඉඳුණු මදුලු ලෙසත් වරකා යනු පුරුෂ ශාකයේ ඉඳුණු මදුලු ලෙසත් ජනප්රවාදයේ පැවැසේ. වැල සහ වරකා රසයෙන්, සුවඳෙන් හා ස්වභාවයෙන් වෙනස්ය.
 
එහෙත් පෝෂණ ගුණයෙන් මේ දෙවර්ගය එක සමාන වේ. කොස් වාතය ප්රකෝප කරන ආහාරයක් වශයෙන් ප්රකට වුවද වැල සහ ගිනි වරකා වාතය හා පිත සමනය කිරීමට සමත් ආහාරයකි.
 
එහෙත් සවස් කාලයේදී වැල සහ වරකා ආහාරයට ගැනීම නුසුදුසුය. ඒ බැව් ශ්රී ලාංකික ජන සමාජය තුළ ප්රචලිතය. එයට හේතුවන්නේ හවස් කාලයේදී වැල සහ වරකා ආහාරයට ගැනීමෙන් එමගින් ඒවා අජීර්ණ වීමට ඇති ඉඩකඩ වැඩිවීමය. එබැවින් වැල සහ වරකා ආහාරයට ගැනීමට සුදුසු වන්නේ දහවල් කාලයේදීය. එලෙස ආහාරයට ගැනීමේදී එයට ලුණු හා ගම්මිරිස් ස්වල්පයක් එක් කර ආහාරයට ගැනීම වඩාත් සුදුසුවේ. එමගින් උදරාබාධ ඇතිවීමෙන් වැළකිය හැකිය.
 
වරකා බංගල්දේශයේ ජාතික පලතුර ලෙස නම්කර ඇත. තන්තු බහුල ආහාරයක් වන පොටෑසියම්, මැග්නීසියම්, කැල්සියම්, යකඩ, ඛනිජ ලබන, විටමින් බි, විටමින් ඒ සහ විටමින් ඕ වැනි පෝෂ්ය පදාර්ථ ගණනාවකින් පොහොසත් පලතුරකි. එමෙන්ම විටමින් ඕ සංකීර්ණයේ පෝෂ්යපදාර්ථ බොහොමයක් අඩංගු පලතුරකි. ගිනි වරකා මදුලු කෝප්පයක් ගත හොත් එහි කැලරි 155 ක් පමණ ප්රමාණයක් ඇත.
 
එමෙන්ම ගිනි වරකා වල සුක්රේස්, ෆ්රුක්ටෝස්, ග්ලූකොස් යන සීනි වර්ගයන් අඩංගුය. පුද්ගලයකුට දෛනික අවශ්ය විටමින් අවශ්යතාවයෙන් 25 ක් හා 11 තන්තු ප්රමාණයක් ගිනි වරකා මදුලු කෝප්පයක අඩංගුය. එබැවින් ගිනි වරකා පෝෂණ ද්රව්ය වලින් අනූන ආහාරයකි.
 
විශේෂයෙන්ම ගිනි වරකා සම්බන්ධයෙන් මෑතකදී කරනලද පර්යේෂණ වලින් තහවුරු වී ඇත්තේ ගිනි වරකා පිළිකා මර්දනය කිරීමට හැකියාවක් ඇති පලතුරක් වන බවයි.
 
විශේෂයෙන්ම අන්ත්රවල ඇති වන පිළිකා මර්දනයට සමත් ආහාරයක් ලෙස ඇමෙරිකාවේ ජාතික පිළිකා ආයතනය කරන ලද පරීක්ෂණවලදී තහවුරු වී ඇත. ගිනි වරකා තුළ පිළිකා මර්දනය කිරීමට හැකියාවක් ඇති විශේෂ සංයෝග කිහිපයක් අඩංගුය. අයිසෝප්ලේවින්ස් ලිග්නැන්ස් නමැති ප්රතිපිළිකා සංයෝග වලින් අනූන වරකා ආහාරයට ගැනීම මගින් පිළිකා වලට එරෙහිව ක්රියාත්මක විය හැකි බව සොයාගෙන ඇත.
 
එමෙන්ම ගිනි වරකාවල අඩංගු සැපොනින් නම් සංයෝගය මගින් පිළිකා සෛලවල බන්ධනයක් ඇති කර එම සෛල වර්ධනය අඩාල කරගත හැකි බව වරකා සම්බන්ධයෙන් කරන ලද නව්යතම විද්යාත්මක පර්යේෂණ මගින් සොයාගෙන ඇත.
 
එමෙන්ම ගිනි වරකාවල අඩංගු සැපොනින් සංයෝගය නිසා ලියුකේමියා ⁣සෛල සමග යම් ආකාරයකට සටන් කිරීමට හැකියාවක් ද ඇති බව සොයාගෙන ඇත.
 
ගිනි වරකා ආහාරයට ගැනීමෙන් ඊස්ට්රජන් හෝමෝනය මගින් ලැබෙන ආරක්ෂාවට සමාන ආරක්ෂාවක් කාන්තාවන්ගේ සෞඛ්යයට ලැබෙන බවද මෑතකදී කරන ලද විද්යාත්මක පර්යේෂණ මගින් සොයාගෙන තිබිම විශේෂත්වයකි. මේ හෙයින් වරකා කාන්තාවන්ගේ සෞඛ්යයට ඉතා ප්රතිඵලදායි පෝෂ්යදායී ආහාරයකි. වරකා වල අඩංගු ප්රතිඔක්සිකාරක සංයෝග මගින් පොදුවේ සියලුම පිළිකාවලට එරෙහිව සටන් කිරීමට හැකියාවක්ද ඇති බව විද්යාත්මකව කරන ලද පර්යේෂණවලදී සොයාගෙන ඇත.
ගිනි වරකා ආහාරයට ගැනීමෙන් ආමාශය මහබඩවැල්, කුඩා බඩවැල් වැනි ඉන්ද්රියයන්හි වියළි ස්වභාවය අඩුකර තෙත් ස්වභාවයක් ඇති කර එම ඉන්ද්රියයන් පිරිසිදු කිරීමේ හැකියාවද ඇතිවේ.
 
ගිනි වරකා මදුලු වල ඇති තන්තු බහුල බව නිසා මල බද්ධය නැති කර මල පිටවීම හොඳින් සිදු කර ගැනීමට හැකිවේ. 
 
ශරීරය ශක්තිමත් වීමට අක්මාව ශක්තිමත්වීමට හා හමේ පැහැපත් බවක් ඇති කර ගැනීමට මෙන්ම කිරිමව්වරුන්ගේ කිරි පිරිසිදු කර ගැනීමට මතක ශක්තිය හා ධාරණ ශක්තිය වර්ධනය කර ගැනීමට ගිනි වරකා ආහාරයට ගැනීමෙන් හැකිවේ. ගැබිනි සමයේ වරකා ආහාරයට ගැනීමෙන් දරු ප්රසූතිය පහසුවන අතර දරුවන් නොමැතිව පීඩාවට පත්වන අඹුසැමි යුවළකට මඳසරුභාවයට පිළියමක් ලෙස යම් සහනයක් ලබා ගැනීමට ගිනි වරකා ආහාරයට ගැනීමෙන් හැකිවේ. විශේෂයෙන් පුරුෂයන්ගේ ශුක්රාණු වර්ධනය කිරීමට ද සමත් ආහාරයකි.
 
ගිනි වරකාවල හා වැල සුගන්ධය එහි අඩංගු විශේෂිත වූ රසායනිකයක් මගින් ඇතිවේ. වරකා ප්රභේද කිහිපයකි. ඒවා "පැණි වරකා" "ගිනි වරකා" ආදී වශයෙන් දැක ගත හැකිය. ගිනි වරකා රතු පැහැයට හුරු තැඹිලි පැහැයෙන් යුත් වරකා මදුලු වලින් යුක්තවේ. පැණි වරකා ඉතාම පැණිරසයෙන් යුත් රසවත් බවෙන් වැඩි ආහාරයකි.
 
වරකා මදුලු පමණක් නොව වරකා ගසේ කොළ, පොතු, මුල් හා වරකා මදුලු වල කොහොල්ලෑ ද විවිධාකාරයේ රෝගී තත්ත්වයන් කිහිපයක් සඳහාම මහඟු ඖෂධයකි.
 
උපුටා ගැනීමකි
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top