Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
24
"සාමාන්‍ය පවුලක දරුවෙක් විදිහට හැදිලා වැඩුණු මම, සමහර දේවල් දැකලා විතරයි තිබ්බේ. ඒත් දැන් මම ඒවා අත්විදිනවා.." - සංඛ දිනෙත්

- "සාමාන්‍ය පවුලක දරුවෙක් විදිහට හැදිලා වැඩුණු මම, සමහර දේවල් දැකලා විතරයි තිබ්බේ. ඒත් දැන් මම ඒවා අත්විදිනවා.." - සංඛ දිනෙත්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

33 Views
"එදා හොඳටම වැස්ස, ඒත් 7000ක් විතර සෙනග මම ඒ ගීතය ගායනා කරනකල්ම හිටියා.."

"උදිත් නාරායන් තමයි කිව්වේ Mash Up එකක් කරන්න කියලා.."

තාරුණ්‍යයම වසඟයට ගත් ලයාන්විත කට හඬක් හිමි ඔහු නැවුම් වූ නිර්මාණ එක්ක ජනතාව අතරට එන ගායකයෙක්. සංඛ දිනෙත් කියන්නේ එක එක රසට ගීත ගයන දක්ෂ ජනප්‍රිය ගායකයෙක්. ඒ නිසාම ඔහුට ආදරේ කරන රසිකයින් වෙනුවෙන් ඔහු ගැන අලුත් තොරතුරු කතා කරන්න අපි හිතුවා. මේ සංඛගේ අලුත් තොරතුරු ගැනයි.

සංඛ කොහොමද අලුත් තොරතුරු..?
වරදක් නැහැ. නිර්මාණ කටයුතු එක්ක වගේම පවුලේ වැඩකටයුතු එක්ක කාලය ගත වෙනවා. සතුටින් ජිවත් වෙනවා කිව්වොත් හරි.

සංඛ නිතරම එක එක රසට ගීත නිර්මාණය කරන ගායකයෙක්නේ. අලුතින් නිර්මාණ කරන්න අදහසක් නැද්ද..?
කාලෙන් කාලෙට එක එක රසට ගීත නිර්මාණය කරනවා. ඉතින් මේ කාලෙට ගැළපෙන විදිහට Mash Up එකක් කළොත් හොඳයි කියලා හිතුව නිසා මම පසුගියදා Dilki Awaaz කියලා හින්දි ගීත දෙකක Mash Up එකක් කළා. අලුතින්ම කළේ ඒ නිර්මාණය තමයි.

ඔබට වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ තරුණියන්ගෙන්නේ. කොහොමද මේ නිර්මාණයට ඔබට ලැබෙන ප්‍රතිචාර..?
ප්‍රතිචාර ඉතාම හොඳයි. එක එක විදිහට ප්‍රතිචාර ලැබෙනවා. Mash Up එකට ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ විතරක් නෙමෙයි ඉන්දියාවෙනුත් ප්‍රතිචාර ලැබුනා. ඒ ගැන ඇත්තටම සතුටක් තියෙනවා.

කාලයක් Mash Up රැල්ලක් ආවා. ඔබත් මේ රැල්ලටද ගහගෙන ගියේ..?
මේ Mash Up එකට අමතරව තවත් Mash Up තුනක් මේ වෙද්දී කරලා තියෙන්නේ. ඒවටත් වීඩියෝ නිර්මාණ කළා. මම මිට අවුරුදු තුනකට කලිනුත් Mash Up එකක් කළා ආදිත්‍ය නාරායන් එක්ක. මගේ කොන්සට් එකට කලින් එය එළිදක්වලා තිබුණු නිසා කොන්සට් එක දවසේ ඒ Mash Up එක බලාපොරොත්තුවෙන්ම හැමෝම හිටියා. එදා හොඳටම වැස්ස දවසක්. රසිකයින් 7000ක් පමණ කොන්සට් එකට ආවා. මහා වැස්සේ කොන්සට් එක ඉවර වෙනකල්ම හිටියා මමයි ආදිත්‍යයි ගයන Mash Up එක රස විදින්න. මම එදත් රැල්ලට නෙමෙයි Mash Up කලේ. අදත් රැල්ලට නෙමෙයි Mash Up කරන්නේ. මම එක එක අත්හදා බැලීම් කරනවා. මේකත් එහෙම අත්හදා බැලීමක්.

ඒ කියන්නේ ආයෙමත් ඔබෙන් ඒක පුද්ගල ප්‍රසංගයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියන එකද..?
ඔව්. පෙබරවාරි මාසේ නෙළුම් පොකුණ රඟහලේ කොන්සට් එකක් කරන්න ප්ලෑන් කරලා තියෙනවා. නමුත් රටේ තත්වය එක්ක එය මාර්තු මාසේ පවත්වන්න තමයි දැනට කටයුතු කරමින් යන්නේ. ඒ වගේම ලබන වසරේ උදිත් නාරායන් එක්ක ගීතයක් කරන්න ඉන්නේ. ඔහු තමයි මට යෝජනා කළේ ඒ ගීතය කරන්න කලින් Mash Up එකක් කරන්න කියලා. ඔහු කියනවා මම ඔහුගේ තදබල රසිකයෙක් කියලා. ඉතින් එතුමා එක්ක වැඩ කරන්න මමත් කැමතියි. ඔහුගේ යෝජනාවක් තමයි Mash Up එකක් හැටියට එලියට ආවේ.

ඔබ ඉන්දීය සිනමාපටයක සංගීත අධ්‍යක්ෂවරයා හැටියටත් කටයුතු කරනවා කියලා ආරංචියි..?
ඔව්. සංජනා මලහෝත්‍රා නිෂ්පාදනය කරන සිනමා පටයක් මම සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වෙනවා. එය හොඳ අවස්ථාවක් හැටියට මම දකිනවා.

ඇතැම් ජනප්‍රිය තරු විවාහයත් එක්ක නිහඬ තරු බවට පත් වෙනවා. රසිකයින්ගෙන් ප්‍රතිචාර ලැබෙන්නේ නැහැ. නමුත් සංඛට විවාහයෙන් පස්සේ හොඳයි වගේ නේද..?
පොදුවේ ජනප්‍රිය තරු දිහා බැලුවොත් බොහෝ දෙනෙක් විවාහයත් එක්ක තරු ගුණය අඩු වෙලා යනවා. නමුත් මට එහෙම වුනේ නැහැ. විවාහ වෙලා වසර ගණනක් ගත වුනත් එදාට වැඩිය අද මට ප්‍රතිචාර ලැබෙනවා. ඒකට හේතුව විවාහය නෙමෙයි. පැවැත්ම වෙන්න ඇති. කොහොම නමුත් මම විවාහ වෙලා ඉන්නේ කියලා නොදන්න කෙනෙක් නැහැ. කොහේ ගියත් ජනතාව මට ආදරෙයි. මම විවාහ උත්සව වලට යනවා . සමහර පෙම්වතුන් මුණගැහිලා තියෙන්නේ මගේ ගීතයක් නිසා. සමහර මනමාලියන් කැමතිම ගායකයා මම. ඉතින් ඒ ගැන සතුටු වෙන්න පුළුවන්. මම හිතනවා දුගී දුප්පත් පැලක ඉන්න තරුණයාගේ ඉදලා මහා ධනවතුන්ගේ දරුවන් පවා මට ආදරෙයි. ඒක වාසනාවක්. මධ්‍යම පංතියක දරුවෙක් විදිහට හැදිලා වැඩුණු මම සමහර දේවල් දැකලා විතරයි තිබ්බේ. දැන් මම ඒවා අත්විදලත් තියෙනවා. ඒකට හේතුව රසිකයින්ගෙන් මට ලැබෙන ආදරය තමයි.

ඔබේ නම ඉදිරියට රැගෙන යන්න පුතෙක් ඉන්නවා. කොහොමද ඔහුගේ දක්ෂතා..?
පුතාගේ නම යුගාන්. වයස 4යි. එයා මගේ වයිෆ්ගේ පෙනුමට බරයි. පුතාගේ පෙනුම මට වඩා හොඳයි. ඉදිරියේදී මොනවා කරයිද කියලා මම දන්නේ නැහැ. අනාගතයේදී එයා මොන ක්ෂේත්‍රය තෝරා ගත්තත් මට ඕන එයා මම වගේ වගකීමකින් හොඳ දරුවෙක් වෙන එකයි. එයා මම වගේ සංගීතය නොකරට කමක් නැහැ. කන්තෝරුවක වැඩ කලත් කමක් නැහැ. නමුත් නිහතමානිකම, සෘජුව තීරණ ගන්න ළමයෙක් වුනොත් ඇති. මම හම්බ කලේ මුදල්වලට වඩා මිනිස්සු. මගේ පුතත් එහෙම වෙන්න ඕන කියලයි මම හිතන්නේ.

හර්ෂණී වීරරත්න




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top