වතුර උගුරක් කටට අරං උඩ බලන් බෙහෙත් බීලයි ලෙඩ හොඳ කරගත්තේ. දවස් ගානක් උඩ බලන් හඳ ඇඳලයි ආරම්භක විද්‍යාවට ලකුණු ගත්තේ. අහස් යාත්‍රාවක් යද්දි උඩ බලන් ඩිෂුං ඩිෂුං කියලා වෙඩි තියලයි සෙල්ලම් කරේ. පොඩි කාලේ උඩ බලන් කොච්චර දේවල් කරත් ලොකු කාලේ වැරදිලා හරි උඩ බලන් හිටියොත් දාහකුත් කයි කතන්දර අහන්න වෙනවා.
මොකද උඩ බලන් හඳ අල්ලන්නද? වහලේ උළු ගනිනවද? කෙල්ල දාලා ගියාද? හැබැයි ඉතිං ජූලි 2 වෙනිදට ඔබ උඩ බලන් හිටියොත් කවුරුත් මුකුත්ම කියන එකක් නෑ. ඔබට මොනවත් කියන්න කවුරුත් ඔබ දිහා බලන එකකුත් නෑ. මොකද එදාට හැමෝම ඉන්නේ උඩ බලන්. ජූලි 2 තමයි ලංකාවේ වැඩිම පිරිසක් එකම වෙලාවකදි උඩ බලන දවස.
මෙදා ලංකාවම උඩ බලන් ඉන්නේ වාසි ගොඩාක් ලැඛෙන නිසාලු. ඒ වාසි මොනවද කියලා තාම හරියටම කියන්න බැරි වුණත් ඒ වාසි සියල්ලම ඉතා වටිනා ඒවා කියලයි අපිට ආරංචි වුනේ.
සමහරු තනි තනියෙන් උඩ බලන්න ප්ලෑන් කරන අතරේ තවත් සමහරු කට්ටියම එකට සෙට් වෙලා උඩ බලාගෙන ඉන්න ප්ලෑන් කරනවා කියලත් දැනගන්න ලැබෙනවා.
ලැබුණු ආරංචි හැම එකක්ම ගලපගෙන යද්දි මෙච්චර කාලෙකට උඩ බලන් හිටියට මුකුත් නොලැබුණත් ජූලි 2 උඩ බලන් ඉන්න හැමෝටම වාසි ගොඩාක් හිමි වෙනවා කියන එක අපිට බොහෝම විශ්වාසයෙන් කියන්න පුලුවන්. ඒ හින්දම ජූලි 2 වෙනිදට ලංකාවේ වැඩිම පිරිසක් උඩ බලන් ඉන්න කතාව පිළිබදව අලගිය මුලගිය තැන් හොයන වැඩේ අපි පටන් අරං තියෙන්නේ. ඉතිං මෙ ගැන ලැබෙන හැම තොරතුරක්ම හැරෙන තැපෑලෙන් අපි ඔබටත් කියන්නම්.