Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
15
"සර් මාව පංතියෙන් එළියට දාලා දණගහගෙන ඉන්න කිව්වා..." - හොලිවුඩ් චිත්‍රපටිවල Storyboard අඳින ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ඔපෙරා හවුස් ඉදිරිපිට මූර්ති වලින් සැරසූ එකම ශ්‍රී ලාංකිකයා කියන කතාව - Photos

- "සර් මාව පංතියෙන් එළියට දාලා දණගහගෙන ඉන්න කිව්වා..." - හොලිවුඩ් චිත්‍රපටිවල Storyboard අඳින ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ඔපෙරා හවුස් ඉදිරිපිට මූර්ති වලින් සැරසූ එකම ශ්‍රී ලාංකිකයා කියන කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

80 Views
"මගේ පුතාට පාසලක් ලැබුණේ නැති නිසා ගෙදර ඉගෙන ගන්නේ, දරුවෝ දෙන්නම දක්ෂයි කලාවට.."

"ලෝකේ වටේට මගේ මූර්ති වලට හොඳ ඉල්ලුමක් තියෙද්දී ඉපදුණු රටට අගයක් නැති එක ගැන දුකයි.."

මාධ්‍ය කිහිපයක දක්ෂතා දක්වන්න හැම කෙනෙකුටම බැහැ. ලලිත් සේනානායක කියන්නේ මූර්ති කලාවෙන් මුළු ලෝකයම ජයගත් චරිතයක්. ඕනෑම මාධ්‍යක චිත්‍ර අඳින්න, ඕනෑම මාධ්‍යක මූර්ති කලාවේ යෙදෙන්න විතරක් නෙමෙයි කාගේත් හිත ගන්න විදිහට කාටුන් අඳින්නත් ඔහු දක්ෂයෙක්. එසෙම්බල් කලාව, යකඩ කලාව වැනි ඕනෑම ද්‍රව්‍යකින් මූර්ති කලාවේ නියැලෙන්න හැම කලාකරුවෙකුට බැහැ නමුත් ඔහු ඒ සියලු මාධ්‍යයෙන්ම ලෝකයට ගිය අපේම කෙනෙක් බවට පත් වෙලා. ආසියාතික රටකින් සිනමා පට සඳහා හොලිවුඩ් සිනමා කර්මාන්තයට Storyboard අඳින එකම දක්ෂ කලාකරුවාත් ඔහුයි. ඔහුගේ මූර්ති, ලෝකය පුරා බොහෝ රටවල ප්‍රසිද්ධ ස්ථානවල තිබෙනවා. හොඳම උදාහරණය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ඔපෙරා හවුස් ඉදිරිපිට මූර්ති වලින් සැරසූ එකම ශ්‍රී ලාංකිකයා වීමයි. ඉපදුණු රටට අගයක් නැති විදේශිකයින්ට අගයක් ඇති ඒ කලාකරුවා ලලිත් සේනානායක ගැන තොරතුරුයි මේ.

ලලිත් සේනානායක කියන්නේ මූර්ති කලාවෙන් මෙන්ම කාටුන් ශිල්පයෙන් ලෝකය දිනු කෙනෙක්, අපි මුලින්ම කතා කරමු අපේ රට නියෝජනය කරමින් හොලිවුඩ් සිනමා කර්මාන්තයට Storyboard අඳින එක ගැන..?
ජර්මන් අධ්‍යක්ෂවරයෙක් තමයි මට මුලින්ම ආරාධනා කළේ චිත්‍රපටයක් සඳහා Storyboard අඳින්න. Storyboard කියන්නේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට පෙර පිටපත චිත්‍රයට නැගීම. ඔහු සංගීතඥයෙක් විදිහටත් එරට කටයුතු කරන කෙනෙක්. මට හදුනා ගන්න ලැබෙන්නේ ෆේස්බුක් ඔස්සේ. මගේ දක්ෂතා දැකලා එයා in house චිත්‍රපටය ගැන මාත් එක්ක කතා කළා. පසුව මට පිටපත එව්වා. අපි දෙන්නා නිතරම අන්තර්ජාලය මගින් කතා කළා. එක වතාවක් එයා ලංකාවටත් ආවා. ඔහුගේ පිටපත අනූව Storyboard එක අවුරුද්දක කාලයක් ඇඳලා දුන්නා. ඒ චිත්‍රපටිය ලබන වසරේ තිරගත වෙනවා. ඊට අමතරව හොලිවුඩ් හා බොලිවුඩ් සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන චිත්‍රපටයකටත් Storyboard අඳින්න අවස්ථාව ලැබුණා. ඒ චන්ද්‍රරත්නම් මහත්මයාගේ චිත්‍රපටයකට. ඔහු ජාත්‍යන්තර සිනමාපට බොහොමයක් අධ්‍යක්ෂණය කළ කෙනෙක්. ජංගල් බුක් වගේ නවකතාවකින් තමයි ඒ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. සත්‍ය කතාවක් ඇසුරෙන්. ඔහුගෙන් මම බොහෝ දේවල් ඉගෙන ගත්තා කැමරා කෝණ ගැන පවා. අවුරුදු දෙකක් අඳින්න වෙනවා. සොබා දහම ගැනත් කියවෙන නිසා හොඳ අධ්‍යනයක් කළා ඒ කටයුත්ත කරන්න කලින්.

පිටපතේ ඇති සියලු කරුණු සිතුවමට නඟනවා කියන්නේ එතරම් පහසු කටයුත්තක් නෙමෙයි, ඔබ හා අධ්‍යක්ෂවරයා ඉන්නේ රටවල් දෙකක. වෙනත් රටක පරිසරය ඔබ චිත්‍රයෙන් වර්ණනා කරන්නේ කොහොමද..?
සියල්ල කරන්නේ අධ්‍යක්ෂවරයා හා කතාබහ කරලා. ඒ වගේම ඒ පරිසරය ප්‍රදේශ ගැන මම අන්තර්ජාලයෙන් අධ්‍යනය කරනවා. අධ්‍යක්ෂවරයා සමගත් කතාබහ කරනවා. චන්ද්‍රරත්න මහත්මයාගේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ ග්‍රීසියේ Athens වල. එහේ නිවාස හා පරිසරය තිබෙන හැටි මම අන්තර්ජාලය මඟින් බලාගන්නවා.

ආසියාතික රටවලට වඩා යුරෝපා රටවල සිනමාපටයට අවශ්‍ය Storyboard අඳින්නන් බොහෝ දෙනෙක් ඉන්නවා, ඔබ වැනි කෙනෙකුට මෙවැනි අවස්ථාවක් ලැබීම ගැන මොකද හිතෙන්නේ කියලත් කියමු..?
ඒක වාසනාවක් කියලා තමයි මම හිතන්නේ. මොකද විදෙස් රටවල නිර්මාණය වෙන බොහෝ චිත්‍රපටි සඳහා පිටපත එක්කම Storyboard අඳිනවා. ඒ සඳහා ලෝකයේ බොහෝ කලාකරුවන් ඉන්නවා. ඒ අයට ඉල්ලුමත් වැඩියි. එවැනි පිරිසකගේ හිගයක් නැතුව මම වගේ කෙනෙකුට ඒ වගේ අවස්ථාවක් ලැබීම වාසනාවක්.

ඉදිරියේදීත් එවැනි අවස්ථා ලැබෙයි කියලා විශ්වාස කරනවද..?
තවත් චිත්‍රපටියක් සඳහා ආරාධනා ලැබුනා. එය චීනයේ රූපවාහිනි නාලිකාවක විකාශය වීමට නියමිත කාටුන් ඇනිමේෂන් එකකට Storyboard අඳින්න. තවත් ආරාධනා ලැබෙයි කියලා විශ්වාස කරනවා.

විදේශීය පිරිස එක්ක ගනුදෙනු කිරීම පහසුද..?
හරිම පහසුයි. විනෝදයි. අපි රෑ 12න් පස්සේ තමයි වැඩ කරන්නේ. ඒ ඒ රටවල වෙලාව වෙනස් නිසා. ඔන්ලයින් තමයි අපි කතාබහ කරන්නේ. අඩුපාඩු කතා කරන්නේ.

චිත්‍ර ශිල්පියෙක් කිව්වම එකම මාධ්‍යකට තමයි බොහෝ දෙනා කොටු වෙන්නේ. එහෙත් ඔබ කාටුන් චිත්‍ර ශිල්පියෙක් වගේම මූර්ති කලාවත් තවත් මාධ්‍ය කිහිපයක්ම නියෝජනය කරනවා..?
මුර්ති කලාව, යකඩ කලාව, එසෙම්බල් කලාව, දැව වානේ මැටි, ප්ලාස්ටික් ඕනෑම මාධ්‍යකින් කටයුතු කරනවා. මගේ එසේල්බල් ආර්ට්ස් වගේම මුර්ති බොහෝ රටවල ප්‍රදර්ශනය වෙනවා. ඉන්දියාව, බංගලාදේශය, සිංගප්පුරුව වගේ රටවල මගේ මූර්ති ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඒ වගේම චීනයේ Changde city එකෙත් මගේ මූර්තියක් ප්‍රදර්ශනයේ තියෙනවා. ඕස්ට්‍රේලියානු රජය හරහා මට අවස්ථාවක් ලැබුණා සිඩ්නි ඔපෙරා හවුස් ඉදිරිපිට මූර්තියක් ප්‍රදර්ශනය කරන්න. ඒ වගේම සිඩ්නි වාරයේ, ජර්මනිය, ඉතාලිය, ප්‍රංශයේත් මගේ මුර්ති තියෙනවා.

ඒ සඳහා ඔබට හොඳ ගෙවීමක් ලැබෙන්න ඇති, බොහෝ යුරෝපා රටවලින් පවා අවස්ථාව ඔබට හිමි වෙද්දී ඉපදුනු රටට ඔබව අගයක් නැති එක ගැන දුකකුත් ඇති..?
මට හැම තැනකින්ම හොඳට ගෙවීම් කරනවා. යුරෝපා රටකට ගිහින් ජිවත් වෙන්න අවස්ථා ලැබෙද්දී මම මගේ රටේ ඉන්නේ මගේ රටට ආදරේ නිසා. පිටරටින් අවස්ථාව ලැබෙද්දීත් ලංකාවේ අගයක් නැති එක ගැන කණගාටුවක් නැත්තේම නැහැ. නමුත් කාටවත් නොලැබෙන අවස්ථා විදෙස් රටවලින් ලැබෙද්දී මට ඒ ගැන සතුටු වෙන්න පුළුවන්.

චිත්‍ර, මුර්ති හා කාටුන් කලාවට ඔබ අවතීර්ණ වෙන්නේ කොහොමද කියලත් මතක් කරමු..?
මම අධ්‍යාපනය ලැබුවේ ග්‍රෑන්ඩ්පාස් ශාන්ත ජෝසප් විද්‍යාලයෙන්. චිත්‍ර අඳින්නේ පුංචි කාලේ ඉදලා. පාසලේදී ගුරුවරු දිහා බලලා මම චිත්‍ර අඳිනවා. දවසක් ගණිතය උගන්නන වෙලාවේ මම චිත්‍රයක් අඳිනවා සර් දැක්කා. සර් මාව පංතියෙන් එළියට දාලා දණගහගෙන ඉන්න කිව්වා. ඒ වෙලාවේ පාසල භාරව ඉන්න බ්‍රදර් ආවා. එතුමා ඇහුවා ඇයි එළියේ ඉන්නේ කියලා. මම කිව්වා ගණිතය පීරියඩ් එකේ චිත්‍රයක් ඇන්ද නිසා සර් මාව එලියට දැම්මා කියලා. එතුමා මාව ඔහුගේ කාමරයට එක්කගෙන ගිහින් චිත්‍ර කොලයකුයි පාටයි දීලා කිව්වා චිත්‍රයක් අඳින්න කියලා. මම චිත්‍රයක් ඇන්දා. එතුමා මට කිව්වා ඔයා කවදා හරි දවස ලංකාවේ ඉන්න දක්ෂයෙක් වෙයි දක්ෂතා නතර කරන්න එපා කියලා. එතකොට මගේ වයස අවුරුදු 12යි.

ඒ වෙලාවේ මට මාර ශක්තියක් ආවේ. එදා ඉදලා මගේ හැකියාව වර්ධනය කරගන්න මම උත්සහ කළා. මම පාසල් යන කාලෙම ජයන්ත නානායක්කාර කියලා සර් කෙනෙක් හිටියා ඔහු මාධ්‍යවේදියෙක් විදිහටත් කටයුතු කළා. ඔහු පත්තරයක් කළා. මට අවස්ථාව ලැබුනා එහි කාටුන් අඳින්න. එකේ ප්‍රතිපලයක් විදිහට තමයි අවුරුදු 21දී විතර මම දිවයින පුවත්පතට සම්බන්ධ වෙන්නේ. පත්තරේ ඉන්න කාලේ ප්‍රවීන කාටුන් ශිල්පීන්ගේ උදව් ලැබුනා. ගුරුහරුකම් ලැබුනා. ඔය අතරේ තමයි මම art school එකට ගිහින් අවුරුදු පහේ උසස් ඩිප්ලෝමා එක කළේ. දෘශ්‍ය කලා මාධ්‍ය ගැන. එතකොට තමයි මම තේරුම් ගත්තේ මම මෙච්චරකල් වැරදි විදිහටනේ චිත්‍ර ඇන්දේ කියලා. මුර්ති කලාව ඉගෙන ගත්තේ. ඒවගේම මට විදුසර, නවලිය, අයිලන්ඩ්, රිවිර වගේ පුවත්පත්වල වැඩ කරන්න අවස්ථාව ලැබුනා.

එතකොට යකඩ කෑලි වලින් ඔබ එසෙම්බල් කලාව ඉගෙන ගන්නේ..?
අපේ ගෙදර වාහන හදනවා. වාහන කෑලි තියෙනවා ඒ නිසා. මම හිතුවා මේ වාහන කෑලි එකතු කරලා එසම්බල් කලාව කරන්න ඕන කියලා. ඒ විදිහට කුරුල්ලෝ තුනක් හැදුවා. 2005 අවුරුද්දේ. ඒ කුරුල්ලෝ තුන් දෙනාම ගෘහ නිර්මාණ ශිල්පියෙක් මිලදී ගත්තා. ඔහු කිව්වා දිගටම එසෙම්බල් කලාව කරන්න කියලා. ඒ විදිහට තමයි මම 2009 වර්ෂයේ මගේ එසෙම්බල් කලා ප්‍රදර්ශනය පැවැත්වුයේ. ඒකට වර්ථමාන අගමැති එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආවා. තානාපති නිලධාරීන් ආවා. වත්මන් ජනාධිපති එවකට ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහත්මයා මට කතා කරලා කිව්වා පිටරට අධිවේගී මාර්ග පිවිසුම් ළඟ මූර්ති කලා නිර්මාණ තියෙනවා. ඔයාට පුළුවන් නම් රේස්කොස් එක ළඟ හා ආකේඩ් එක ළඟ ප්‍රදර්ශනය වෙන්න තියන්න කියලා. මම ඒ දේ කළා. අදටත් මගේ මුර්ති කලා නිර්මාණ දෙකක් ගංගාරාම පන්සල ළඟ තියෙනවා. අලියෙක් හා නැට්ටුවෙකුගේ.

ඔය හේතු කාරණා සියල්ල හේතුවක් වුණා නේද ඔබ ජාත්‍යන්තරයට යන්න..?
ඔව්. හෝටල්වලින්, ඇමරිකාවේ එංගලන්තයෙන් මගේ නිර්මාණ මිලදී ගත්තා. බ්‍රිතාන්‍යයෙන් ශිෂ්‍යත්වයක් ලැබුනා. බ්‍රිතාන්‍යයේ පාසල් පහක වැඩ කරන්න අවස්ථාව ලැබුනා. ඒ වගේම බොහෝ යුරෝපිය රටවලට මගේ නිර්මාණ ප්‍රදර්ශනය කරන්න අවස්ථාව හිමි වුනා.

මේ හැම දෙයක්ම කරන්න නිදහස් මනසක් අවශ්‍යයි. ඔබ විවාහකයෙක්. දෙදරු පියෙක්. මේ හැමදෙයක්ම කරගන්න හා ලෝකේ වටේ යද්දී කොහොමද ආදරණිය බිරිඳගෙන් ලැබෙන සහයෝගය..?
බිරිඳ රුවන්ති පෙරේරා. එයා තමයි හැමදෙයකටම මට උදව් කරන්නේ. මට දුවෙක් හා පුතෙක් ඉන්නවා. යානි හා පවන්. මේ දෙන්නගේ වැඩ කටයුතු බලාගන්නෙත් එයා තමයි. අපි හතර දෙනා මොනවා කලත් එකට ඉන්නේ. මම වැඩිපුරම වෙලාවක් ඉන්නේ මගේ දරුවෝ එක්ක. ඒ දෙන්නා හරි දක්ෂයි කලාවට. දෙන්නාගේ වයස අවුරුදු 10යි 11යි. මේ දෙන්නා එකතු වෙලා ප්‍රදර්ශනයක් තියලා ඉන් ලැබුණු මුදල් බදුල්ලේ පාසලක පාපන්දු ක්‍රීඩකයින්ට සපත්තු අරන් දීලා කාලයක් උදෑසන ආහාරය ලබා දුන්නා. මගේ පුතා පවන් හරිම දක්ෂයෙක්. එයාට පාසලක් නැති නිසා ඉගෙන ගන්නේ ගෙදර. සිංහල කතා කරන්න බැහැ. මව් භාෂාව නිසා අපි පුතාට සිංහල උගන්වනවා. දරුවෝ ගැනත් මට හරි සතුටුයි. මම දැන් මේ කටයුතු වලට අමතරම ඇමරිකානු සමාගමක creative director කෙනෙක් විදිහට වැඩ කරනවා. කොහොම නමුත් ජිවිතේ සැහැල්ලුවෙන් නිදහසේ ගෙවෙනවා. රුවන්ති වගේම මගේ අම්මා, මල්ලිලා නංගිගෙන් මට උදව් ලැබෙනවා. ඔවුන්ටත් ස්තුතිවන්ත වෙන්න ඕන.

හර්ෂණී වීරරත්න

 


 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top