Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
14
"තාත්තා අම්මව දාලා ගියාට පස්සේ අම්මා ජිවත් වුණේ තාත්තා කවදා හරි දවසක අම්මා ලඟට ආයෙමත් එයි කියලයි.." - ප්‍රවීණ රංගධර ගාමිණී ෆොන්සේකා ගැන ආදරණිය දියණිය මතක ආවර්ජනය කළ හැටි

- "තාත්තා අම්මව දාලා ගියාට පස්සේ අම්මා ජිවත් වුණේ තාත්තා කවදා හරි දවසක අම්මා ලඟට ආයෙමත් එයි කියලයි.." - ප්‍රවීණ රංගධර ගාමිණී ෆොන්සේකා ගැන ආදරණිය දියණිය මතක ආවර්ජනය කළ හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

151 Views
"තාත්තගේ ආදරේ වෙනස් වුනත් අම්මගේ ආදරේ එහෙමම තිබ්බා. අම්මා වෙනස් වුනේ නැහැ..."

"අපිව බලන්න ඕන වුණහම අම්මට කියනවා අපිව එක්කගෙන එන්න කියලා තාත්තා ඉන්න තැනකට.."

"තාත්තා දරුවෝ හය දෙනාටම ආදරේ කළා, අපි වෙනුවෙන් හැමදේම සැලසුම් කළා.."

වර්ෂ 1936 මාර්තු 21 වැනිදා ඩේසී ෆොන්සේකා හා විලියම් ෆොන්සේකාව දාව උපදින ඔහුට දෙමාපියන් විසින් සෙම්බුගේ ගාමිණි ශෙල්ටන් ෆොන්සේකා යන නම තබනවා. වර්ෂ 1956 දී රේඛාවට නළුවෙක් වූ පසුව හෙතෙම මුළු ලංකාවම ආදරේ කරන ගාමිණි ෆොන්සේකා බවට පත් වෙන්නේ සිනමා කර්මාන්තයට සිනමා කෘති 108 කට ප්‍රතිභා පුර්ණ රංගන දායකත්වය ලබා දෙමිනුයි. සම්මාන රැසකට හිමිකම් කියන හෙතෙම වර්ෂ 2004 සැප්තැම්බර් 30 වැනිදා මුළු රටම කම්පා කරවමින් ජිවන ගමනට සමු දෙනවා. ඒ සිනමාවේ දැවැන්තයා නික්ම ගොසින් අවුරුදු 16ක් ගත වුණා. එදා වගේම අදටත් හැමෝගෙම හිත්වල ඉන්න ඒ ගම්භිර රංගන පෞර්ෂය ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණී ෆොන්සේකා නම් වූ රංගධරයා ගැන කතා කරන්න ඔහුගේ ආදරණිය දියණිය වෛද්‍ය තනුජා ෆොන්සේකාට කතා කළා. ආදරණිය පියාණන්ගේ මතකය ඇය ආවර්ජනය කළේ මේ අයුරිනුයි.

ඔබේ ආදරණිය පියාට ආදරේ නොකළ කෙනෙක් නැහැ එදත් අදත්, එවැනි කාර්යබහුල ජිවිතයකට උරුමකම් කී, දෙනෝදාහකගේ ආදරේ ලැබූ ඒ දැවැන්තයාගේ ආදරේ පවුලට ලැබුණේ කොහොමද කියලා අපි මුලින්ම කතා කරමු..?
අම්මගෙයි තාත්තගෙයි දෙන්නගෙම රෝල් එක කළේ මගේ අම්මා. ඇය නිළියක්. දෝරති මාග්‍රට්. පවුල නිසා අම්මා නිළිකම කැපකලා. තාත්තා ඒ නිසා නිදහසේ කලාව කරගෙන ගියා. තාත්තා දවස් 365 න් 300ක් ම ගෙදර නොහිටිය පුද්ගලයෙක්. ඒ නිසා අම්මා තමයි දරුවෝ හතරදෙනා එක්ක පවුලේ වැඩ කටයුතු කළේ.

අපි පුංචි කාලේ තාත්තාට අපිව බලන්න ඕන වුණොත් අම්මට කියනවා අපිවත් එක්කගෙන එයා ඉන්න ලොකේෂන් එකට එන්න කියලා. සති අන්තයට හෝ පාසල් නිවාඩු කාලෙට තාත්තා අපිව තාත්තා ඉන්න තැනකට ගෙන්නගන්නවා. නිදහසේ ඉන්න පුළුවන් තැනකට විතයි අපිව ගෙන්නගන්නේ. සේන සමරසිංහ කියන්නේ තාත්තා ලඟින් ආශ්‍රය කළ යාලුවෙක්. වැඩිපුරම අපි ගියේ එහේ තමයි. දරුවෝ හතර දෙනෙක් එක්ක අම්මා තනියම ඉන්න නිසා තාත්තා අපේ ආරක්ෂාව ගැන හරියට හිතුවා. ෂූටින් යන නිසා තාත්තා නිතරම කිව්වේ ගෙදර දොර ජනෙල් වහලා ඉන්න කියලයි. අපිව කොහෙවත් යවන්න කැමති නැහැ. යාලුවෙක්ගෙ උපන් දින සාදයකටවත් යවන්නේ නැහැ. යන්න ඕන අත්‍යවශ්‍ය එකකට ගියේ අම්මා එක්ක. අම්මා වාහනේ ඉන්නවා. අපි දුවලා ගිහින් සුබපතලා විනාඩි කිහිපයක් ඉදලා එනවා. එතරම් තාත්තා අපිව පරිස්සම් කළා. ආදරේ කළා. අම්මට වුණත් තාත්තා පුදුමාකාර විදිහට ආදරේ කළා. කොතරම් කාර්යබහුල වුණත් පවුලට මුල්තැන දුන්නා. අපි කාගේ හරි උපන්දිනයක් තිබ්බොත් තාත්තා දුවගෙන ගෙදර එනවා. ඒ වගේම තමයි අපේ අනාගතය ගැන හිතලා ඔහු සියල්ල කළමනාකරණය කළා. අපේ අනාගතය ගැන හිතුවා. තාත්තා අපිට හොද තාත්තා කෙනෙක්. ආදරණිය මනුස්සයෙක් කියන්න පුළුවන්.

ඔහුගේ කාර්යබහුල ජිවිතේට මව කොයිවගේ ප්‍රතිචාරයක්ද දැක්වුයේ..?
කිසිම විදිහකට දුක් වුනේ පසු තැවුනේ නැහැ. පවුල රැකගන්න තමයි අම්මා මහන්සි වුණේ, තාත්තා ගෙදර හිටියොත් තාත්තා කැමති කෑම වර්ග දෙක තුනක් තාත්තාට හදලා දෙන්න අමතක කළේ නැහැ. අපිට වෙනම කෑම හදලා තාත්තට වෙනම කෑම හදනවා අම්මා. ඒවා අපිටවත් කන්න දෙන්නේ නැහැ. නිවාඩු පාඩුවේ නිදහසේ ඉන්න ඕන කියලා තාත්තා ඉන්න දවස්වලට අපිට කෑගහන්නවත් දෙන්නේ නැහැ. තාත්තා ඉන්නේ මහන්සි වෙලා කියලා. ඒ තරමටම අම්මා තාත්තාව ආදරෙන් බලාගත්තා.

පුංචි කාලේ ඒ අසහායසහය නළුවාගේ දියණිය කියලා බොහෝ දෙනා ඔබටත් ප්‍රතිචාර දක්වලා ඇති, පියාගේ නළුකම ඔබට බලපෑවේ කොහොමද..?
තාත්තා නළුවෙක් කියලා අපිට හිතන්නවත් තාත්තා ඉඩ තියලා තිබ්බේ නැහැ. අපිත් සාමාන්‍ය දෙමාපියන්ගේ දරුවෝ වගේ තමයි ජිවත් වුණේ. අදටත් එහෙමයි. තාත්තා නිතරම කිව්වේ මිනිසුන්ට ගරු කරන්න, ආදරේ කරන්න මනුස්සකමින් ජිවත් වෙන්න කියලයි. දන්න අය අදටත් අපිත් එක්ක කතාබහ කරනවා. අපිටත් තාත්තට වගේම ආදරේ කරනවා.

පියා, දරුවෝ කාටවත්ම නීති රීති දැම්මේ නැද්ද, ඉගෙනීමේ කටයුතු සඳහා වගේම වෘත්තීය තෝරා ගැනීමේදී..?
නළු නිලියෝ වෙනවට නම් කිසිම කැමැත්තක් තිබ්බේ නැහැ. තාත්තා කේන්දර විශ්වාස කරන කෙනෙක්. මගේ කේන්දරේ තිබිලා තියෙනවා මම වෛද්‍යවරියක් වෙනවා කියලා. ඒ නිසා මම වෛද්‍යවරියක් වෙනකල් බලාගෙන හිටියා. නීති රීති දැම්මේ නැහැ. නමුත් හොඳ නරක තේරුම් ගන්න ඕන කියන එක නිතරම අපිට මතක් කරලා දුන්නා. මිනිස්සුන්ට ආදරෙන් සලකන්න කිව්වා. අපි හතර දෙනාට වගේම ඇන්ජලා සෙනෙවිරත්නගේ දුවලා දෙන්නත් තාත්තගේ. ඒ දරුවන්ටත් තාත්තා පුදුමාකාර විදිහට ආදරේ කළා.

පියාගේ සිහිනය සැබෑ කරමින් ඔබ වෛද්‍යවරියක් වෙද්දී පියා අතිශයින් සතුටු වෙන්න ඇති..?
හරියට සතුටු වුණා. මම වෛද්‍යවරියක් වුණ මොහොතේ මගේ අත අල්ලාගෙන තාත්තා කිව්වා ඔයා අවුරුදු 17න් බැන්දනේ, ඔයාගේ කේන්දරේ ඔයා පුංචි කාලේ බලද්දී තිබ්බා ඔයා ඩොක්ටර් කෙනෙක් වෙනවා කියලා. එක ඒ විදිහටම වුණා කියලා සතුටු වුණා. මගේ කේන්දරේ තිබිලා තියෙනවා මම අවුරුදු 17න් විවාහ වෙනවා කියලත්. ඒ වයසින් විවාහ වුනේ නැත්තම් මම වයසට ගිහින් විවාහ වෙන්නේ කියලත්. මම විශ්ව විද්‍යාලයේ යද්දී මට දුවයි පුතයි ඉන්නවා. මම දරුවෝ දෙන්නා ඉද්දි තමයි ඉගෙන ගත්තේ. තාත්තා කැමති වුනෙත් නැහැ මම වයසට ගිහින් විවාහ වෙනවට. ඒ නිසා එදා තාත්තා මගේ විවාහය ගැනත් සතුටින් කතා කළා.

පියා ජනප්‍රිය නිළියන් එක්ක රඟපාද්දී ඔබේ මවගේ ප්‍රතිචාර කොයි වගේද..? ඔහුට රඟපෑම සිමා කරන්න කියලා කොයි මොහොතකවත් කියලා නැද්ද..?
තාත්තා එක්ක රඟපෑ හැම නිලියක් එක්කම අම්මත් හිතවත්. අදටත් එදා තාත්තා එක්ක රඟපෑ නිලියෝ අපිත් එක්ක එකතුයි. අපිව දකිද්දී තාත්තව මතක් වෙනවා කියනවා. අම්මා තාත්තාගේ වෘත්තීය තේරුම් අරගෙන හිටියේ. මොකද අම්මා තාත්තාට කලින් රඟපෑවේ. ඒ නිසා අම්මා තාත්තාගේ රංගනයට හරියට උදව් කළා. කිසිම නීති රෙගුලාසියකින් තොරව. කකුලෙන් ඇද්දේ නැහැ. ඒක කන්න එපා මේක කරන්න එපා කිව්වේ නැහැ. තාත්තගේ අම්මා ඒ කියන්නේ අපේ ආච්චිවත් බලාගත්තේ අම්මා. තාත්තාට හෝටලයක් තිබ්බා. අම්මා තමයි ඒ වැඩකටයුතු බලගත්තෙත්. ඒකේ වැඩකරපු සේවකයින්ට හොර කරන්න බැරි නිසා අම්මවයි තාත්තවයි විරසක කරන්න හැදුවා. නමුත් අම්මාගේ ජීවිතේම වුනේ තාත්තා විතරමයි

රටම ආදරය කළ ඒ ඔබේ පියා මිය ගොස් වසර 16ක් සපිරුණා, අදටත් පියාගේ අඩුව දැනෙනවා ඇති..?
මතක් වෙද්දී දුකයි. හිටියා නම් කියලා හිතෙනවා. නමුත් තාත්තාට ඕන වුණේ කාටවත් කරදරයක් නැතුව, ලෙඩක් නැතුව නින්දෙන්ම මිය යන්න. තාත්තා පොඩි ලෙඩක් හරි හැදෙන්න එපා කියලා ප්‍රර්ථනා කළ කෙනෙක්. තාත්තාට මැරුණු දවසේ උදේ නාලා කාලා බිලා පත්තරයක් බලබලා ඉදලා තියෙනවා. දවල්ට කන්න එන්න කියන්න යද්දී තාත්තා පුටුවෙම නැති වෙලා. නින්දෙන් කිසිම වේදනාවක් නැතුව තමයි තාත්තා මිය ගියේ. තාත්තා හරිම පින්වන්තයි.

පියාට දැඩි ලෙස ආදරය කළ මවට මීයාගේ වියෝව දරා ගන්න බැරි වෙන්න ඇති..?
තාත්තා වැරදි දෙයක් කළා කියලා කලකදී තේරුම් ගත්තා. තාත්තගේ ආදරේ වෙනස් වුනත් අම්මගේ ආදරේ එහෙමම තිබ්බා. අම්මා වෙනස් වුනේ නැහැ. තාත්තා ඇන්ජලා එක්ක ජිවත් වෙද්දී අම්මා හැමදාම හිතුවේ අම්මා ළඟට තාත්තා ආයෙමත් එයි කියලා. කවදා හරි දවසක එයි කියන බලාපොරොත්තුවෙන් අම්මා ජිවත් වුණේ. නමුත් තාත්තා මිය ගියාට පස්සේ අම්මා නිතරම අපට කිව්වේ මමත් ජිවත් වුණා ඇති කියලයි. තාත්තා මිය ගියාට පස්සේ හිතුවා තාත්තා ආයෙම එන්න නැහැ ඒ නිසා ඉදලා වැඩක් නැහැ කියලා. නමුත් තාත්තා නැති වෙලා වසර 7ක් ගියාට පස්සේ තමයි අම්මා මිය ගියේ. අම්මා තාත්තා නැති දුකෙන් හිටියා කිව්වොත් හරි.

පියා රංගනයෙන් දායක වූ සිනමාපට ඔබේ මව නැරඹුවාද..?
තාත්තා හිටපු චිත්‍රපටි විතරක් නෙමෙයි. සිනමාහලට එන හැම චිත්‍රපටියක්ම අම්මා බැලුවා. අපිත් ඒ කාලේ නොබලපු චිත්‍රපටියක් නැහැ.

හර්ෂණී වීරරත්න





Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top