Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
21
"නාමල් ඇමතිතුමා හිතවතෙක් වුණාට එතුමා හරහා නැවත ජාතික ක්‍රිකට් කණ්ඩායමට එකතු වෙන්න අදහසක් නැහැ.." - ක්‍රිකට් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් - Photos [Exclusive]

- "නාමල් ඇමතිතුමා හිතවතෙක් වුණාට එතුමා හරහා නැවත ජාතික ක්‍රිකට් කණ්ඩායමට එකතු වෙන්න අදහසක් නැහැ.." - ක්‍රිකට් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් - Photos [Exclusive]Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views

"ක්රිකට් කමිටුවෙන් විතරක් නෙමෙයි ක්රීඩකයින්ගෙන් පවා කැපිලි කෙටිලි ආවා.."
 
"මම ක්රීඩා ජිවිතයෙන් සමුගන්න හිතාගෙන ඉන්නේ, දේශපාලනයට එන්නේ නැහැ.."
 
ලෝකයේ අනෙකුත් රටවල වගේම ශ්රී ලංකාවෙත් අතිශය ජනප්රිය ක්රීඩාවක් තමයි ක්රිකට් කියන්නේ. ක්රීඩා ලෝලීන්ගේ මතකයේ රැදුණු ශ්රී ලංකා ජාතික කණ්ඩායමට ක්රීඩා කළ ජීවන් මෙන්ඩිස් කාලෙකින් පිත්ත අතට ගන්නවා දැක්කේ නැහැ.පිටියේ තුන් ඉරියව් ක්රීඩකයෙක් වූ ජීවන් පන්දුවෙන් වගේම පිත්තෙන් බොහෝ සේ දක්ෂතා දක්වා තිබෙනවා. ඒ නිසා ක්රිකට් ගැන විතරක් නෙමෙයි පවුල ගැන කතා කරන්නත් අපි ජිවන්ව සම්බන්ධ කරගත්තා. මේ ජීවන් අපිත් එක්ක කියූ කතාවයි..................


කොහොමද ජීවන් මේ දවස්වල කාලය ගත වෙන්නේ..?
සුපුරුදු පරිදි මගේ සාමාන්ය ජිවිතේ ගෙවනවා. පවුල එක්ක තමයි කාර්යබහුල වෙලා ඉන්නේ. ක්රීඩා කටයුතු වගේම දිනපතා ජිම් යන එකත් කරනවා. කොහොම නමුත් සතුටින් සැහැල්ලුවෙන් ජිවත් වෙනවා.
 
කාර්යබහුල ජිවිතෙන් මිදිලා කොරෝනා කාලේ වැඩිපුර පවුල එක්ක කාලය ගත කරන්න අවස්ථාව ලැබුනා නේද..?
ඔව්. දරුවන්ගේ වැඩකටයුතු වගේම පවුලේ අනෙක් වැඩ ක්රීඩාව එක්ක හොඳටම කාර්යබහුල වෙලා හෙම්බත් වෙලා හිටියේ. මනසට විවේකයක් ඉල්ලුවාට විවේකයක් ගන්න බැරුව හිටියේ. ඔය අතරතුර තමයි කොරෝනා ප්රශ්නය ආවේ. ඒ නිසා ගෙදරට වෙලා කාලා බිලා විනෝදෙන් දරුවෝ බිරිඳ එක්ක කාලය ගත කළා. අන්තිමට ඒක කම්මැලි මට්ටමට ආවා.
 
ඒ කාලේ බොහෝ ක්රීඩකයින්ට ක්රිකට් මණ්ඩලයෙන් ව්යායාම් හා පුහුණුවීම් සිදු කර ඒවා දිනපතා වාර්තා කරන්න අවශ්ය වුණා. ඒ කටයුත්ත ජීවන්ට අදාල වුනේ නැද්ද..?
මම කොහොමත් දිනපතා ජිම් ගිය කෙනෙක්. ඒ වගේම පුහුණුවීම් කළා. නමුත් කොරෝනා කාලේ ඒවා මට කරන්න බැරි වුනා. මම කළේ නැහැ කිව්වොත් හරි. ක්රිකට් මණ්ඩලයෙන් ක්රීඩකයින්ට කරන්න ඕන ව්යායාම හා පුහුණුවීම් ගැන Schedul එකක් දීලා තිබ්බා. මම ඒවා කලේ නැහැ. උපරිම විනෝදයෙන් කාලය ගත කළා මිසක්.
 
ජීවන්ට ඉන්නේ පුතාලම තුන්දෙනෙක්..?
ඔව්. තුන්දෙනාම ඉගෙන ගන්නේ මම ඉගෙන ගත්ත පාසලෙන්මයි. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්යාලයේ. ලොකු පුතාගේ වයස 9යි. දෙවැනි පුතා 7යි පොඩි පුතාගේ වයස අවුරුදු 5යි.
 
ඊළගට දියණියක්ද බලාපොරොත්තු වෙන්නේ..?
නැහැ. මේ හොඳටම ඇති
 
අලුත් ක්රීඩා ඇමති නාමල් රාජපක්ෂ ඔබේ ළඟම හිතවතෙක්. යාළුවෙක්. දක්ෂතාවයට ඉඩක් නොලැබුණු ජීවන්ට හිතවත් ක්රීඩා ඇමතිගෙන් යළිත් ජාතික කණ්ඩායමට ක්රීඩා කරන්න අවස්ථාවක් ලැබෙයි නේද..?
අලුත් ක්රීඩා ඇමති මගේ හිතවතෙක් බව ඇත්ත. නමුත් මට ආයෙමත් ජාතික කණ්ඩායමට එකතු වෙලා ක්රීඩා කරන්න අදහසක් නැහැ. බොහෝ අය හිතුවා මම එතුමා එක්ක ඉන්න නිසා මට යලිත් අවස්ථාව ලබා ගන්න පුළුවන් කියලා. මගේ හොඳම කාලේ මගෙන් ප්රයෝජනයක් නොගත්ත නිසා මට ක්රිකට් ගැන කලකිරුණා. ඒ නිසා එහෙම බලාපොරොත්තුවක් මට දැන් නැහැ.
 
ඔබ කාලයක් දක්ෂ පිතිකරුවෙක් වගේම පන්දු යවන්නෙක්..ඒ දක්ෂතා නිසාම බොහෝ ක්රීඩා ලෝලීන් පිරිසක් ඔබ වටා හිටියා. නිසි කලදී නිසි ප්රයෝජන ඔබෙන් ලබා නොගන්න කෙනෙහිලිකම් කළේ ක්රීඩකයින්ද එහෙම නැති නම් තේරීම් කමිටුවද..?
දෙපැත්තෙන්ම කිව්වොත් හරි. ක්රීඩකයින්ගේ කැමැත්තට තේරීම් කමිටුව ඇහුම්කන් දෙනවා. ඒ අනුව ක්රීඩකයින් තෝරා ගන්නවා. ඒ නිසා තමයි කඹ ඇදිල්ලක් ඇති වෙන්නේ. ක්ලබ් ක්රිකට් ඇරෙන්න මම අන්තිමට ක්රීඩා කළේ ලෝක කුසලානය. ඊට පස්සේ අවස්ථාවක් ලැබුනේ නැහැ. මම ජාතික කණ්ඩායමට එකතු වෙන්නේ 2010 වර්ෂයේ. ඊට පස්සේ එකදිගට ක්රීඩා කරන්න ලැබුනේ නැහැ. 2013 වර්ෂය වෙනකල් අවස්ථාව ලැබුනා. පසුව 2015 වර්ෂයේ තමයි ජාතික කණ්ඩායමට නැවත එකතු වෙලා ක්රීඩා කලේ. ඉන් පසුව 2014 වර්ෂයේ ලෝක කුසලානයට ක්රීඩා කරන්න හා පසුගිය ලෝක කුසලානයට ක්රීඩා කරන්න ලැබුනා. ඒ නිසා මට හිතෙනවා තේරීම් කමිටුව මගේ නිසි කාලේදී නිසි ප්රයෝජනය ගත්තේ නැහැ කියලා. මට වුනු කෙනෙහිලිකම් කැපිලි කෙටිලි නිසා මගේ හොඳම කාලේ ගෙවුනා කියන කණගාටුව තමයි මට දැන් තියෙන්නේ.
 
ක්රීඩාවෙන් ඉවත් වෙන එක ගැන ළඟම හිතවතුන් මොනවාද කියන්නේ..?
මම මගේ තීරණය කිව්වා. නැවත අවස්ථාවක් ගන්නවා කියන්නේ අලුත් අයට මම කරන අසාධාරණයක්. ඒ නිසා ක්රීඩාවෙන් සමු ගන්න තීරණයට මම නොබෝ දිනකින් එනවා. නාමල් ඇමතිතුමා හා අනෙකුත් හිතවතුන් දන්නවා මගේ අනාගතය මම හදාගන්න ඕන කියලා. එයාලා ඒකට මට උදව් කරයි. මගේ තීරණයට ඒ හැමෝම එකඟයි.
 
එතකොට බිරිඳ..?
මගේ බිරිඳ වැනේසා. එයා මගේ තීරණවලට හරස් වෙන්නේ නැහැ. දුකක් ඇති. නමුත් නැවත ක්රීඩා කරන එක තේරුමක් නැහැ කියලා එයත් දන්නවා.
 
ක්රීඩාවෙන් ඉවත් වෙලා දේශපාලනයට එන්නද හදන්නේ..?
නැහැ. මම දේශපාලනයට සම්බධ වෙන්නේ නැහැ. නමුත් අලුත් ක්රීඩා ඇමතිට උපරිම සහයෝගය ලබා දෙනවා. මොකද එතුමා තරුණයෙක් නිසා ක්රිකට් වගේම අනෙකුත් ක්රීඩාත් තරුණ කටයුතු ඇමතිවරයා විදිහට තරුණයින්ටත් විශාල සේවයක් කරයි. ක්රීඩාව දියුණු කරන්න වගේම ඔහුගේ ඉදිරි දැක්ම හොඳ එකක්. ඊට මම සහයෝගය දෙනවා. දේශපාලනයට එන්නේ නැහැ. ඉදිරියට කරන්නේ මොනවාද කියලත් මම සැලසුම් කරමින් යනවා.
 
හර්ෂණී වීරරත්න

No description available.No description available.No description available.No description available.No description available.No description available.No description available.No description available.No description available.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top