ඔහු මිය යනවිට 76 හැවිරිදි වියේ පසුවුණා. මහා රංග පාසලක් වූ දයා තෙන්නකෝන් මහතාගේ හදිසි වියෝව ගැන, රංගන ශිල්පින් මෙන්ම ඔහුට ලැදි බොහෝ දෙනෙකු මුහුණූ පොතේ සංවේදී සටහන් තබා තිබුණා.
මේ ඒ අතරින් කිහිපයක්......
දයාවේ මිහිර ගෙනා දයා අයියාට අපටත් නොකියාව සමුගෙන ගොස් ය.........
ප්‍රවීණ ජ්‍යෙෂ්ට වේදිකා, සිනමා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පී දයා තෙන්නකෝන් අද දින මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වූවේය. මිය යන විට 78 වැනි වියැති ඔහු මම ද සිප් සතර හැදෑරු මහනුවර ධර්මරාජ විදුහලෙන් බිහි වූ සොඳුරු කලාකරුවෙකි. එමෙන්ම ඔහු අප අතරින් වෙන්ව ගිය ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ සමකාලීන පාසල් සඟයෙක් ද වෙයි. 1969 වසරේ සුගතපාල සෙනරත් යාපාගේ "හන්තානේ කතාව" චිත්‍රපටයෙන් සිනමාවට පිවිස ඔහු "අහස් ගව්ව", "එයා දැන් ලොකු ළමයෙක්", "බමරු ඇවිත්", "කරුමක්කාරයෝ", "සොල්දාදු උන්නැහැ", "සෙයිලම", "තරණය" වැනි සිනමා පටවල විවිධ චරිත රඟපා ඇත. ධර්මසේන පතිරාජගේ වම් ඉවුරේ සිනමා නිර්මාණයන්ගේ කැපීපෙනෙන චරිතයක් වූ ඔහු මෑතභාගයේ දායක වූ "ස්වරූප", "දේදුණු ආකාසේ" සහ "28" වැනි චිත්‍රපට ද ඔහුගේ සිනමාවලෝකනයේ නොමැකෙන මතකයන් ය. ලාංකේය සිනමාව වෙනුවෙන් කුසලතාපූර්ණ රංගන දායකත්වය සැපයූ ජේෂ්ඨ රංගධරයන් අතළොස්ස නියෝජනය කරනා ප්‍රබලයෙක් වන ඔහු කිහිප විටකම මා ඡායාරූප ගත කර ඇත. ප්‍රතිභාපූර්ණ රංගනවේදිනියක වන ග්‍රේස් තෙන්නකෝන් ඔහුගේ ජීවන සහකාරිය වන අතර පසුගිය වසරේ අගෝස්තු 31 වනදා නාමෙල් වීරමුණි කලාකරුවාණන්ගේ ජන්ම දින සැමරුමේදී ඔවුන් දෙපළ මවිසින් ඡායාරූපගත කෙරිණ.ටෙලිනාට්‍ය, වේදිකා නාට්‍ය සහ චිත්‍රපට ගණනාවකින් අප සිත් සතන් සනහාලූ දයා අයියාට සසර කෙළවර අම නිවන් සුව වැඩි ඈතක නොවේවායි පතමි !!!
මහ පොළොව හයියට අල්ලන් උන්නු මුල් එකින් එක මෙච්චර වේගෙන් ගැලවෙනකොට පුංචි හුළගටත් මහා ගස් බිමට කඩා වැටෙන්න මොහොතක් ඇති..
ආදරණීය දයා තෙන්නකෝන් මහතාට නිවන්සුව පතමි!