ප්‍රවීණ රංගන ශිල්පී දයා තෙන්නකෝන් අභාවප්‍රාප්තවී තිබෙනවා.
ඔහු මිය යන විට 76 හැවිරිදි වියෙහි පසු වුණා.
දයා තෙන්නකෝන් මහතා මේ දිනවල විකාශය වන හතේ කල්ලිය ටෙලි නිර්මාණය ඇතුලු හිරු ආයතනයෙන් නිශ්පාදනය කළ ටෙලි නිර්මාණ කිහිපයකට ම දායක වී සිටියා.
1969 වසරේ හන්තානේ කතාව චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඔහු අහස් ගව්ව, එයා දැන් ලොකු ළමයෙක්, බඹරු ඇවිත්, සෙයිලම වැනි චිත්‍රපට ගණනාවක කැපී පෙනෙන චරිත රැසකට දායකත්වය ලබා දුන්නා.
දයා තෙන්නකෝන් ටෙලි නාට්‍යය මෙන්ම, වේදිකා නළුවෙකු සහ ගුවන් විදුලි නාට්‍ය ශිල්පියෙකු ලෙස ද ප්‍රකට කලාකරුවෙක්.