Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
14
"කවදා හරි අපට මේ ජීවිතේ දාලා යන්න වෙනවනේ කියලා හිත හදාගෙන මුහුණ දුන්නා.." - අපේක්ෂාවේ සිට ජීවිත බලාපොරොත්තු දල්වන, සෝමසිරි මැදගෙදර කියන අනුවේදනීය කතාව - Photos

- "කවදා හරි අපට මේ ජීවිතේ දාලා යන්න වෙනවනේ කියලා හිත හදාගෙන මුහුණ දුන්නා.." - අපේක්ෂාවේ සිට ජීවිත බලාපොරොත්තු දල්වන, සෝමසිරි මැදගෙදර කියන අනුවේදනීය කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views

"හෙට අනිද්දා වෙද්දීවත් මගේ ලෙඩේ හොද වෙයි"
 
''පසුගිය අගෝස්තු මාසේදී තමයි මට මේ රෝග ලක්ෂණ මතු වුණේ.''

"දැන් මම 42 වන වාට්ටුවේ ප්‍රතිකාර ගන්නවා."

80 දශකයේදී ලංකාවේ යොවුන් ගී කණ්ඩායමට තිබුණේ පුදුමාකාර ඉල්ලුමක්. එය නිර්මාණය කරනු ලැබුවේ ජාතික තරුණ සේවා සභාව ප්‍රමුඛ සංගීතඥ ෂර්ලි වෛජයන්ත නම් වූ අපූරු සංගීතවේදියා විසින්.

මේ යොවුන් ගී කණ්ඩායම නියෝජනය කළ ගායක ගායිකාවන් අතර සෝමසිරි මැදගෙදර කියන තරුණ ගායකයාටත් ඉහළ ප්‍රතිචාරයක් තිබුණා.


ඔහු ඒ ප්‍රතිචාරය හොඳින් පවත්වාගෙන ගියා. ඒ විතරක් නෙමෙයි මනුස්සයෙක් හැටියටත් සෝමසිරි සංගීත ක්ෂේත්‍රය තුළ කාගෙත් පිළිගැනීමට ලක්වී සිටියා.
 
මේ විධියේ මනුස්සකමකින් පිරුණු සෝමසිරි මැදගෙදර ගැන පසුගිය සති දෙක තුනකදී නම් අපට අහන්න ලැබුණේ තරමක දුක්ඛදායක ආරංචියක්.
 
සෝමසිරි රෝගාතුර වෙලා දැන් ඉන්නේ මහරගම අපේක්ෂා රෝහලේ.
 
"පුළුවන් නම් ඔහු වෙනුවෙන් කරන බෝධි පූජාවට එන්න..."
 
කලා ලෝකයේ ඉන්න බොහෝදෙනා අමතමින් මේ පණිවුඩය දුන්නේ ප්‍රවිණ ගායන ශිල්පී කීර්ති පැස්කුවෙල්ය.
 
කොහොම හරි බෙල්ලන්විල රජමහ විහාරයේ පැවැති මේ බෝධි පූජා පින්කමත් සාර්ථකව අවසන් වුණාට පස්සේ දවසක අපි සෝමසිරි මැදගෙදර කියන හෘදයාංගම මනුස්සයාව හොයාගෙන කොළඹ මහ රෝහලට ගියා.
 
මොකද ඔහු ඒ වෙද්දී හිටියේ ප්‍රතිකාර ලබමින් එම රෝහලේ.
 
ඇත්තටම පසුගිය අවුරුද්දේ අගෝස්තු මාසයේදී තමයි මට මුලින්ම මේ රෝගය මූලික ලක්ෂණ පහළ වෙන්න පටන් ගත්තේ. එහිදී මට හරි හැටි කතා කරන්න බැරි තත්ත්වයක් උදාවුණා.
 
සෝමසිරි ඒ කතාව අපිත් එක්ක ඔය විධියට කියන්න පටන් ගත්තා. අපි ඔහු මුහුණ දුන්න මේ අභාග්‍යසම්පන්න අත්දැකීම තවදුරටත් කියන්න හිතුවේ ඒ රෝග ලක්ෂණය තුළින් ඔබත් යම් දැනුමක් ලබාගනීවි කියලා හිතලා.
 
"මලපහ කරන්න අපහසු වුණාම මම වෛද්‍යවරයා හමුවුණා. හැබැයි මේ තත්ත්වය ඔහු ගෙදර අය එක්කවත් කිව්වේ නැහැ. රහසක් විධියට තියාගත්තා. මේ වෙද්දි මට ඇමෙරිකා සංචාරයකුත් තිබුණා. ෂර්ලි වෛජයන්ත මහතා වගේම චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහතා තමයි මා එක්ක ඒ ටුවර් එක යන්න හිටියේ..."
 
කොහොම හරි ටුවර් එක යන එකත් අවදානම් නිසා මම වෛද්‍ය උපදෙස් අරගෙන ප්‍රතිකාර එහෙමත් ලබාගෙන ඒ ගමන පිටත් වෙන්න සැලසුම් කළා. සෝමසිරි මේ විධියට ඇමෙරිකා ගමන ගියා. එහි සන්දර්ශන 09ක් විතර සාර්ථකව පවත්වලා නැවත ලංකාවට ආවා. ඒ ඇවිත් ආපහු වෛද්‍ය උපදෙස් මත පරීක්ෂණ කිහිපයකට පෙනී සිටියා.
 
"එහිදී තමයි දැනගත්තේ මගේ බඩවැලේ තැනක පුංචි ගැටිත්තක් තිබෙනවා කියලා. ඉතිං මේක දරුණු පිළිකා රෝගයකට අත වනන දෙයක් බවත් මට වෛද්‍යවරු දැනුම් දුන්නා."
 
ඔබ මේ ආරංචියෙන් කලබල වුණාද?
 
"නැහැ. මම කලබල වුණේ නැහැ. කනස්සල්ලට පත්වුණෙත් නැහැ. කවදා හරි අපට මේ ජීවිතේ දාලා යන්න වෙනවනේ කියලා හිත හදාගෙන ඊට මුහුණ දුන්නා. ඉතිං අපේක්ෂා රෝහලේදී දින ගණනාවක් නැවතිලා ශල්‍යකර්මයකට එහෙමත් මුහුණ දුන්නා. දැන් මගේ තත්ත්වය හුඟක් හොඳයි. "
 
ශල්‍යකර්මයකට බඳුන් වුණු සෝමසිරි තවත් දින කිහිපයකින් ගෙදර ගියා. ඒත් ආපහු ඔහු රෝගී වුණා.
 
"ශරිරයේ උෂ්ණත්වයත් එන්න එන්නම වැඩිවෙන්න පටන් ගත්තා. ඊට පස්සේ තමයි මගේ රෝගී තත්ත්වය ගැන තව තවත් සොයා බැලුවේ. එතැනදි දැනගන්න ලැබුණේ මගේ අක්මාව තුළ කිසියම් රෝගී තත්ත්වයක් හටගෙන කියලා. ඒකට හේතුව අර බඩවැල්වල තිබුණු රෝගී තත්ත්වය වෙලාවේ මම ගත්ත ඖෂධ නිසා කියලා වෛද්‍යවරු නිර්දේශ කළා."
 
"දැන් ඒ සඳහා ප්‍රතිකාර කරන්න තමයි මාව මහරගම අපේක්ෂා රෝහලෙන් කොළඹ මහ රෝහලට එව්වේ. දැන් මම මේ රෝහලේ 42 වාට්ටුවේ ප්‍රතිකාර ලබනවා. මම හිතන්නේ හෙට අනිද්දා වෙද්දීවත් අක්මාවේ ඇතිවී තිබෙන රෝගී තත්ත්වයත් සුවවේවි. යම් තත්ත්වයකට පත්වේවි."
 
"ඇත්තටම මේ වෙලාවේ මම හුඟාක් ස්තුතිවන්ත වෙනවා මහරගම අපේක්ෂා රෝහලේ විශේෂඥ වෛද්‍ය කණිෂ්ක ද සිල්වා මහතා අතුළු වෛද්‍යවරුන්ට හා හෙද නිලධාරිවරුන්ට. ඒ වගේම කොළඹ මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය නවරත්න ඇතුළු කාර්ය මණ්ඩලය හැමෝටමත් ස්තුතිවන්ත වෙනවා."
 
''මෙහිදී මම කීර්ති පැස්කුවල් මහතා වගේම ගායක ගායිකා සංගමයේ අලුත් සභාපති ජානක වික්‍රමසිංහ මහතා, ලේකම් රොහාන් ද සිල්වා සහ භාණ්ඩාගාරික විජිත් ද සිල්වා මහත්වරුන්ටත් ස්තුතිවන්ත වෙනවා. ඒ ඔවුන් මා වෙනුවෙන් දැක් වූ දායකත්වයට. ''
 
''ඇත්තටම කිර්ති පැස්කුවෙල් මහතා බෙල්ලන්විල පන්සලේ බෝධි පූජාවක් ලෑස්ති කරලා මට සෙත් පතපු අන්දම මගේ හිතට තදින් වැදුණා. ඒ පිහිට මට තිබෙනවා.''
 
''මම මගේ දරුවෝ තුන්දෙනාටත්, නෝනාවත්, කාටවත් වරදක් කරලා නැති කෙනෙක්. ඒ හින්දා මට කවදාවත් කරදරයක් වෙන එකක් නැහැ කියන විශ්වාසය මට තිබුණා. ඒ විශ්වාසයෙන් තමයි අදත් මම මෙහෙම ඡීවත් වෙන්නේ. ''
 
මව්බිම


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top