මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි සති දෙක ඇතුළත රාජගිරිය, කොස්වත්ත පාරේ පිහිටා තිබෙන පීකොක් මන්දිරයේ පදිංචියට පැමිණීමට නියමිත බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.
මහින්ද රාජපක්ෂ මහතාගේ මෙහෙයුම් කාර්යාලය බවටද මෙම නිවස පත්කරගැනීමේ සූදානමක් පවතින්නේ ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමටයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ වැදීමට මහින්ද පාර්ශ්වය මේ දිනවල යම් උත්සාහයක නිරතවන බවටද අරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.
යම් හෙයකින් එය ඉටුනොවුනහොත් සුළු පක්ෂයක්ද මැතිවරණයට සූදානම් කර ඇති අතර එහි සලකුණ වෙනස් කිරීමටද මහින්ද රාජපක්ෂ යෝජනා කර ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
ජ්‍යෝතිෂවේදීන් බොහෝමයක් මේ දිනවල ඉහත කී පීකොක් නිවස පරීක්ෂා කරමින් ගුණාගුණ කියමින් සිටින බවද දැනගන්නට ලැබෙනවා.