එම මව රුසියානු අනාථ නිවාසයක හැදී වැඩුණු අයෙකු වන අතර ඔහුට අවශ්‍ය සියලු දේ ලබා දීමට තමා සතුව වත්කමක් නොමැති බව සඳහන් කරමින් ඇය දරුවා හැර ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
දැන් මෙම මාස 6ක් වයසැති බිළිඳා බලා කියාගන්නේ සයිබීරියාවේ ටොම්ස්ක්හි හෙදියක් විසිනුයි.
"ඔහු අනික් දරුවෝ වගේමයි. වෙනසක් නෑ. නීරෝගී දරුවෙකු වගේ සෙල්ලමේ යෙදෙනවා. සෙල්ලම් කරන්න, පිහිනන්න ඔහු ප්‍රිය කරනවා..." ඇය කියනවා.
කුඩා සාෂා දුර්ලභ SOX2 ඇනොෆ්තල්මියා සින්ඩ්‍රෝම් රෝගයෙන් පීඩා විඳින බව විශ්වාස කෙරෙනවා.
රුසියානු වෛද්‍යවරු පවසන්නේ මෙය දරුවන් ලක්ෂ 40කින් එක් අයෙකුට වැළඳෙන ඉතා දුර්ලභ තත්ත්වයක් බවයි.
කෙසේ වෙතත්, ඔවුන් පවසන්නේ සාෂාට කිසිදු දිනයක පෙනීම ලබාගත නොහැකි බවයි.
මෙම කුඩා දරුවා කාගෙත් ආදරය දිනාගෙන ඇති අතර හුරුපුරුදු කටහඬවල් ඇසුණු විගස සිනහවකින් ප්‍රතිචාර දක්වනවා.
මේ හේතූන් නිසාම, Smiley' baby boy born without eyes ලෙස ඔහුව හඳුනා ගැනෙනවා.
මෙම දරුවාගේ පියා ගැනද කිසිදු තොරතුරක් නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.