Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
02
"මට හරියට නිදාගන්නවත් විදිහක් නෑ. පාන්දර 4 වෙනකම් ෆෝන් එක රිං වෙනවා" - සරාගී නිළි සනී ලියෝන් නිසා අමාරුවේ වැටුණු තරුණයෙක් කියන කතාව - Photos

- "මට හරියට නිදාගන්නවත් විදිහක් නෑ. පාන්දර 4 වෙනකම් ෆෝන් එක රිං වෙනවා" - සරාගී නිළි සනී ලියෝන් නිසා අමාරුවේ වැටුණු තරුණයෙක් කියන කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views

මුලින්ම කෝල්ස් එනකොට හිතුවෙ කවුරුහරි මට විහිළු කරනවා කියලා.....

අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා.....

බොලිවුඩ් සිනමා පටයක් හරහා අහම්බෙන් ප්‍රසිද්ධ වූ ජංගම දුරකතන අංකයක හිමිකරුවෙකුට නිරන්තරයෙන් දුරකතන ඇමතුම් ගලා ඒම නිසා දැඩි අපහසුතාවට පත්ව ඇති පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ.


අර්ජුන් පටියාලා නමැති එම සිනමා පටයේ එක් රූප රාමුවක සනී ලියොන් නමැති නිළිය සිය චරිතයට අනුකූලව සිය දුරකතන අංකය ලෙස පවසන අංකයේ සැබෑ හිමිකරුවෙකු සිටින අතර ඔහු 26 හැවිරිදි පුනීත් අගර්වාල් නමැත්තෙකි.

පුනීත් අගර්වාල් බීබීසී පුවත් සේවයට පැවසුවේ, සිනමා පටය තිරගත වීම ආරම්භ වූ ජූලි 26 වන දා සිට දිනකට දුරකතන ඇමතුම් 100කට අධික සංඛ්‍යාවක් තමන්ට ලැබෙන බවය.

"මට හරියට නිදාගන්නවත් විදිහක් නෑ. පාන්දර 4 වෙනකම් ෆෝන් එක රිං වෙනවා," ඔහු පැවසීය.

ඔහු ලැබෙන දුරකතන ඇමතුම් නිසා ඔහු කෙතරම් අපහසුතාවට පත්ව සිටිනවා ද කිවහොත් අදාළ සිනමා පටයෙන් දුරකතන අංකය ඉවත් කරවීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද ඔහු පියවර ගනිමින් සිටී.

සනී ලියොන් බොලිවුඩ් සිනමාවට පිවිසීමට පෙර ඇමෙරිකානු අසභ්‍ය චිත්‍රපටවල පෙනී සිටින නිළියක ලෙස කටයුතු කළාය. ඇය රාගික චිත්‍රපට සහ වැඩිහිටියන්ට පමණක් වෙන්වූ උපහාසාත්මක චිත්‍රපටවලට රංගනයෙන් දායක වූ අතර මේ වන විට ඇයගේ ප්‍රතිරූපය රාගික සංකේතයක් බවට පත්ව තිබේ.

එහෙයින්, සිනමා පටයේ කියැවෙන දුරකතන අංකය ඇයගේ සැබෑ දුරකතන අංකය බව සිතා ඉන්දියාවේ පමණක් නොව ලෝකය පුරා ජනතාවගේ දුරකතන ඇමතුම් එම අංකයට ගලා ඒම පුදුමයට කරුණක් නොවනු ඇත.

පුනීත් අගර්වාල් ඉන් වෙහෙසට පත්ව සිටී. "චිත්‍රපටය හදපු අයට තිබුණා ඒ නම්බර් එකට කෝල් කරලා එහෙම නම්බර් එකක් තියෙනවා ද කියලා හොයලා බලන්න," ඔහු බීබීසී හින්දි සේවයේ භූමිකා රායිට පැවසීය.

අර්ජුන් පටියාලා චිත්‍රපටයේ අධ්‍යක්ෂ රෝහිත් ජග්රාග් චවුහාන් මේ සම්බන්ධයෙන් අදහස් පළ කිරීම ප්‍රතික්ෂේප කළේය.

චිත්‍රපටය තිරගත වූ මුල් සතියේදී පුනීත් අගර්වාල්ට නිදහසේ වැඩ කිරීමට, නිදා ගැනීමට හෝ ආහාර ගැනීමට පවා හැකියාවක් ලැබී නැත.

වසර ගණනාවක් භාවිත කළ සිය දුරකතන අංකය ඉවත දමා වෙනත් අංකයක් භාවිත කිරීම විකල්පයක් නොවන බව ඔහු පැවසීය. "මගේ ව්‍යාපාරික කටයුතුවලට මේ දුරකතන අංකය අවශ්‍යයි. ඒ වගේ ම ගොඩක් පැරණි මිතුරන් ළඟ තියෙන්නේ මේ අංකය."

ඔහුට ඒ සම්බන්ධයෙන් පළමු දුරකතන ඇමතුම ලැබී ඇත්තේ, චිත්‍රපටය එළිදැක්වූ දිනයේදී මය. එහිදී ඇමතුම දුන් පුද්ගලයා සනී ලියොන්ට කතා කිරීමට අවශ්‍ය බව පවසා ඇති අතර එය වැරදි දුරකතන අංකයක් බව අගර්වාල් පැවසුව ද ඔහු එය පිළිගෙන නැත. පසුව කෝපයට පත්ව ඇති අගර්වාල් දුරකතන ඇමතුම විසන්ධි කර තිබිණි.

"මුලින්ම මට කෝල්ස් එනකොට මම හිතුවෙ කවුරුහරි මට විහිළු කරනවා කියලා. මම හිතුවෙ ඒක මගේ යාළුවෙකුගේ වැඩක් කියලා."

එහෙත්, දුරකතන ඇමතුම් ගලා ඒම නැවතුණේ නැත. සෑම ඇමතුමකින් ම ඇසුණේ එක ම ප්‍රශ්නයකි. "මට සනී ලියොන්ට කතා කරන්න පුළුවන් ද?"

එම දුරකතන ඇමතුම් දුන් පුද්ගලයින් චිත්‍රපටයේ විස්තර පැවසීමත් සමග සිදුවී ඇති දෙය වටහා ගැනීමට පසුව ඔහුට හැකි විය. "ඒ නිසා මම චිත්‍රපටය බැලුවා. ඇත්තට ම මගේ දුරකතන අංකය ඒකේ තිබුණා. මේක කෝල් කරපු අයගෙ වරදක් නෙවේ. ඒගොල්ලෝ (චිත්‍රපටයේ නිෂ්පාදකයින්) ඇත්තට ම පාවිච්චි කරලා තිබුණේ මගේ අංකය!" පුනීත් අගර්වාල් පැවසීය.

ඔහු පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට උත්සහ කළ ද ඇමතුම් ලබා දුන් පුද්ගලයින් සාපරාධී වරදක් කර නොමැති හෙයින එය ව්‍යර්ථ වූ බව ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අධිකරණයේ පිහිට පතන ලෙස ඔහුට පොලිසියෙන් උපදෙස් ලැබිණි. ඒ අනුව, අදාළ චිත්‍රපටයෙන් සිය දුරකතන අංකය ඉවත් කරන ලෙස ඉල්ලා අගර්වාල් විසින් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරන ලදී.

නිෂ්පාදකයින්ට එරෙහිව දඬුවම් ලබා දීමට ඔහුට අවශ්‍යතාවක් නොමැත. එහෙත්, ඔහු පවසන්නේ, ඉන්ටර්නෙට් වැනි මාධ්‍යවල මෙම චිත්‍රපටය සංසරණය වීමේදී සිය දුරකතන අංකය එහි නොතිබිය යුතු බවය. එමෙන් ම, මෙවැනි සිද්ධියක් වෙනත් කිසිවෙකුට සිදු වීමට ඉඩ නොතැබීම ද ඔහුගේ අරමුණකි.

"උදේ 8.30 වගේ වෙනකම් ෆෝන් එකට කෝල් එන්නෙ නෑ සාමාන්‍යයෙන්. 8.30න් පස්සේ තමයි කෝල්ස් එන්න පටන් ගන්නේ."

ඉන්පසු, සෑම මිනිත්තු දෙක තුනකට වරක් ම ඔහුගේ දුරකතනය නාද වන අතර, ඔහුට කිසිදු කාර්යයක් කිරීමට මානසික ඒකාග්‍රතාවක් ඇති කර ගැනීමට ඔහුට නිදහසක් නොලැබේ.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන දිල්ජිත් දෝසාන්ජ් පන්ජාබ් සහ හර්යානා ප්‍රාන්තවල අතිශය ජනප්‍රිය වී සිටින අයෙකු වන අතර පුනීත් අගර්වාල්ගේ දුරකතනයට වැඩි ම ඇමතුම් සංඛ්‍යාවක් ලැබෙන්නේ ද එම ප්‍රාන්තවලිනි. කෙසේ වෙතත්, ඉතාලිය, ඩුබායි, පාකිස්තානය සහ ඔස්ට්‍රේලියාවෙන් ද අගර්වාල්ට දුරකතන ඇමතුම් ලැබී තිබේ.

මේ දක්වා ලැබුණු ඇමතුම් අනුව, ඇමතුම්කරුවන් දෙදෙනෙකු හැර අන් සියල්ලෝ ම පිරිමි පුද්ගලයෝ වෙති.

මෙම දුරකතන ඇමතුම් හරහා තමන් වාචික අපයෝජනයන්ට ලක් වන බව ද අගර්වාල් පවසයි. "කෝල් එක පටන් ගන්නේ ගොඩක් කාරුණික විදිහට. ඒත් මම සනී ලියොන්ව දන්නෙ නෑ කිව්ව ම ඔවුන් මට බනිනවා. තර්ජනය කරනවා."

ඔහු පැවසුවේ, මෙම සිද්ධිය නිසා තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවය. මිතුරන් සහ අසල්වාසීන් තමන්ට "දිල්ලියේ සනී ලියොන්" යනුවෙන් අමතන බවත් තමන් දුටු විට සනී ලියොන් පෙනී සිටින ගීත ගායනා කරන බවත් ඔහු සඳහන් කළේය.

"ඒක දැන් විහිළුවක් බවට පත් වෙලා තියෙන්නෙ. ඒත් ඒ වගේ දෙයක් ආයෙත් වෙන්න දෙන්න බෑ. මම ඒ විහිළුවලට හිනා වෙලා ඉන්න උත්සහ කරනවා. ඒත් ඒක දැන් ඕනවට වැඩියි."

තමන්ට ලැබෙන දුරකතන ඇමතුම් ඉදිරියේදී අඩු වනු ඇතැයි ඔහු බලාපොරොත්තු වෙයි. ඒ අතර, ඔහුට ලැබෙන ඇමතුම් කෙටි කර ගැනීමට අපූරු විසඳුමක් සොයාගෙන තිබේ. "මම දැන් කෝල් කරන අයට කියන්නේ, එයා නාන්න ගියා, දැන් කතා කරන්න බැහැ කියලා."

"BBC සිංහල"

පුනීත් අගර්වාල් තරුණයා.....



සනී ලියෝන්ගේ ඡායාරූප පහතින්.....


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top