Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
14
"අද වගේ නෙවෙයිනෙ ඒ කාලෙ ඔය කොන්ක්‍රීට් පොළොව නෑ" - හැමෝම දන්න නුගේගොඩ බෝ ගස පැල කරපු ලැන්ටි හේවගේ කියන කතාව - Photos

- "අද වගේ නෙවෙයිනෙ ඒ කාලෙ ඔය කොන්ක්‍රීට් පොළොව නෑ" - හැමෝම දන්න නුගේගොඩ බෝ ගස පැල කරපු ලැන්ටි හේවගේ කියන කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13 Views

මං කිව්ව ඔතැන හිටවන්න එපා. ඔතැන ඉඩ නැහැ කියලා...

ගල් පේළියකුත් වටේට ගෙනැත් තිබ්බා...

ඉතිහාසය පුදුමාකාරය. මිනිසකු සම්බන්ධයෙන් නම් එහි අගක් මුලක් සොයාගත නොහැකි වන්නේ නැත. මතකය දුර්වර්ණව ගියද අතීතය බොඳව ගියද මිනිසකු සම්බන්ධයෙන් ඉතිහාසය කෙසේ හෝ කියැවිය හැකි වන්නේ ය. හේතුව ඒ ජීවිතය කිසියම් අගක් මුලක් ඇති කාල සීමාවකට යටත් වන නිසාය.

එහෙත් නගරයක් සම්බන්ධයෙන් එය එසේ විය හැකිද? මේ පෘථිවිය බිහි වූ දා පටන් අප දැන සිටින හා නොදැන සිටින වකවානුවක එයට අදාළ වූ සුවිශාල ඉතිහාස කතාන්දරයක් තිබේ.

‘’ඔබ ඉපැදීමට පෙර කුමක් සිදුවූයේද යන්න ඔබ නොදන්නේ නම් ඔබ හැමවිටම ළමාවියේ පසුවන්නෙක් වීම වැළැක්විය නොහැකිය...’’

මේ ඉතාම පැරණි රෝමානු දේශපාලනඥයකු වන සිසාරෝගේ කියමනකි. ඉතිහාසය පිළිබඳ නොදැනීම හා නොතකා හැරීම මිනිසා ඉතාම අසම්පූර්ණ මිනිසකු බවට පත් කරන බව සිසාරෝටත් කලින් මුළු ලොවම දැන සිටි බව පැහැදිලිය. ඉතිහාසය මතක තබා ගැනීමේද නොදන්නා ඉතිහාසයක් නම් එය අසා දැන ගැනීමේද අභිරුචිය මිනිසුන්ට තිබෙන්නේ නම් එයට අවංක වීමේ හෘද සාක්ෂිය මිනිසුන් තුළ තිබෙන්නේ නම් මේ ලෝකය මීට වඩා යහපත් තැනක් වනු නොඅනුමානය.




ක්‍රිස්තු වර්ෂ 1505 පෘතුගීසීන් ලංකාවට පැමිණෙන අවධිය වන වසර 500කට පමණ පෙර කෝට්ටේ රාජධානි සමයේ නුගේගොඩ හා ඒ තදාසන්න පෙදෙස පැවැතියේ මඩ වගුරින් හා වනාන්තරයෙන් ගැවැසී ගත් පෙදෙසක් ලෙසින් බවට ඓතිහාසික විශ්වාසයයි. වන අලින් පවා එහි ගැවැසුණේ යැයි කීවොත් සමහර විට අද මෙහි ජීවත් වන යෞවන පරම්පරාව පුදුමයට පත්වනු ඇත. නරීන්, මීමින්නන්, හාවුන් බහුල වශයෙන් ගැවසී සිටි අතර අර දිය ඇලිවල කිඹුලන්ද සිටියේය. මේ ගැන අනුමාන කිරීම අසීරු නොවන්නේ අපට හොඳහැටි මතක 70 දශකයේ මුල් හරියේත් නුගේගොඩ තදාසන්න ප්‍රදේශවල හාවුන්, නරියන් හා විවිධ වනජීවින් සිටි බවට අපටද ඇති මතකයයි. කෝට්ටේ දියවන්නාව ආශ්‍රිතව අදටත් කිඹුලන් ගැවැසෙන බව ඒ ප්‍රදේශයේ බොහෝ අය දනිති.

කෝට්ටේ රාජධානි සමයේ නගරය වට කර කබොක් ගලින් බැඳි විශාල ප්‍රාකාරයක් තිබුණු බව ද ඊට පිටින් ඉතාම සශ්‍රීකව වැඩුණු විශාල නුග ගසක් තිබුණු බවද කියනු ලැබේ. අර විදියට වනජීවීන්ගෙන් ගහනව පැවැති එම ප්‍රදේශය ‘නුගෙන් එගොඩහ’ ලෙස හැඳින්විණ. මිනිස් වාසයෙන් තොර ගන කැලෑවෙන් යුත් එම ප්‍රදේශයේදී කෝට්ටේ රජු විසින් රාජ්‍යයේ විවිධ වැරදිකරුවන්ගේ හිස ගසා දැමීම කළ බවද එය සිදුකළේ අර නුග ගහ ආසන්නයේ බවද කියනු ලැබේ. ‘නුගෙන් එගොඩහට අරන් පල...’ යනු ඒ විධානය දෙන රජුගේ භාෂාව විය.

කෝට්ටේ රාජධානි සමයෙන් අනතුරුව එළැඹි පෘතුගීසි හා ලන්දේසි යුගවලදී කෝට්ටේ බහුලව තිබුණු ජල මාර්ග දියුණු කිරීමට ගෙන්වූ පිරිස් වාසස්ථාන කරවන ලද්දේ මේ ‘නුගෙන් එගොඩහ’ නොහොත් නුගෙන් එගොඩ ය. අනාදිමත් කාලයක ජනප්‍රවාදයේදී එය ‘නුගේගොඩ’ විණැයි කියනු ලැබේ.

සියවස් ගණනක් පුරා පැවැති මේ නුග ගස මෑත ඉතිහාසය දක්වාම තිබුණේ යැයි කීවොත් ඔබ පුදුමයට පත්වනු ඇත. මා මෙහි පළ කරන්නේ ඒ අනාදිමත් වෘක්ෂයේ සැබෑම සේයාරුවකි.

ජනප්‍රවාදය අනුව නුගේගොඩ පූර්වාරාම පාර, රූපසිංහ මාවත හන්දියේ තිබුණු මේ නුග ගස කපා දැමීමට මෑත ඉතිහාසයේ එක්තරා කාලයක කෝට්ටේ ගම් සභාව තීරණයක් ගත්තේ නගරයේ වැඩි දියුණුව සඳහා වන්නට පුළුවන. මේ කපා දැමීම සිදුකළ මිනිසුන් අද්භූත ලෙස මියගිය බවද ඊට හේතු වූයේ සියවස් ගණනක් පුරා පැවැති මෙම වෘක්ෂයට අරක් ගත් අදෘශ්‍යමාන බලවේගයක් බවද එකල මිනිසුන් විශ්වාස කළේය.

මා උපන්නේද හැදී වැඩුණේද අදත් ජීවත් වන්නේද නුගේගොඩ නගර සීමාව මායිමේය. මගේ මුළු ජීවිතයේ කිසිම කාලයක සැලකිය යුතු වකවානුවක් මගේ හුස්ම මේ සීමාවෙන් බැහැර වී නැත.

මගේ බාල වියේදී මා දුටු නුගේගොඩ යනු ඉතා සන්සුන්වූත් ජීවත්වීමට කදිම පරිසරයක් වටපිට තිබුණාවූත් පෙදෙස් සමූහයකි. ඒ පිළිබඳ මට ඇත්තේ ආපසු බැලීමෙන් විසිතුරු ස්වරූප ලබන්නා වූ මතකයන් රාශියකි. මගේ ස්මරණය රැඳී තිබෙන්නේ කුඩා අපත් සමග කොයි තරම් දුරට ඒ පරිසරය පෞද්ගලික සබඳතා මෙන්ම හාදකම් පැවැත්වූවා දැයි සිතා ගැනීමටත් අසීරු සෞන්දර්යකය. ඒ ගහ කොළ, වන වදුලු, වෙල්යාය සමග අඳුනන හා නාඳුනන කුරුල්ලන් සමග පුංචි අපි කතාබහ කළෙමු. නොයෙක් වර්ණවත් මාළු පැටවුන් අල්ලමින් දිය පාරවල් දිගේ ඇවිද ගියෙමු.

අප ජීවත් වූ සිංහල උළු පරණ මහ ගෙදරට ඉහත්තාවේ පුංචි තණ පිටියට උදේ පාන්දර හා පැටවුන් එනවා 70 දශකයේ මුල හරියේදීත් මට මතකය. ගෙය පිහිටි විශාල වත්ත කෙළවර ඕවිට සහ බෙලිපට්ටා වදුලෙන් මායිම් වූ දෙපාවෙන් පැන ‘මාවත කුඹුරට’ බට අපට නුගේගොඩ මෙට්රෝ සිනමාහල ළඟින් ශාන්ත ජෝන් විදුහලට එන්නට වැඩි වේලාවක් ගතවූයේ නැත. ඒ නිල්වන් වෙල්යාය හරහාය.

ඒ පැටි අවධියේම එක්තරා කාලයක අපේ තාත්තා මිලදී ගත් හම්බර් වර්ගයේ පා පැදියේ නංවා මා පාසල් රැගෙන ආවේය. රජයේ සේවයට කොළඹ යන ගමන් හීන්සීරුවේ නුගේගොඩට බයිසිකලය පැදගෙන එන තාත්තා නුගේගොඩ බෝ ගහ ළඟ සයිකලය නතර කර මුලින් ම කරන්නේ ආරියසිංහල සූට් බැනියම් සාක්කුවට අත දමා මට ශත 10 ක් දීමය. සැමන් පාන් පෙති දෙකක්ද පැටිස් එකක්ද කන්නට එය හොඳටම ප්‍රමාණවත් වුවද ඊට වඩා දෙන්නට ඒ කාලයේ වත් අපේ තාත්තාට පුළුවන්කමක් තිබී නැති බව මට වැටහුණේ ඊට බොහෝ කාලයක් ගත වූ පසුවය. කාසිය හෝ දෙක අතට දීමෙන් පසු තාත්තා කරන්නේ ඉතාම වටිනා වස්තුවක් අතින් අල්ලන්නාක් මෙන් උරහිසින් හිමින් සීරුවේ අල්ලා මා පාර පැන්නීමය. අනෙක් අයට ආඩම්බර පෙන්වන්නට මෙන් පාර දෙදරවා ගෙන යන යකඩ කඳන් මෙන් ලොකු කාර්, ජීප් එකල තිබුණේ නැති නිසා එහෙම අප යවන්නට අපේ මවුපියන්ට බයක් තිබුණේද නැත.

වෙන දෙයක් කියන්නට ගොස් මෙතරම් පූර්විකාවක් කීම ගැන ඔබගෙන් සමාව ඉල්ලීමට දැන් සිදුව තිබේ. ඒ නුගේගොඩ ඉතිහාසය ගැන අලුතින් යමක් දැන ගැනීම හොඳ හිතවත් පැරණි මිතුරකු යළි මුණගැසීම වැනි ඉතා භාවමය සතුටක් ඇති වන හැඟීම්බර දෙයක් ලෙස මට දැනෙන නිසාය. වෙන කෙනකුට වඩා පරම්පරාවේ “වැරැද්දක්” ලෙසින් ඒ අතීතකාමය මට දැනෙන නිසාය.

ඒ අර නුගේගොඩට නම දුන් නුග වෘක්ෂයට පමණක් දෙවැනි වන සුප්‍රකට නුගේගොඩ බෝ ගහ ගැන යමක් කියන්නටය. අෑත කාලයේ දවසක මේ බෝ පැළය නුගේගොඩ මෙතැන සිටවූවා යැයි කියන අපට අහම්බෙන් හමු වූ වියපත් පුද්ගලයාගේ කතාව කියන්නටය.

නුගේගොඩ බෝ ගස යනු අනාදිමත් කාලයක සිට මේ හතර දිග්භාගයේ බොහෝදෙනකුගේ හදවත සමග බැඳී තිබුණු වෘක්ෂයක් බව රහසක් නොවේ. අද ලෝකයේ කොයි කොදෙව්වක විසුවද කවදා හෝ අතීතයේ නුගේගොඩ ජීවිතය පසු කළ කෙනකුට ඒ ඇසුර, ඒ මතකය සිතින් බැහැර යන්නේ නැත. මේ බෝ ගස යට හමු නොවුණු, එතැන හමුවන්නට කතිකා කර නොගත් ආදරවන්තයකු ආදරවන්තියක මිතුරකු මිතුරියක මේ හතර දිග්භාගයේ සිටින්නට බැරිය. මේ අනාදිමත් කාලය මුළුල්ලේ එතැන මිමිනූ­ රහස් කතිකා කර ගත් දේ අනන්ත විය හැකිය. කොටින්ම එතැන සෙවණ ලබමින් කලින් කල ජීවිකාව ගෙන ගිය අහිංසක අබිසරු ලියක පතා නොපැමිණි රසවතකු ඇත්නම් ඒ කලාතුරකින් විය හැකිය. එදා මෙදා තුර ඔතැන පියමං කළ කෝටියක් ජනයා දෙඩූ කතාබහ, මිමිනූ රහස් කොච්චර නම් වෙන්නට ඇද්ද?

අපේ ජීවිතයේද ආදරයට යාන්තම් සිත විකසිත වී ගෙන ආ එක්තරා හිමිදිරියක සුදු ගවුමින් සැරසී පොත් මිටියත් තුරුලු කරගෙන ඔතැනට ආ අද කොහේ දැයි වත් නොදන්නා සම වයසේ බාලිකාවක් බලාපොරොත්තුවෙන් ගෙවූ කාලය කෙදිනකවත් මතකයෙන් බැහැර යන්නේ නැත.

ඒ නිසාම මෙතැන් සිට ඔබ මා අර කලින් කී අපූරු මිනිසාට සවන් දිය යුතුය.

මේ වන විට වයස අවුරුදු 90 ඉක්මවා යන තරමේ වාසනාවන්ත මීමුත්තා කෙනකු වන ඔහු නමින් ලැන්ටි හේවගේය. වැහිදිය සිත්තමක් මෙන් අතරින් පතර මතුවන මතකයන් සමගින් ඔහු අප සමග ‍දොඩමලු වූයේය. ඉතිහාසය කියවන්නට හැකි ඒ වියපත් මුහුණේ ඇඳී ඇති රේඛා මේ ආඩම්බරකාර අතීත කතාවේ අයිතිය කියාපාන්නක් මෙන් මට දැනිණ.

‘’මම ඉපදුණේ ගාල්ලෙ දංගෙදර. අපි හිටියෙ බද්දෙගම පාරෙ සපත්තු කඩේ හන්දියේ. තාත්ත හියාරේ. අම්මා තෙලිජ්ජවිල. මගේ තාත්ත ගොවියෙක්. ඒත් එක්කම එයා ඒ කාලෙ අපේ බාප්ප කෙනෙක් එක්ක එකතු වෙලා පොල්කටු අඟුරු පුච්චනවා. ඒව හොණ්ඩර ගාණට ගාල්ලට ගිහින් විකුණනවා. හැතැප්ම 12 ක් ගාල්ලට පයින් යනවා මේවත් කරේ තියාගෙන. එතකොට ඔය අද වගේ ඉස්තිරික්ක නෑ. පොල්කටු අඟුරු ඉස්තිරික්කවලින් තමයි රෙදි මදින්නෙ...

‘’ඒ කාලෙ ඉස්කෝලෙ යන්නෙ අවුරුදු 03 න්. මං ඉස්කෝලෙ ගිහිල්ලම නෑ. ඒක වුණේ මෙහෙමයි. අපේ තාත්ත රා මදිනවා. එක දවසක් තාත්ත වෙල කොට කොටා ඉන්නකොට අපේ අම්ම ඇවිත් කිව්වා අන්න රාලහාමිගෙ පුත්තු දෙන්න ඇවිත් ඔහේගෙ ගහේ රා බානවා කියල. තාත්ත උදැල්ලත් අරන් හනික ආවා. මල්ලි ගහේ. අයියා බිම. තාත්ත උදැල්ලත් කරට අරන් එන කොට රාළහාමිගෙ ලොකු පුතා දිව්වා. මල්ලි ගහෙන් බහිනකොටම තාත්ත ඔළුවට උදැල්ලෙන් ගැහැව්ව. හොඳ වෙලාවට උදලු පාර වැදුණේ පිට මැද්දෑවට. මිනිහ මේකත් කාගෙන දිව්වා. රාලහාමිගෙ පුත්තුනෙ. ඒ ගොල්ලන්ට ලයිෂන් තුවක්කුවක් තිබුණ. පස්සෙ මේ දෙන්න ඇවිත් තාත්තගෙ කකුලකට වෙඩි තිබ්බා. අන්තිමේ තාත්තගෙ කකුල කපන්න වුණා. ඊට පස්සෙ තාත්තට මුකුත් කර ගන්න බැරුව ගියා. ඒ නිසා මාව ඉස්කෝලෙ දැම්මෙ නෑ. තාත්තට උදවු කර ගෙන ඉන්න මට සිද්ධ වුණා... එතකොට අපේ තාත්ත අම්මව බැඳලා නෑ. තාත්තට බඳින කොටත් කකුලක් නෑ. කකුලක් නැතුව තමයි අපේ අම්ම තාත්තව බැඳලා තියෙන්නෙ...

‘’මම ටික ටික තරුණ වයසට එනකොට මගේ පොඩි අක්ක ගාල්ලෙ එයාගෙ යාළු ගෑනු ළමයෙක් එක්ක කොළඹ ආවා. යාළුව ක්‍රිස්තියානි. එයත් ගියා ක්‍රිස්තියානි එකට. ඔහොම ඉඳල අක්ක මාතලේ කෙනෙක් බැන්දා. ඒ මස්සිනා කළේ කරත්ත රස්සාව. කරත්ත හයර් කරනවා. ඉතින් අක්ක නැවතිලා හිටියෙ කිරුළපනේ පොඩි ගෙයක් කුලියට අරන්. මං අක්ක ළඟට ආව කිරුළපනේ. ඔය 1943 විතර.

‘’ඔහොම කාලයක් යන කොට අක්ක බැන්ද මස්සිනාට ඔය තවමත් තියෙන කොහුවල ක්‍රිස්තියානි සෙමනේරියේ රස්සාව හම්බ වුණා. කරත්ත රස්සාව අතඇරලා එයා සෙමනේරියේ කුක් වැඩේ කළා. ඔය සෙමනේරිය හදන්න පටන් ගත්ත කාලෙ. පස්සෙදි මෙයා ඒකෙ මේසන් වැඩේට බැස්සා... මටත් එතකොට මේසන් වැඩ ටික ටික පුළුවන්. ඔය කොහුවල සෙමනේරිය වත්තෙ හරියට ගස් තිබුණා. ගස් කපල වත්ත සුද්ද කරල සේමනේරිය මුලින්ම හැදුවෙ අපි....

‘’සෙමනේරියෙ වැඩ කරන ගමන් හවහට වැඩ ඉවර වුණාම ඇඳිරි වැටීගෙන එද්දි කොහුවල හන්දියට එන සිරිතක් මට තිබුණා. එතකොට කොහුවල හන්දිය හරි පුංචියි. කොහුවල හන්දියේ හිටිය පියදාස මුදලාලි කියල කෙසෙල්කැන් කඩයක් කරන කෙනෙක්. ඉතින් කෙසෙල් ගන්න එහෙම මං ඔය කඩේට යනව. ඉස්සර කිරලා නෙමෙයි කෙසෙල් දෙන්නෙ. උඩින් එල්ලනවා. බංකුවක් තියලා කපල ඇවරියක් දෙනවා...

‘’ඔහොම ඔය කඩේට ගිය දවසක පියදාස මුදලාලිගෙ කඩේ මුල්ලක තියෙනව බෑග් එකක දාලා බිත්තියට හේත්තු කරලා බෝ පැළයක්. පැට්රල් මැක්ස් එළියට මං දැක්කා. මං ඇහැව්ව මේ මොකටද කියලා. මට මේ යාළුවෙක් ගෙනත් දුන්නා. කොහේ හරි හිටවන්නයි තියාගත්තෙ කියල මෙයා කිව්වා. මං ඇහුව කොහේද හිටවන්නෙ. මේ මාර්කට් එක ඉස්සරහ එයා කිව්වා. මං කිව්ව ඔතැන හිටවන්න එපා. ඔතැන ඉඩ නැහැ. එතකොට කොහුවල මාර්කට් එක ඉස්සරහ මයිනර් හයර් ටැක්සි නවත්තනවා. කළු කියල කෙනෙක් තමයි කොහුවලට මුලින්ම මයිනර් එකක් ගෙනාවේ ආරච්චි මහත්තයත් එක්ක. ගුණදාස මුදලාලිගෙ කඩයකුත් තිබුණා. එයා ඒ කාලෙ සමසමාජ කණුවක්...

‘’දැන් මගෙන් ඇහුවා කොහේද හිටවන්නෙ. මං කිව්ව එහෙම තැනක් නෑ. අපි අරන් යමු අලුත් පාර හන්දිය පැත්තට කියලා. දවසක් ඇඳිරි වැටීගෙන එද්දි කඩේ තිබුණ කෙහෙල්මල්වලට ගහන කූරකුත් අරගෙන අපි ගියා හයිලෙවල් හන්දියට. ඒ කියන්නෙ ඔය අලුත් පාර හන්දියට...එතැන බස් හෝල්ට් එකක් තියෙනවා. ඔතැනට අරන් ගියා. මං කිව්ව මෙතැන හොඳයි නේද කියල... පස්සෙ දෙන්නා එක්ක පොඩි වළක් හාරලා බෝ පැළේ හිටෙව්වා. අද වගේ නෙවෙයිනෙ ඒ කාලෙ ඔය කොන්ක්‍රිට් පොළොව නෑ. අතින් තරමකට හෑරුවා...

‘’අද වගේ නෙවෙයි එතකොට එතැන. හරි පාළුයි. දෙහිවල පැත්තට තට්ටු දෙකේ කඩ පේළියක් තිබුණා. නුගේගොඩ එතැන තේ කඩයක් තිබුණා. ඉස්සරහ තිබුණේ සමරකෝන් ස්ටුඩියෝ එක විතරයි. එතැන ඉස්සරහත් මයිනර් ටැක්සි කීපයක් නවත්තලා තියෙනවා. කොහුවල පැරණි කෙනෙක් මාටින් මුදලාලිගෙ මයිනර් එක එහෙම තිබුණෙත් එතැන. එතැන ඉඳන් කැලේ වගේ ගස් පේළිය. ලොකු ගෙයක් දෙකක් තිබුණ. අනුලා එක පොල් අතු ඉස්කෝලෙ...

‘’ඒ කාලෙ අතින් තල්ලු කරන කරත්ත එනවා කුණු එකතු කරන්න. පාරෙ අතුගාන කුණු. ගස් කපන ඒව එහෙම දැන් අපිට බයයි කවුරු හරි මේක ගලෝලා වීසි කරයිද කියල..අපි දැන් අඩමානෙ ඉන්නෙ. දවසක් දෙකක් සතියක් ගියා. මුකුත් වුණේ නැහැ. හවහට හවහට අර තේ කඩෙන් සැරින් සැරේ වතුර ටික ටික ගෙනත් දැම්මා. අපි දෙන්න කතා වුණා පරෙස්සමට ගල් පේළියක් ගෙනැත් තියමු කියල. සති දෙකක් විතර යනකොට හවහක ඇවිත් ගල් පේළියකුත් වටේට ගෙනැත් තිබ්බා...

‘’ඔය අතරෙ ඩී. එස්. සේනානායක මහත්තයගේ කාලෙ අනුරාධපුරේ ඩෝසර් වැඩ කරන්නත් ටික කාලයක් මං ගිහින් හිටියා රොබට් කියල යාළුවෙක් එක්ක. කොහොම හරි ඒ ඇවිත් මං බැන්දෙ 1952 විතර. ඒ බැඳලා ජීවත් වුණේ කොහුවල අවට ගෙවල්වලමයි. මේ බෝ ගහ ටික ටික ලොකු වෙනවා යාන්තම් මතකයි. ඊට පස්සෙ වැඩි සෙවිල්ලක් බැලිල්ලක් වුණේ නැහැ....’’

විශාල ගුවන් පාලමක්, අහස සිඹින උස් ගොඩනැගිලි, කියා නිමකළ නොහැකි විපර්යාසයකට අද බඳුන් වී ඇති නුගේගොඩ අතීතයේ එක් දවසක මේ බෝ පැළය සිටවූ මිනිසාගේ කතාව මෙතැනින් හමාර කරමි.

එක දෙයක් ගැන ලියන විට එක දෙයක් ගැන සිතන විට තවත් බොහෝ දේ සිතට එයි. ඒ සාමාන්‍ය පුද්ගලයකුට වඩා වැඩි ආශාවක් නුගේගොඩ ගැන කතා කරන විට අපට දැනෙන නිසාය. ඒවා සියල්ලක්ම මේ පත්තර පිටුව මත ලියන්නට අවකාශ නැත. මෙච්චර ජනාකීර්ණ නගරයක ජීවත් වුවද හැම කෙනෙකුම අද පාළු අහස මෙන් හුදෙකලා වී සිටින බවක් මට දැනේ. දියුණුව යැයි අප අද පුරසාරම් ‍ෙදාඩන්නේ එයට හැර අන් කවරකටද? අදත් නුගේගොඩට යන නුගේගොඩ ගැන මතක් වන සිහි කරන හැම මොහොතකම සිහිවන සුන්දර මතකයන් තිබේ. ඒවා සිතින් ස්පර්ශ කරන්නට මම අදත් වෑයම් කරමි.

"මව්බිම"
තිස්ස කොරතොට


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top