මේ සති කීපය තුල සහෝදර සහෝදරියන්ගේ ආරවුල් නිසාවෙන් තම ජීවිතයෙන් වන්දී ගෙවූ මෙන්ම, බරපතල ලෙස තුවාල ලෑබූ පුද්ගලයින් පිළිබඳව අප ඔබ වෙත වාර්තා ගෙනආවා. එවන් ආකාරයේම පුවතක් නැවතත් මේ වන විට වාර්තා වෙනවා.
ඒ අයියා හා මල්ලී අතර ඇතිවූ ආරවුලක් දුරදිග යෑම නිසාවෙන් තම ජීවිතයෙන් සමුගත් සහෝදරයෙක් සම්බන්ධවයි.
තෙල්දෙණිය - දිගන ප්‍රදේශයේ නිවසක පදිංචි පිරිමි ළමයෙකු මෙලෙස මියගොස් ඇත්තේ කනේරු ඇට කැම හේතුවෙනුයි.
බරපතල තත්වයේ පසුවූ ඔහු මහනුවර රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇති බවට තෙල්දෙණිය පොලිසියට ලද තොරතුරත් මත මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය පිරිමි ළමයා වයස අවුරුදු 13 ක් වන අළුත්වත්ත” දිගන ලිපිනයේ පදිංචි ආනන්දන් රුක්ක්‍ෂාන් නම් වේ. මෙම මරණයට හේතු වී ඇත්තේ දෙමාපියන් නිවසේ නොසිටි අවස්ථාවේ තම බාල සහෝදරයා සමග රන්ඩු විම බවයි වාර්තා වන්නේ.
රණ්ඩුව දුරදිග යෑම නිසා නිවස අසල තිබු කනේරු ගසට නැග මොහු කනේරු ඇට කෑ බවට පොලිසිය කල විමර්ශනයේදි අනාවරනය වී ඇත.