දකුණේ සිට පොතුපරව් හා ලින්නා යන මාලු වර්ග මීගමුව වෙරළ තීරයට රැගෙන විත් අලෙවි කිරීමට එරෙහිව මීගමුව ධීවරයින් සිය ධීවර කටයුතුවලින් ඉවත් වී විරෝධතාව පළ කරන්නේ පසුගිය සඳුදා සිටයි.
ඒ සඳහා මීගමුව, කුට්ටිදුව, කම්මල්තොට, වැල්ලවීදිය, පළඟතුරේ, ඒත්තුකාල ආදී ප්‍රදේශවල ධීවරයින් එක් වී සිටිනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ දකුණු ප්‍රදේශයේ සිට මීගමුවට මාලු ගෙන ඒම හේතුවෙන් තම මාලු අස්වැන්න සාධාරණ මිලකට අලෙවි කරගත නොහැකි බවයි.
ඒ අනුව අදාළ ගැටලුව පිළිබඳ සාකච්ඡාවක් අද මීගමුව ශාන්ත මරියා දෙව්මැදුරේ දී පැවැත්වුණේ මීගමුව කලාපීය අනුනායක ගරු පැට්‍රික් පෙරේරා පියතුමා ඇතුළු පූජකවරුන්, ධීවර සමිති 21ක සාමාජිකයින්, කරවල නිෂ්පාදකයින්, ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න, බස්නාහිර පළාත් අමාත්‍ය නිමල් ලංසා යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන්.