මෙරට පවතින නීතියට අනුව අවුරුදු 21 න් පහළ කිසිවෙකුටත් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි කිරීම තහනම්. එසේ තිබියදී පාසැල් නිළ ඇඳුමෙන් පැමිණෙන දරුවන්ට පවා දුම්වැටි අලෙවි කරන වෙළදසැලක් පිළිබඳව හිරු CIA කණ්ඩායමට තොරතුරු වාර්තා වුනා.
මෙය පිහිටා ඇත්තේ මීගමුව ප්‍රධාන බස්නැවතුම්පල අසල වන අතර එම වෙළදසැලේ හිමිකරු විසින් වෙළදසැලට පැමිණෙන අයවලුන්ගේ වයස පිළිබඳව සැලකිල්ලක් නොදක්වා දුම්වැටි අලෙවි කරන ආකාරය CIA රහසිගත කැමරාවේද සටහන් වුනා.
වෙළදසැල පිටුපස වෙන්කරන ලද ස්ථානයක අමතර පන්තිවලට සහභාගී වන ළමුන්ට මෙන්ම පාසැල් නිළ ඇඳුමෙන් සැරසී පැමිණෙන ළමුන්ට කිසිදු බාධාවකින් තොරව දුම්වැටි පානයටද මෙහි ඉඩ වෙන්කරවා ඇති අතර මොවුන් දුම්වැටි අලෙවිකරන්නේ නීතීන් රාශියක් උල්ලංඝනය කරමිනුයි.
මේ පිළිබඳව හිරු CIA කණ්ඩායම මීගමුව පොලීසියද දැනුවත් කල අතර ඔවුන් එම ස්ථානයට පැමිණ, ඒ වනවිටත් පාසැල් නිළ ඇඳුමින් දුම්වැටි පානය කරමින් සිටි සිසුන් කීපදෙනෙකුම හඳුනාගනු ලැබුවා. එසේම ඔවුන්ට දැඩිලෙස අවවාද කර මුදාහැරුණු අතර වෙළදසැල් හිමියා පොලිසිය වෙත රැගෙනයනු ලැබුවා.
CIA කණ්ඩායම සොයාගත් තොරතුරු අනුව මෙම ස්ථානයට වැඩි වශයෙන් පැමිණෙන්නේ මෙවර සාමාන්‍ය පෙල විභාගයට පෙනීසිටින දරුවන් බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ.
CIA රහසිගත වීඩියෝව පහතින්...