කිලිනෙච්චිය ප්‍රදේශයේ අඩි 15ක් පමණ ජලයෙන් පිරී තිබූ වගා ළිඳකට හදීසියේම වැටුනු අවුරුද්දකුත් මාස 6ක් වයසැති කුඩා දරුවෙකු යුද හමුදා සෙබලූන් දෙදෙනෙකු විසින් එම ළිඳට පැන දරුවාගේ ජීවිතය බේරා දීමේ වීර ක්‍රියාවක නිරත වී ඇත.
කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මූලස්ථානයට අයත් 57වන සේනාංකයේ 574 වන බලසේනාවට අයත් ගම්මානයක පිහිටි වගා ළිඳකට අවුරුද්දකුත් මාස 06 ක් වයසැති සිවකුමාර් සිංදුජන් නැමති කුඩා දරුවා 6 දා සවස හදීසියේ වැටී ඇති අතර මේ පිළිබඳව දැනගත් දරුවාගේ මව විලාප නගන්නට විය.
මෙම විලාපය ඇසුනු 574 වන බලසේනාවේ ගජබා රෙජිමේන්තුවේ සේවයේ නිරත කෝප්‍රල් විජිත පෙරේරා සහ කෝප්‍රල් ඩී.එම්.ලීලාරත්න යන සෙබලූන් දෙදෙනාට ඇසීමෙන් ඔවුන් දෙදෙනාම එම අවස්ථාවේදීම අදාල ස්ථානයට දිව ගොස් ඇති අතර ළිඳ තුලට වැටී සිටි දරුවා දැක ඇත්තේ ළිඳට වැටි තිබූ ළනුවේ පැටලී ඇති අතර මේ හේතුව නිසා සුලූ වේලාවක් දරුවා ජලයේ පාවෙමින් සිට ඇති අතර නමුත් දරුවාගේ දැගලීම නිසා දරුවාට දැඩි ලෙසින් වතුර පෙවී ඇති බවත් සුලූ වේලාවකින් දරුවා ගිලීමට යන අයුරුත්ය.
අඩි 25ක් පමණ ගැඹුරින් යුතු වගා ළිඳට බසීම සඳහා ළිඳෙහි තිබූ කඹය ගෙන උත්සහයක නිරත වුනද සෙබලූන් දෙදෙනාට අය අසීරු වී ඇති අතර ප්‍රමාද වීමෙන් දරුවාගේ ජීවිතය අහිමි වන බව දැන ගත් සෙබලූන් දෙදෙනා එම අවස්ථාවේදීම ළිදේ ලණුව කටින් අල්ලා ළිඳට පැන ඇති අතර දරුවා බේරා ඉතා ඉක්මණින් ගොඩට ගෙන දරුවාට පෙවී තිබූ ජලය උදරයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.