Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
05
තරුණයෙක් සීනිගම දේවාලය ගෙදර කියලා සුද්දෙකුට විකුණලා - Photos

- තරුණයෙක් සීනිගම දේවාලය ගෙදර කියලා සුද්දෙකුට විකුණලා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16 Views

ජර්මන් ජාතිකයකු වැල්ලේ කොල්ලෙක්ගේ ගැටවලට හසුවූ හැටි...

නිවස බේරගන්න පුළුවන්. ඒත් තව ටික කාලයයි තියෙන්නේ. බැංකුවට මුදල් දමන්න ඕන...

විදේශිකයෙකු රවටා හික්කඩුව සීනීගම දේවාලය නිවස යැයි කියා විකිණු බව කියන පුවතක් වාර්තාවනවා. සති අන්ත පුවත්පතක ඇති එම සටහන පහතින් බලන්න.


හික්‌කඩුව වෙරළ තීරයේ දෙස්‌ විදෙස්‌ සංචාරකයන් විශාල පිරිසක්‌ ඒ මේ අත ඇවිදිමින් එහි සුන්දරත්වය පහස විඳිමින් සිටියහ. මේ අතර කෙසඟ සිරුරකින් යුත් තරුණයකු වැල්ලේ වාඩි වී මුහුද දෙස බලාගත් අත බලාගෙන සිටියේය. වෙරළ තීරයේ සුන්දරත්වය විඳිමින් වෙරළ තීරය දිගේ ඇවිද යමින් සිටි ජර්මන් ජාතිකයකු මෙම තරුණයාගේ ඉරියව්ව දෙස ඕනෑකමින් බලාගෙන සිටියේය.

දෙවැනි දිනයේ ද මෙකී ජර්මන් ජාතිකයා හික්‌කඩුව වෙරළ තීරයේ පහස විඳ දරාගැනීමට වෙරළ තීරයට පැමිණ සිටියේය. පෙර කී අර තරුණයා එදිනද වැල්ලේ වාඩි වි ඈත දියඹ දෙස බලාගෙන සිටියේය. අනික්‌ අය වැල්ලේ දුව පැන ඇවිදිමින් විනෝද වෙද්දී මෙම තරුණයා මේ අයුරින් සිටින්නේ ඇයිද යන්න පිළිබඳ ජර්මානුවා තුළ කුතුහලයක්‌ ඇති විය. ඔහු තරුණයා දෙස මහත් ඕනෑකමින් බලාගෙන ගියේය. මොහුට තරුණයා සමඟ කතා කිරීමට අවශ්‍ය වුවත් ඔහු එදින තරුණයා සමඟ කථා කළේ නැත.

තෙවැනි දිනද ජර්මන් ජාතිකයා අඳුර වැටීගෙන එන්නට ඔන්න මෙන්න තියා හික්‌කඩුව වැල්ලට පැමිණියේය. එදිනද අර තරුණයා භාවනා කරන්නාක්‌ මෙන් වැල්ලේ වාඩි වී මුහුද දෙස බලාගෙන සිටියේය. හේ බර කල්පනාවක වැටී සිටියේය. මෙම තරුණයාගේ මුහුණින් දිස්‌වුයේ දැඩි කළකිරුණු ස්‌වභාවයකි. එදින ජර්මන් ජාතිකයා මෙම තරුණයා අසලට ගොස්‌ ඔහුත් සමඟ සිනහසුණේය. තරුණයාටද ජර්මන් භාෂාව හොඳින් කථා කළ හැකිය. "මා උඹ ගැන දින කිහිපයක්‌ නිරීක්‌ෂණය කළා. ඇයි නුඹ මුහුද දිහා බලාගෙන කල්පනා කරන්නේ..." ජර්මන් ජාතිකයා ඇසුවේය.

"ඔයාට පේනවා නේද අර මුහුද මැද තියෙන ගෙය. ඒ ගෙදර අපේ තාත්තාට තමයි තිබුණේ. අපේ අම්මා මිය ගිහින් වැඩි කාලයක්‌ නැහැ. අම්මා නැතිවුණාට පස්‌සේ තාත්තා ගොඩක්‌ අසරණ වුණා. ආර්ථික ප්‍රශ්න ගොඩක්‌ ඇති වුණා. තාත්තා වෙළෙඳාම් කරන්න මුදල් පොලියට අරගෙන තිබුණා. අන්තිමට තාත්තාට ඒ ණය ගෙවා ගන්න බැරිවුණා. ණය කාරයන් ගෙදරට එන්න පටන් ගත්තා. තාත්තාට පොලීකාරයන් තර්ජනය කරන්න පටන් ගත්තා. තාත්තා මුහුද මැද තියෙන ගෙදර බැංකුවට උගස්‌ කළා. දැන් ඒ ගෙදර බැංකුවට සින්න වෙන්න යන්නේ. මීට කලිනුත් අපේ තාත්තාට තිබූ ගෙයක්‌ බැංකුවට සින්න වුණා. මේවා ගැන සිතමින් තමයි මම කල්පනා කරන්නේ..." තරුණයා ජර්මන් ජාතිකයාට කීවේය.

මේ තරුණයාගේ කථාව ඇසීමෙන් ජර්මන් ජාතිකයාට තරුණයා ගැන මහත් අනුකම්පාවක්‌ ඇති විය. ඔහුගේ හිත සසල වූයේය. "ඔයා කලබල වෙන්න එපා. ගෙදර බේරගන්න පුළුවන්ද කියලා බලන්න..." ජර්මන් ජාතිකයා කීවේය. "ඔව්. නිවස බේරගන්න පුළුවන්. ඒත් තව ටික කාලයයි තියෙන්නේ. බැංකුවට මුදල් දමන්න ඕන..." තරුණයා කීවේය. "හරි උඹ කලබල වෙන්න එපා මම උඹට උදව් කරන්නම්" ජර්මානුවා කිවේය. ජර්මානුවාගේ මේ කතාවත් සමඟ තරුණයා හා ජර්මන් ජාතිකයා අතර ඇතිවූයේ දැඩි මිතු දමකි.

එක්‌ දිනක්‌ තරුණයා විසින් ජර්මානු ජාතිකයා දැනට මොවුන් පදිංචිව සිටින නිවස වෙත කැඳවාගෙන ගියේය. එම නිවසේ ඉදිරිපස තරුණයාගේ ඡායාරූපයක්‌ද අලවා තිබුණේය. වයස්‌ගත අයකු පියා ලෙස හඳුන්වා දුන්නේය. තම පවුලේ දේපළ බැංකුවට සින්න වීම ගැන මේ වයස්‌ගත පුද්ගලයාද කථා කළේය. ජර්මානුවාට මෙම තරුණයාගේ පවුලේ තොරතුරු දැන ගැනීමෙන් තව තවත් ඔහු කෙරෙහි විශ්වාසයක්‌ ගොඩ නැගුණි.

"මේ නිවස බේරාදීමට මම කටයුතු කරන්නම්. මගේ ළඟ දැන් සල්ලි නැහැ. ජර්මනියට ගිහින් මම සල්ලි එවන්නම්..." ජර්මන් ජාතිකයා කීවේය. එසේ කියූ ජර්මානුවා තරුණයාගෙන් ගිණුම් අංක ඇතුළු අවශ්‍ය තොරතුරු ඉල්ලා ගත්තේය.

ඔහු මුහුද මැද තිබෙන මෙකී ස්‌ථානයේ ඡායාරූපද ලබා ගත්තේය. මුහුද මැද තියෙන මේ වගේ ස්‌ථානයක්‌ මට කවදාවත් හමුවෙලා නැහැ. හරිම සුන්දර ස්‌ථානයක්‌.

ජර්මන් ජාතිකයා ජර්මනියට ගොස්‌ මුලින් තරුණයාට නිවස බේරා ගැනීම සඳහා මුදලින් කොටසක්‌ එව්වේය. ඉතිරි මුදලුත් රැගෙන ඊළඟ වතාවේ මෙරටට එන බව හේ තරුණයාට කීවේය. මෙකී නිවස ජර්මන් ජාතිකයාට පැවරීමටද මොවුන් අතර එකඟතාවක්‌ ඇති විය.

ජර්මන් ජාතිකයා ජර්මනියේ තම හිතවතුන්ටද මුහුද මැද පිහිටි මෙකී නිවස ගැන කීවේය. මට ලංකාවෙන් මුහුද මැද තියෙන ගෙයක්‌ හමුවුණා. එතන හරිම සුන්දර ස්‌ථානයක්‌. ඒ වගේ තැනක්‌ කිසිදු විදේශිකයකුට හමුවෙලා නැහැ. ජර්මානුවා ජර්මනියේ තම හිතවතුන් සමඟ මහත් උජාරුවෙන් කීවේය. විදේශිකයන් ගෙන්වා එහි හෝටලයක්‌ පටන් ගැනීමටද ජර්මන් ජාතිකයාගේ අරමුණ විය.

ජර්මන් ජාතිකයා බලාපොරොත්තු ගොන්නක්‌ පොදි බැඳගෙන තම බිරිඳ සමඟ යළි මෙරටට පැමිණියේය. හේ තරුණයාගේ නිවසට ගොස්‌ ඔහු හමුවුණේය. මෙන්න ඉතිරි මුදල දැන් එම නිවස බේරාගන්න ජර්මානුවා තරුණයාට කීවේය. ඔක්‌කොම හරි. දැන් මම උඹේ නමට ඒ නිවස පවරලා දෙනවා... තරුණයා කීවේය. තරුණයාගේ මේ කථාවට ජර්මානුවාගේ ඉහේ මලක්‌ පිපුණා වැනිය. තරුණයා සටකපට අයෙකි. මීට ඉහතදීත් ඔහු විදේශිකයන් ගණනාවක්‌ මුළා කළ අයෙකි.

තරුණයා මේ කරන්නේ රැවටීමක්‌ බව ජර්මන් ජාතිකයා දැන සිටියේ නැත. හේ මුහුද මැද තිබෙන නිවස කියා පෙන්වූයේ හික්‌කඩුව සීනිගම දෙවොල් දෙවියන් වැඩ වසන දේවාලයයි. අපේ ඇත්තන් පළි ගැසීමට, මිරිස්‌ ඇඹරීමට හා දෙවොල් දෙවියන්ට කන්නලව් කිරීමට යන්නේ මුහුද මැද පිහිටි මෙම දේවාලයටයි. තරුණයා විසින් ජර්මන් ජාතිකයා ඉතා හොඳින් අන්දවා තිබුණේය. ජර්මානුවා මෙය දේවාලයක්‌ බව නොදැන සිටියේය. මුහුද මැද පිහිටි මෙකී ස්‌ථානය ජර්මානුවාගේ සිත් ඇද බැඳගෙන තිබුණි.

මේ කිසිවක්‌ නොදත් ජර්මානුවා ඔරුකාරයකුද කථා කරගෙන මුහුද මැද පිහිටි මෙකී ස්‌ථානය වෙත ගියේ තම බිරිඳ සමගය. මේ ගෙදර මම මිලදී ගත්තා. විදේශිකයා දේවාලයේ සිටි අයකුට කීවේය. මේක ගෙදරක්‌ නෙවෙයි මේක දේවාලයක්‌. වැඳුම් පිදුම් කරන ස්‌ථානයක්‌. එහි සිටි අයකු ජර්මානුවාට කීවේය. එහෙත් එම කතාව ජර්මානුවා විශ්වාස කළේ නැත. උඹ විශාල වංචාවකට හසුවෙලා තියෙන්නේ. මේක දෙවොල් දෙවියන් වැඩ වසන දේවාලය. එහි සිටි අයකු ජර්මන් ජාතිකයාට කීවේය. පසුව ඔහු පෙර කී තරුණයා සොයාගෙන ඔහු සිටි නිවසට ආවේය.

තරුණයාවත් නිවසේ සිටි මහලු පුද්ගලයාවත් එම නිවසේ සිටියේ නැත. අර තරුණයා ජර්මානුවාට පොල්ල තියා මාරුවී ගොස්‌ තිබුණි. ජර්මානුවා එම නිවසට යන විට එහි සිටියේ වෙනත් පවුලකි. ඒ අයගෙන් මෙම තරුණයා ගැන තොරතුරු විමසුවද ඔවුන් ද තරුණයා ගැන තොරතුරු නොදැන සිටියහ. ජර්මානුවාද මෙකී තරුණයාගේ ගැටයට හසු වූයේය. මෙය මීට වසර හත අටකට පමණ ඉහතදී හික්‌කඩුව ප්‍රදේශයෙන් ඇසුණු සත්‍ය කතාවකි. මේ කතාව පවසා ඇත්තේ නීතිඥ තුෂාර ද සිල්වා මහතා යි.

"ජර්මන් ජාතිකයා පොලිසියටද පැමිණිලි කරලා තියෙනවා. නමුත් වැඩක්‌ වුණේ නැහැ. තරුණයා කවුද කියලවත් හොයා ගන්න නැහැ. මුදල් එවපු ගිණුම් පරීක්‌ෂා කරලා තරුණයාට විරුද්ධව අධිකරණයේ නඩුවක්‌ වුණත් දමන්න පුළුවන්. නඩුවක්‌ ගොනු කළත් මෙම ජර්මානුවා ඉන්න ඕන සාක්‌ෂි දෙන්න. නමුත් ඔහු ලංකාවේ ඉන්නේ නැහැ නේ. නමුත් නඩුව ඉදිරියට ගෙනි යන්න බැරි නිසා විත්තිකරු නිදහස්‌ වෙනවා. විදේශිකයින් අපේ අයගේ ගැටවලට හසුවූ කතාන්දර තවත් ගොඩක්‌ තියෙනවා" යෑයිද තුෂාර ද සිල්වා මහතා පවසා තිබෙනවා.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post





Edex


Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top