ඇගේ සුන්දර ගායනයට වගේම, ඇගේ අහිංසක සුන්දරත්වයටත් ආදරය කරන විශාල පිරිසක් සමාජ මාධ්‍ය පුරාවටම ඉන්නවා.
නිරන්තරයෙන්ම සිය චාරිකා සහ ආදරණීය මතකයන් මුහුණු පොත හරහා රසිකයන් එක්ක හුවමාරු කරගන්නා කාංචනා, ඔන්න මේ පාරත් හරිම අපූරු, සිත්ගන්නාසුලු ඡායාරූප එකතුවක් තමන්ගේ ගිණුමට එකතු කරලා තිබුණා.
මේ සුන්දර රූප රාමු පෙළ ඇය කැමරා කාචයට සටහන් කරගෙන තිබුණේ ඉතාලියේ අතිශය මනරම් ඩොලමයිට්ස් (Dolomites) කඳුකර ප්‍රදේශයේදී. හිමිදිරි උදෑසන කාලයේ, මීදුමෙන් වැසුණු පරිසරයක ඇය ගත් මේ මනකල් රූප රාමු දැක්ක ඕනෑම කෙනෙකුගේ ඇස් දෙක නතර වෙනවා නොඅනුමානයි.
ස්වාභාවික සිරියාවයි, කාංචනාගේ සුන්දරත්වයයි එකතු වුණාම ඒ ඡායාරූපවලට ලැබිලා තියෙන්නේ වෙනස්ම ආකාරයේ ජීවයක්. රසිකයන් සිය දහස් ගණනින් මේ ඡායාරූපවලට ආදරය ප්‍රකාශ කරමින් ප්‍රතිචාර දක්වන්නටත් පටන් අරන්.
ඔයාලත් බලන්නකෝ ඉතාලියේ සුන්දර පරිසරයක, හිමිදිරි උදෑසනක සටහන් වුණු කාංචනා අනුරාධිගේ මේ අලංකාර රූප රාමු පෙළ කොහොමද කියලා...
