ඒ තමයි එයා තරගවලට පාවිච්චි කරපු, මීටර් 90 සීමාව පහුකරලා රෙකෝඩ් තියපු වටිනා ක්‍රීඩා උපකරණ (හෙල්ල) ටික ගුවන් ගමන අතරතුරදී සම්පූර්ණයෙන්ම කැඩිලා විනාශ වෙලා තිබුණ එක.
මේක නම් ඇත්තටම අපරාධයක් නේද? මේ විනාශ වෙලා තිබුණේ ඉස්සරහට එන ආසියානු ක්‍රීඩා උළෙල, ලෝක ශූරතාවලිය වගේම 2028 ඔලිම්පික් එකටත් පාවිච්චි කරන්න රුමේෂ් බලාපොරොත්තුවෙන් හිටපු ජාත්‍යන්තර මට්ටමේ හෙල්ල 5ක්!
මේ සිද්ධිය ගැන රුමේෂ් කරපු පැමිණිල්ලත් එක්ක සෝෂල් මීඩියාවල ලොකු කතාබහක් සහ විරෝධයක් ඇතිවුණා. ඊයේ (15) සිවිල් ගුවන් සේවා අධිකාරියේදී මේ ගැන විශේෂ සාකච්ඡාවක්ම කැඳවලා තිබුණේ ඒ නිසයි.
වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මේ සාකච්ඡාවට අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්. මංගල, සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල, සභාපති විශ්‍රාමික කර්නල් රංජිත් රාජසිංහ ඇතුළු ලොක්කෝ සෙට් එකක්ම වගේම, Turkish Airlines ආයතනයේ නියෝජිතයිනුත් සහභාගි වෙලා හිටියා.
තමන්ගේ ගුවන් සේවයෙන් ලෝක ශූරයෙකුගේ වටිනා ක්‍රීඩා උපකරණවලට වුණු මේ බරපතළ හානිය ගැන Turkish Airlines නියෝජිතයින් එතැනදී දැඩි කනගාටුව පළ කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ සිද්ධිය ගැන අභ්‍යන්තර පරීක්ෂණයක් කරලා, උපකරණවලට වෙලා තියෙන පාඩුව හරියටම ගණනය කරලා, ඒ වෙනුවෙන් ප්‍රමාද නොකර ඉක්මනින්ම වන්දි මුදලක් (ප්‍රතිපූරණය) ගෙවන්නත් ඒ අය එකඟ වෙලා තියෙනවා.
කොහොම වුණත් අපේ ලෝක ශූරයාගේ හිතට තමන් ආදරය කරපු උපකරණ ටික විනාශ වීම ගැන ලොකු දුකක් දැනුණත්, මොනවා කරන්නද, වැරදීමක් වෙන්න ඇති. මම ඉස්සරහට යනවා කියලා එයා කියපු කතාවෙන් පේන්නේ අපේ කොල්ලා මේවයින් වැටෙන්නේ නෑ කියන එකයි.
ඉක්මනින්ම මේ ප්‍රශ්නය විසඳිලා රුමේෂ්ට අලුත්ම හෙල්ල ටිකක් එක්ක ආයෙමත් තරග බිමට බහින්න පුළුවන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු!