අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වාහන කාණ්ඩ සඳහා ලබාදෙන ඉන්ධන ප්‍රමාණයන් සැලකිය යුතු ලෙස ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.
මෝටර් රථ සඳහා මෙතෙක් පැවති ඉන්ධන ප්‍රමාණය ලීටර 10 කින් ඉහළ දමා ඇති අතර, ඒ අනුව අද සිට මෝටර් රථ හිමියන්ට ලීටර් 25 ක ඉන්ධන කෝටාවක් හිමිවනු ඇත. ත්‍රී රෝද රථ සඳහා මෙතෙක් ලබාදුන් ලීටර 15 ක ප්‍රමාණය ලීටර 20 ක් දක්වාත්, මෝටර් බයිසිකල් සඳහා පැවති ලීටර 5 ක ප්‍රමාණය ලීටර 8 ක් දක්වාත් ඉහළ දමා තිබේ.
බස් රථ සඳහා පැවති ඉන්ධන ප්‍රමාණය එකපාරටම ලීටර 40 කින් ඉහළ දමා ඇති අතර, එහි නව ප්‍රමාණය ලීටර 100 ක් ලෙස සටහන් වේ. වෑන් රථ සඳහා ලීටර 50 ක් ද, ඉඩම් වාහන සඳහා ලීටර 55 ක් ද ලබාදීමට රජය තීරණය කර තිබේ.