ඇයගේ මරණය බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (BNP) විසින් නිල වශයෙන් තහවුරු කර තිබේ.
ඇය වසර කිහිපයක සිටම අක්මාවේ සිරෝසිස්, දියවැඩියාව, ආතරයිටිස් මෙන්ම පපුවේ සහ හෘද රෝග රැසකින් දැඩි ලෙස පීඩා වින්දාය. පසුගිය නොවැම්බර් 23 වැනිදා තත්ත්වය අසාධ්‍ය වීම හේතුවෙන් ඇයව ඩකා නුවර එවර්කෙයාර් (Evercare) රෝහලට ඇතුළත් කෙරුණු අතර, එතැන් පටන් ඇය පසුවූයේ මරණයත් සමඟ සටනක යෙදෙමිනි.
දෙසැම්බර් 11 වැනිදා සිට ඇයගේ ස්වාභාවික ස්වසන ක්‍රියාවලිය ඇණහිටි අතර, ඇය මෙලොව ජීවත් වූයේ කෘතිම ස්වසන ආධාරක යන්ත්‍ර (Ventilator) මගිනි. පසුගිය ඉරිදා වන විට ඇය අතිශය බරපතල තත්ත්වයක පසුවන බව වෛද්‍යවරුන් ප්‍රකාශ කළ අතර, සියලු උත්සාහයන් ව්‍යර්ථ කරමින් අද දිනයේ ඇය මෙලොව හැර ගියාය.
බංග්ලාදේශයේ දේශපාලන බල අරගල හමුවේ නොසැලී සිටි ඛලීඩා සියා, එරට හිටපු ජනාධිපති සියාර් රහ්මාන්ගේ බිරිඳයි. ස්වාමියාගේ අභාවයෙන් පසු පක්ෂ නායකත්වය භාරගත් ඇය, බංග්ලාදේශයේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සහ කාන්තා නායකත්වය වෙනුවෙන් කළ මෙහෙවර ඉතිහාසයට එක්ව තිබේ.
ඇයගේ අභාවය වෙනුවෙන් බංග්ලාදේශය පුරා ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර, ඇයගේ පාක්ෂිකයන් දහස් ගණනින් ඩකා නුවර වෙත ඇදී එමින් පවතින බව වාර්තා වේ.