පසුගිය 16 වැනිදා පාසල යළි ආරම්භ කළත්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් කළ හදිසි පරීක්ෂාවකින් හෙළි වී ඇත්තේ පාසලට ඉහළින් පිහිටි "රජ පිහිල්ල මාවත" ප්‍රදේශය ස්ථාන කිහිපයකින් දැනටමත් නායයෑමට ලක්ව ඇති බවයි. වැස්ස දිගටම පැවතුණහොත් පාසලට ඉහළින් ඇති කොටස ඕනෑම මොහොතක කඩා වැටීමේ අවදානමක් පවතින බව සඳහන්.
වඩාත්ම භයානක තත්ත්වය වන්නේ පාසලට ඉහළින් ඇති කඳු බෑවුමේ හෝටල් සහ නිවාස රැසක් ඉදි කර තිබීමයි. යම් හෙයකින් නායයෑමක් සිදු වුවහොත් ඒ සියලු ගොඩනැගිලි පාසලේ ගොඩනැගිලි මතට කඩා වැටීමේ දරුණු අවදානමක් පවතින බවයි වාර්තා වෙන්නේ.
මහනුවර කඳුකර ප්‍රදේශ රැසකම මේ වන විට නායයෑමේ අවදානම් පවතින අතර, රජ පිහිල්ල මාවත අවට පදිංචිකරුවන්ටද දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස දැනුම් දී තිබෙනවා.