ජෝන් සීනා සිය දශක දෙකක ක්‍රීඩා ජීවිතයේ අවසන් වළලු තුළ (WWE) තරගයට හෙට (14) මුහුණ දීමට නියමිත බවට වාර්තා වෙලා තියෙනවා. මෙම අවසන් තරගය සඳහා ඔහු මුහුණ දෙන්නේ GUNTHER සමගින්, Saturday Night’s Main Event නමැති තරගාවලියේදී බවයි සඳහන් වෙලා තියෙන්නේ.
මේ තරඟයේ තියෙන විශේෂත්වය තමයි ජෝන් සීනාගේ වසර 20ක විශිෂ්ට වෘත්තීය ජීවිතයේ කූටප්‍රාප්තිය සනිටුහන් කිරීම. මෙම කාලය තුළ ඔහු වෘත්තීය රෙස්ලින් ක්‍රීඩාවේ වඩාත්ම සාර්ථක සහ හඳුනාගත හැකි තරුවක් බවට පත්වෙමින් අමතක නොවන අවස්ථා සහ ශූරතා රැසක් ලබා දුන්නා.
ලෝකයේ ගොඩක් දෙනෙකුට තිබුණ ප්‍රශනයක් තමයි ජෝන් සීනා සමඟ අවසන් තරගයේ සටන් කරන ප්‍රතිවාදියා කවුද කියන එක. ඔහුගේ අවසන් ප්‍රතිවාදියා තේරීම සඳහා "Last Time Is Now" නමින් විශේෂ තරගාවලියක් පවත්වලා තියෙනවා. එහි ජයග්‍රහණය GUNTHER හිමිකර ගැනීමත් සමග මෙම අවසන් සටන සඳහා පසුබිම නිර්මාණය වෙලා තියෙනවා.
මෙම තරගය ඔහුගේ බලය මත පදනම් වූ ප්‍රහාරාත්මක ක්‍රමය සහ GUNTHER ගේ නිරවද්‍ය තාක්ෂණික හා දරුණු පහරදීමේ ක්‍රමය අතර වෙනස් වූ ගැටුමක් වනු ඇති බවටයි තොරතුරු වාර්තා වෙලා තියෙන්නේ.
Saturday Night’s Main Event තරගාවලිය අමෙරිකානු ප්‍රේක්ෂකයින් සඳහා එදින රාත්‍රී 08:00ට ආරම්භ වෙනවා වගේම ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයින්ට තරගය නරඹන්නට ලැබෙන්නේ දෙසැම්බර් 15 වන ඉරිදා උදෑසන 06:30ටයි.