මුලින්ම මේ වැඩේ නොවැම්බර් 26ට පටන් ගත්තා වගේම දෙසැම්බර් 05ට ඉවර වෙන්න තිබුණා. හැබැයි රටේ තිබුණු ආපදා තත්වය නිසා තවත් සතියක් කල් දීලා තියෙනවා.
මේ දවස්වල සමාජ මාධ්‍ය පුරාම කටකතා පැතිරෙනවා, 2026 වසරේ 6 ශ්‍රේණියට ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත සිසුන් ඇතුළත් වීමේ පළමු අභියාචනා ඉදිරිපත් කිරීම පටන් අරන් කියලා.නමුත්, අධ්‍යාපන අමාත්‍යාංශය කියන්නේ මේවා ඔක්කොම 'අසත්‍ය ප්‍රචාර' කියලා.
ඒ කියන්නේ තවම ඒ ගැන කිසිම නිල නිවේදනයක් නිකුත් කරලා නැහැ. අධ්‍යාපන අමාත්‍යාංශය පැහැදිලිවම කියනවා, 2026 වසරේ 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය සිදුවන්නේ මෙහෙමයි. ජනවාරි මාසයේදී පළමු වටයෙන් තේරී පත් වූ සිසුන් පාසල්වලට ඇතුළත් කරනවා. ඊට පසුව ඉතුරු වන පුරප්පාඩු (හිස් තැන්) සඳහා තමයි ඔන්ලයින් ක්‍රමයට අභියාචනා අයදුම්පත් කැඳවීම කරන්නේ.