නානුඔය පොලිසිය කියන්නේ මේ අනතුර වෙලා තියෙන්නේ බරපතළ රියදුරු අත්වැරැද්දක් නිසා කියලා... මේ පිරිස දවස් හතරක් තිස්සේ නුවරඑළිය නගරයයි, පොදු ස්ථානයි අතුගාලා, පිරිසිදු කරලා තියෙනවා. වැඩ ඉවර කරලා ඔවුන් නුවරඑළියේ සිට රදැල්ල කෙටි මාර්ගය හරහා කළුතර බලා එමින් ඉඳලා තියෙනවා.
අධික බෑවුම් සහිත සමර්සෙට් වත්ත ප්‍රදේශයේදී තමයි මේ බිහිසුණු සිදුවීම වෙලා තියෙන්නේ. එකපාරටම බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත වෙලා.... ඩ්‍රයිවර්ට බස් එක පාලනය කරගන්න බැරි වෙලා තියෙන්නේ මේ නිසා.
රියදුරුගේ පාලනයෙන් මිදුණු බස් රථය පාරෙන් ඉවතට ගිහින් පස් කන්දක වැදිලා නතර වෙලා තියෙනවා. අනතුරේ බරපතළකම නිසා බස් රථයට දැඩි අලාභ හානි සිදු වෙලා කියලා තමයි දැන ගන්න ලැබුණේ.
නානුඔය පොලිසිය සඳහන් කරන්නේ, අනතුරට පත් වුණු බස් රථයේ රියදුරා මේ මාර්ගයේ බර වාහන ධාවනය තහනම් කර ඇති බව දැනගෙන නැහැ කියලයි.
ඒත් වාසනාවකට,මේ අනතුරින් කිසිම කෙනෙකුට හානියක් වෙලා නැහැ.ඒක ඇත්තටම හාස්කමක්.