රටතුළ පවතින ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම මාසය තුළ ගෑස් මිලෙහි වෙනසක් සිදු නොකිරීමට තීරණය කළ බවයි අධ්‍යක්ෂකවරයා සඳහන් කරන්නේ.
ඒ අනුව 12.5kg ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,100ක්ව පවතින අතර 5kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පවතින්නේ රුපියල් 1,645ක් ලෙසයි.