ඒ අනුව, රාජාංගණය ජලාශයේ වාන් දොරටු 4ක් සහ අංගමුව වැවේ වාන් දොරටු 2ක් දැනට විවෘත කරලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ.
අධික ජල මට්ටම පාලනය කිරීමේ අරමුණින් මෙම වාන් දොරටු මෙලෙස විවෘත කර ඇති අතර මෙම ජලාශවලින් කළු ඔය වෙත ජලය මුදා හැරීම හේතුවෙන් පහත් බිම්වල ජීවත් වන ජනතාව ඉතා අවධානයෙන් පසුවිය යුතු බවද සඳහන් වෙනවා.