කැපී පෙනෙන සුඛෝපභෝගී වාහන ලියාපදිංචි කිරීම් අතරට, Porsche රථ 5 ක් (2 Cayman, 1 Carrera, 1 Macan), Bentley රථ 4 ක් (3 Flying Spurs, 1 Bantagaya), සහ තනි Lamborghini Urus මෝටර් රථයක් ලියාපදිංචි කර තිබුණා.
කෙසේවෙතත් මෙරට අලුත්ම සුඛෝපභෝගී ඉහළ පෙළේ වාහන ආනයන අංශයේ ප්‍රමුඛයා බවට පත්ව ඇත්තේ Mercedes-Benz වාහනයි. ඒ මර්සිඩීස් බෙන්ස් වාහන ඒකක 28 ක් වාර්තා කරමින්. මෙම අලුත්ම වාහන අතරට Mercedes-Benz GLB වාහන 9ක්, C-Class වාහන 3ක්, E-Class වාහන 4ක්, සහ S-Class වාහන 2ක් ද ඇතුළත් බවයි සඳහන් වෙන්නේ.
පාවිච්චි කරන ලද (pre-owned) වාහන අංශයේද Mercedes-Benz ඉදිරියෙන් සිටින බවයි අදාළ වාර්තාවේ දැක්වෙන්නේ. ඒ පෙර භාවිත කළ බෙන්ස් වාහන 54 ක් ලියාපදිංචි කරමින්. මෙයට C-Class වාහන 18ක්, E-Class වාහන 13ක්, S-Class වාහන 1ක්, සහ GLB වාහන 12ක් ඇතුළත්.
අනෙකුත් සුඛෝපභෝගී වාහන වෙළඳ නාම අතර, Audi ඒකක 37 ක් වාර්තා කර තිබෙනවා. එහි ප්‍රධාන වශයෙන් A3 වාහන 28ක් ඇතුළත්.
Lexus වාහන 15 ක් (LX 7 සහ LBX 5 ඇතුළුව) ලියාපදිංචි වී තිබුණා. BMW වාහන 17 ක් (X7 (2), X5 (1), X1 (4), සහ 2 Series (5) ඇතුළුව) වාර්තා කළා.
එහිදී මෝටර් රථ 380 ක් වූ අතර, එය ප්‍රධාන වශයෙන් රුපියල් ලක්ෂ 50ට අඩුවෙන් අලෙවියට තබා ඇති BAW වාහන 263ක් සහ Wuling වාහන 79ක් ඇතුළත් වනවා.
BYD සම්බන්ධයෙන් මෝටර් ධාරිතාව පිළිබඳ විමර්ශන අවසන් වන තෙක් වාහන රේගුවේ රඳවා තබා ගැනීම හේතුවෙන්, එම වෙළඳ නාමයෙන් අලුතින් ලියාපදිංචි වී ඇත්තේ වාහන 4 ක් පමණයි.
SUV විදුලි (EV) වාහන 115 ක් ලියාපදිංචි වූ අතර, GAC වාහන 46ක් සහ ෂැංගන් වාහන 30ක් ලියාපදිංචි කර තිබෙනවා. BYD වාහන 27 ක් (ATTO-2 වාහන 19 ක් ඇතුළුව) වාර්තා කර තිබුණා. ද්වි රෝද රථ EV ලියාපදිංචි කිරීම් වාහන ගණන 3,478 ක්. Yadea වාහන 1,799 ක් මෙම අංශයේ ප්‍රමුඛ වී තිබෙනවා.
ගෙවුණු සැප්තැම්බර් මාසයේදී සුඛෝපභෝගී වාහන ආනයනයෙන් රජයට රුපියල් බිලියන 98 ක බදු ආදායමක් ලැබී ඇති බවයි නවතම වාර්තා පෙන්වා දෙන්නේ.
ඔක්තෝබර් මාසයේ වාහන ලියාපදිංචි කිරීමේ සංඛ්‍යාලේඛන අනුව, එම මාසයේදී සමස්ත විද්‍යුත් වාහන ලියාපදිංචි කිරීම් ගණන 4,025 ක්.