අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ රජය පිළිගත් උපාධි ප්‍රදානය කරන ආයතන 18ක් මගින් පිරිනැමෙන උපාධි පාඨමාලා 131ක් සඳහා පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ සිසුන් බදවා ගැනීමට අයැදුම්පත් කැඳවලා තියෙනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, 2022, 2023 හා 2024 වසරවල උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුන්ට මේ සඳහා අයැදුම්පත් ඉදිරිපත් කළ හැකි බවයි.
ඒ සඳහා වන අයදුම්පත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශ නිල වෙබ් අඩෙවිය වෙත පිවිසීමෙන් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.