ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංකට ඇතුලු ක්‍රීඩකයින් කිහිපදෙනෙකුට වෛරස් උණ රෝගී තත්ත්වය වැළදී ඇති බවට ආරංචිමාර්ග වලින් දැන ගන්න ලැබිලා තියෙනවා.
ඒ හේතුවෙන් නායක චරිත් අසලංකට අද ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් ඒ වෙනුවට කුසල් මෙන්ඩිස් නායකත්වය දරනු ඇති බවටයි එම ආරංචි මාර්ග වලින් දැන ගන්නට ලැබෙන්නේ..
විශේෂම කාරණය නම් ශ්‍රී ලංකා කණ්ඩායමේ කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක් ද සිදුවනු ඇති බවට වාර්තා වීමයි. මුල් තරග 2 පරාජය වී තරගාවලි පරාජයක් ලබා සිටින ශ්‍රි ලංකා කණ්ඩායම පූර්ණ තරගාවලි පරාජයකින් වැළැකීමට අද තරගයේ ජයග්‍රහණය තීරණාත්මක වනවා.