අදාල බෝගයන් වගා කරන ගොවින් මැසිවිලි නගන්නේ තමන් වගා කරන වට්ටක්කා සහ දේශීය ලොකු ලූනුවලට සාධාරණ මිලක් නොමැති බවයි. මෙහිදී විශේෂයෙන්ම රජරට කලාපයේ පාරම්පරික වට්ටක්කා වගා කරන ගොවීන් ද සිය අස්වනු විකුණාගත නොහැකිව මේ වනවිට දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බවට තොරතුරු වාර්තා වෙලා තියෙනවා.
ගොවීන් ප්‍රකාශ කළේ වට්ටක්කා කිලෝවක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් 20ත් 50ත් අතර මිලකට බවයි. මේ අතර, ලොකු ලූනු අස්වැන්න සඳහා නිසි මිලක් නොමැති වීම හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇලහැර ගොවිජන ව්‍යාපාරයේ ඉකිරිවැව, ගඟේයාය, ජයසිරිපුර, නිකපිටිය, සරුබිම සහ බටුහේන යන ගම්මානවල ගොවීන් දැඩි පීඩාවට පත්ව සිටිනවා.
කෙසේ නමුත් ගොවින් වගකිව යුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තම අස්වනු වලට නිසි මිලක් ලබා දෙන ලෙසයි. මෙවැනි වගාවන් තවදුරටත් නොසකලා හරින්නේ නම් රටේ අනාගත දැක්ම සහ ගොවීන්ගේ අනාගතගතයට කුමක් වෙයිද?