චීනය විසින් 1949 වර්ෂයෙන් පසු විශාලතම තනි රන් නිධිය හොයාගෙන තියෙනවා.
එරට ස්වභාවික සම්පත් අමාත්‍යාංශය පවසන පරිදි, ඊසානදිග ලියාඕනිං පළාතේ පිහිටි ඩැඩොන්ගූ රන් ආකරයේ තහවුරු කරන ලද සමස්ත රන් ලෝහ ප්‍රමාණය ටොන් 1,444.49 ක්.
මෙම නිධිය මහා පරිමාණ, විවෘත පතලක් ලෙස වර්ගීකරණය කරලා තියෙනවා කියලා තමයි විදෙස් වාර්තා වල දැක්වෙන්නේ. අදාළ රන් ආකරය හඳුනාගෙන ඇත්තේ අසාමාන්‍ය ලෙස වේගවත් වූ මාස 15ක ගවේෂණ ක්‍රියාවලියකින් පසුව වන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.
මෙම සොයාගැනීම අනාගතයේදී උසස් තත්ත්වයේ ඛනිජ සමීක්ෂණ සඳහා ආදර්ශයක් බවට පත් විය හැකි බවට සඳහන් වනවා.