මෙම සන්ධිස්ථානය, සමාගමේ සිව්වන ක්‍රියාකාරී බැලූනය සනිටුහන් කරන අතර, ශ්‍රී ලංකාවේ උණුසුම් වායු බැලූන් කර්මාන්තය තවදුරටත් ශක්තිමත් කරනු ලබනවා.
සංචාරක කර්මාන්තය සඳහා නව අත්දැකීම් ලබා දෙමින් දියත් කෙරෙන මෙම බැලූන 2025-2026 ශ්‍රී ලංකා බැලූන් සමය නිල වශයෙන් ආරම්භ කරනු ලබනවා. දිවයිනේ විස්මිත සුන්දරත්වය අහසින් අත්විඳීමට ලොව පුරා සංචාරකයින්ට මින් අවස්ථාව උදා වීමද විශේෂත්වයකි.
මෙම නව එකතු කිරීම Uluer Group විසින් ලබා ගන්නා ලද 53 වන උණුසුම් වායු බැලූනය වන අතර, ගෝලීය බැලූන්කරණයේ විශිෂ්ටත්වය, ආරක්ෂාව සහ නවෝත්පාදනය සඳහා ඔවුන්ගේ අඛණ්ඩ කැපවීම අවධාරණය කරනු ලබනවා.