නොවැම්බර් මාසයට අදාළව අස්වැසුම දීමනාව හෙට (13) බැංකු ගිණුම් වෙත බැර කෙරෙන බව සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කර සිටිනවා. ඒ අනුව ප්‍රතිලාභී පවුල් 1,415,738ක් සඳහා නොවැම්බර් මාසයේ දී අස්වැසුම දීමනා ලබා දීමට නියමිතව ඇති බවයි වාර්තා වෙලා තියෙන්නේ.
ඒ අනුව,මෙම දීමනාව ලබා දීම සඳහා රුපියල් බිලියන 11.2කට වැඩි මුදලක් වෙන් කර ඇති බවද සඳහන් වනවා.